Sunday, April 24, 2011

ක්‍රිකට්‌ තාලය වෙනස්‌ වෙලා

ක්‍රිකට්‌ ක්‍රීඩාවකි. ඒත් ඉන්දියාවේ නම් එය ආගමකි. එංගලන්තයේ ඉපදවූ ක්‍රිකට්‌වලට ඉන්දියාවේදී වැඳුම් පිදුම් පවා ලැබේ. ඒ ක්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සැලකිලි ලැබෙයි. ඉන්දියාවේ තරම් ක්‍රිකට්‌ ජනප්‍රිය කළ හැකි වෙන කිසිදු රටක්‌ මේ ලෝකයේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය අයි. පී. එල්. ය. අයිපීඑල්වලට සල්ලි ගංගා ගලා එති. සල්ලිවලින් නෑවෙන්නට අකැමැත්තෝ මේ ලොවේ නොවෙති. ඒ නිසා අයිපීඑල්වලට ලොව සතර දිග්භාගයේම වැඩකාරයෝ වෙති. ධනපතියෝ ඔවුන් කැඳවති.


එසේම අයිපීඑල් ක්‍රිකට්‌ චමත්කාරජනකය. එහි අමුතු ආකර්ෂණයක්‌ ඇත්තේය. විවිධ රටවල ක්‍රීඩකයෝ එකට එකතුව ක්‍රීඩා කරති, මවුබිමේ සහෝදර ක්‍රීඩකයන් පරාද කිරීමට වෙන රටවල ක්‍රීඩකයන් සමග කුමන්ත්‍රණ කරති. ජාති කිහිපයක සංකලනයන් එහි ඇත්තේය. ඒ අයිපීඑල් හි ඇති පෙනෙන වාසීන්ය. ඒත් එහි නොපෙනෙන වාසි හැම එකක්‌ම ඉන්දියාවටය. අලුත් ක්‍රීඩකයන් බිහි වන්නේ ඉන්දියාවටය. වැඩිලාභයද ඉන්දියාවට මිස ලංකාවට හෝ වෙනත් රටකට නොවේ.

අයිපීඑල් තරගාවලියට මෙවරද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දස දෙනෙක්‌ පමණ නියෝජනය කරති. ඒ අතරින් මහේලට සහ සංගක්‌කාරට කණ්‌ඩායම් දෙකක නායකත්වයද භාරදී ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක්‌ එක්‌කර දී ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසන පරිදි නම් ඒ ගෞරවය තවත් දින කිහිපයකට සීමාවේ. මන්ද මැයි මස 05 වැනිදාට පෙර ඒ සියලුම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබීමයි.

ඒ එළැඹෙන එංගලන්ත සංචාරය හේතුවෙනි. ඒ සඳහා නව නායකයකු ද පත්කර තිබේ. ඒ තිලකරත්න ඩිල්ෂාන්ය. සංගක්‌කාරගේ ඉවත්වීමෙන් හිස්‌වුණු නායකත්වය ඩිල්ෂාන්ට හිමිවීම අරුමයක්‌ නොවේ. මහේල ද එය ප්‍රතික්‌ෂේප කරන කල්හි ඩිල්ෂාන් හැරෙන්නට සුදුස්‌සකු කණ්‌ඩායම තුළ නැත. එහෙත් ඩිල්ෂාන්ට ඒ නායකත්වය අභියෝගයක්‌ වීම වැළැක්‌විය නොහැක. එංගලන්ත සංචාරය ඔහුට ප්‍රබල අභියෝගයක්‌ වනු ඇත. ඔහුට නායකත්වයේ පළමු පාඩම ක්‍රිකට්‌ උපන් දේශයෙන්ම ලැබීමද එක්‌තරා අතකට හොඳ දෙයකි.

එහෙත් ඉන්දියාවෙන් ලැබෙන ආරංචි අනුව නම් අයිපීඑල් ගිය ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයට එතරම් සූදානමක්‌ නැති බව පැවැසේ.

Friday, April 22, 2011

Sanga n Wife - Cute story





 
Sanga's Wife: Why are you always inside the house? can't you go n get me some vegetables?

Sanga: I don't know what people will say about our loss. i can't go out.
 
wife: you put on my Saree n go.. no one will recognize you
 
Sanga: ok
 
<at the super market>
 
...A lady: hey Sanga why are you in a Saree??
 
Sanga: how did you recognize me?

 
Lady: YAKO MAMA MAHELA!"  

Wednesday, April 20, 2011

ගොත ගැසීම මගහරවා ගන්නට මහරජු ගෙන් පාඩමක්‌


වසරේ හොඳ ම චිත්‍රපටය ලෙසින් මෙවර "ඔස්‌කාර්" සම්මානය හිමි වූයේ KING'S SPEECH චිත්‍රපටයට ය. ගොත ගැසීමේ සහජ ආබාධයට ගොදුරු වූ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු එකී දුබලතාව ජයග්‍රහණය කළ අයුරු විදහා දැක්‌වෙන මෙකී විශිෂ්ට සිනමා කෘතිය වෙත අසීමාන්තික ප්‍රේක්‍ෂක අවධානයක්‌ යොමු ව ඇති බැව් මේ වන විට දැකගත හැකි ව තිබේ. 

KING'S SPEECH සිනමා කෘතිය ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වූයේ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු මහජන දේශන පැවැත්වීමේ දී දැක්‌වූ සහජ සහ සත්‍යමය දුබලතාව ප්‍රබල සිනමාත්මක භාෂාවක්‌ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කිරීම හේතුවෙනි. එසේ ම එය හය වැනි ජෝර්ඡ් රජු ගේ සැබෑ ජීවිතය පදනම් කරගත්, සත්‍යවාදී සිනමා කෘතියක්‌ ද වෙයි. 

මෙකී චිත්‍රපටය තුළින් මහජන දේශනයක්‌, වඩාත් සාර්ථක හා චතුර ලෙසින් පැවැත්වීම පිළිබඳව පූර්වාදර්ශයන් රැසක්‌ ම, සියලු වර්ගයන්හි සන්නිවේදකයන් වෙත ලබා දෙනු ලබයි. පහත ගොනු කර දැක්‌වෙන්නේ මෙකී සිනමා කෘතිය තුළින් ප්‍රකාශිත එකී කරුණු ය. 

1. පොදු දේශනයක්‌ පැවැත්වීම පිළිබඳව කිසියම් අපහසුතාවකින් පෙළෙන්නේ නම් කිසිදු විටක දී හෝ ඒ සඳහා වූ උත්සාහය අත් නො හරින්න. ගැටලුව හඳුනාගැනීමත්, එය විසඳීම කෙරෙහිත් අවධානය යොමු කරන්න. තමන් හට ගැටලුවක්‌ පවතින බැව් පිළිගන්න. 

කිරින්ද සෙලවේ

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තිස්‌ස ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ කිරින්ද යාල හන්දියේ සිදු වූ භූමියේ සුළු චලනයකින් පසු නිවාස 6 ක බිත්ති පුපුරා ගොස්‌ එක්‌ නිවසකට බරපතළ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය "දිවයින" ට පැවැසීය.

මෙය කිසිදු ආකාරයක භූ කම්පනයක්‌ නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය හා භූ විද්‍යා පතල් කැණීමේ කාර්යාංශය වාර්තා කර තිබේ. 

මෙහිදී ජීවිත හානි කිසිවක්‌ සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්‍ෂණ කණ්‌ඩායමක්‌ පර්යේෂණ පවත්වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි. 

පෙරේදා රාත්‍රී ශබ්දයක්‌ සමග මෙම භූ කම්පනය සිදුවී ඇති අතර මෙම කම්පනය තිස්‌සමහාරාම කිරින්ද ප්‍රදේශයට පමණක්‌ සිදුවී තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කිරින්ද පදිංචි ඩබ්ලිව්. සිරියලතා මහත්මිය පැවසුවේ "අපි රාත්‍රි කාලා නිදාගත්තා. ටික වේලාවකින් ජනෙල් දිඩි දිඩි ගාලා ගැහුනා. ඒ එක්‌කම ගෙදර ආච්එක කැඩිලා බිමට සමතලා වුණා. අපි බිම බැලුවාම පොළව පැළිලා වැලි යටට යනවා පෙනුණා" යෑයි පැවසීය.



තුෂාරි කළුබෝවිල සහ කතරගම කේ. ඩී. දේවප්‍රිය

Sunday, April 17, 2011

Mind Reading

Letter To Ex-Girl Friend (May Be Usefull To You...)


ෆොන්සේකා ගැන පැනමා යයි

තමන් විසින මෙයට පෙර ලෝක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම පිළිබඳ පැමිණිල්ල මෙවර සැසිවාරයේදී විභාගයට ගැනෙන බැවින් ඒ සඳහා සහභාගී වීම සඳහා පැනමා රාජ්‍යය බලා පිටත්වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ 124 වන සැසිවාරය බවත් ඒ සඳහා තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගී

Largest animal on planet is in Sri Lanka

මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

Saturday, April 16, 2011

සමහරක්‌ යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?

සමාජය දෙස බලද්දි යුවතියන් තමාට වඩා වයසින් බොහෝ වැඩි පිරිමින්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. එම පදනම මත ඇතිවන ආදර සබඳකම් දුරදිග යැම මත, බොහෝ අවස්‌ථාවලදි ඇයට විවාහවීමට සිදුවන්නේද අවුරුදු 10 හෝ 15 ක්‌ වැඩිමල් පිරිමියෙකු සමඟිනි. 

මෙසේ වයසින් වැඩිමල් පිරිමියෙකුට ආදරය කිරීමට යුවතියන් බොහෝ විට පෙළඹෙන්නේ එකට කාර්යාලයක සේවය කරද්දි හෝ තමා සමඟ නිබඳවම ගැටෙන නැති පිරිමියෙකු සමඟිනි. එයට අමතරව, මෙසේ ඇතිකර ගන්නා පෙම් සබඳතාවක පිරිමියා බොහෝ විට විවාහකයෙකු වීමටද හැකිය. 

ප්‍රබල මානසික බැඳීමක්‌ 

බොහෝ අවස්‌ථාවලදී යුවතියන්, තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පෙම් සබඳතා ඇතිකර ගන්නේ, ප්‍රබල මානසික බැඳීමක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එහෙයින් එම යුවතිය සම වයස්‌ තරුණයෙකු සමඟ ඇතිකර ගන්නා පෙම් සබඳතාවකට වඩා, මෙය බොහෝ ප්‍රබලත්වයක්‌ පෙන්නුම් කරයි. මන්ද මෙහි පදනම වන්නේ, දැඩි දයාබරත්වයකි. උණුසුමකි. ගොඩනගා ගැනීමට බලපාන හේතු බොහොමයකි. මෙය සහමුලින්ම වැඩිකාලයක්‌ එකට සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇතිවන්නකි. බොහෝ යුවතියන්ට තමාගේ පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ දයාබරත්වය හා සමීපබව නොලැබේ.

ටියුෂන් තහනම

නූතන සමාජයේ ඕනෑම පුද්ගලයකුට නැතිවම බැරි උපකාරාත්මක සාධකයකි අධ්‍යාපනය. විවෘත සමාජය තුළ රැකියාවක්‌ කිරීමට දැනුම ලබා ගැනීමට. වෙනත් ප්‍රතිලාභ ලැබීමට මෙම උපකාරාත්මක සාධකය අත්‍යවශ්‍ය ය. මෙහිදී එම දැනුම ලබා ගන්නා වූ විවිධ මංමාවත් විවෘතව තිබුණත් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

විවෘත සමාජය තුළ ජීවත් වීමේදී වටිනා කමක්‌ ලැබීමට, සුදුසුකමක්‌ ලැබීමට දැනුම ලබන්නට නිර්මාණය වූ මංපෙත් නිසා මෙහි යම් තරගකාරී රටාවක්‌ බිහි වී තිබෙනවා. 

විවෘත ආර්ථික රටාව තුළ සියල්ලට ම මිලක්‌ නියම වී ඇතිවා සේම අධ්‍යාපනය දෙන්නාටද, ලබන්නාටද එක්‌තරා ආකාරයකට මිලක්‌ නියම වී ඇත.

කාන්තාවට අඩන්තේට්‌ටම් කිරීමට එරෙහිව පවතින නීතිය

"සාපරාධී බලහත්කාරය", "අඩන්තේට්‌ටම් කිරීම" ආදී වචන අප පුවත්පත් වාර්තාකරණයේ දී මෙන් ම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයන්හිදීද නිරන්තරයෙන් අසා ඇත. එහෙත් ඒ වචනවල සැබෑ අරුත මෙන්ම, එම ක්‍රියාවන්හි නෛතික ප්‍රතිඵලයන් මොනවාදැයි බොහෝ දෙනෙක්‌ නොදනිති. 


ඉහත නිර්වචනයන් දෙවර්ගයම අප රටේ ස්‌ථාපිත දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් වේ. සාපරාධී බලහත්කාරය සහ අඩන්තේට්‌ටම් කිරීම සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තීන් කාන්තාවන්ට පමණක්‌ සීමා වූ ඒවා නොවේ. නමුත් බහුල ලෙස මෙම වරදවලින් පීඩා වට ලක්‌වන්නේ කාන්තාවෝ ය. 

"අඩන්තේට්‌ටම් කිරීම" යනු යම් කාන්තාවක්‌ වෙත සාපරාධී බලහත්කාරය පාවිච්චි කිරීම පිළිබඳ බියක්‌ ඇය තුළ ඇති කිරිමේ අදහසින් හෝ, බියක්‌ ඇති කළ හැකි යෑයි සිතිය හැකි ක්‍රියා කලාපයක්‌ මාර්ගයෙන් යම් ක්‍රියාවක්‌ කිරීමයි. 

උදාහරණයක්‌ ලෙස A විසින් B නමැති කාන්තාව වෙත මිට මොළවයි. මෙහිදි ඊ නැමැති කාන්තාවට පහරදීමක්‌ ආසන්න යෑයි විශ්වාස කෙරේ නම් හෝ, පහරදීමක්‌ විමට ඉඩ ඇති බව අදහස්‌ වේ නම්, එවිට A විසින් B නැමති කාන්තාවට අඩන්තේට්‌ටමක්‌ කළා සේ සැළකේ. 

දවස පටන් ගන්න ආයුර්වේද උපදෙස්‌

මෙලොව ජනිත වන සෑම පුද්ගලයෙකුම ජීවිත කාලය තුලදී විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම ස්‌වභාවිකය. නමුත් නිතර නිතර අසනීපවීමට කිසිවෙකු කැමති නොවනු ඇත. රෝගවලට ගොදුරු නොවී නිරෝගී ජිවිතයක්‌ ගත කිරීමට හැකි නම් එය ඉතා භාග්‍ය සම්පන්නය.


එබැවින් රෝග වැළදීම ස්‌වභාවික වුව ද නිරෝගිකම රැකගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම වේදයන් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක්‌ ලබාගෙන ඒ අනුව තමන්ගේ දින චරියාව සකස්‌ කර ගත හැකි නම් බොහෝ දුරට ලෙඩ දුක්‌වලින් මිදී නිරෝගී ජීවිතයක්‌ ගත කළ හැක.


නිරෝගී ජීවිතයකට මග පාදා දෙන අගනා කරුණු රාශියක්‌ ආයුර්වේදය පෙන්වා දී ඇත. මෙහි සඳහන් වන එම අගනා කරුණු පිළිබඳව ඔබ ද සැලකිලිමත් වන්නේ නම් නිරෝගිකම රැක ගැනීමට එය පිටිවහලක්‌ වනු ඇත. දෛනිකව මෙම නිවැරදි පිළිවෙත් හුරු පුරුදු කර ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

පැලෝපීය නාළය තුළ ඇතිවන පිළිසිඳගැනීම්

කාන්තා ප්‍රජනක පද්ධතියේ ඉතා වැදගත් අවයවයක්‌ ලෙස පැලෝපීය නාළය හඳුන්වාදිය හැකිය. පැලෝපීය නාළ දෙකක්‌ ගර්භාෂයේ කෙළවර දෙකට සම්බන්ධ වී ස්‍රොaණියෙන් එළියට නිරාවරණයවීමක්‌ වේ. පැලෝපීය නාළයේ මූලික කාර්යවන්නේ ඩිම්බකෝෂයෙන් නිකුත් වන ඩිම්බ ගර්භාෂය කරා යොමු කිරීම සහ පැලෝපීය නාළය තුළදී එම ඩිම්බ ගර්භාෂය හරහා ඉහළට එන ශුක්‍රාණු සමග සංසේචනය වීම සඳහා සුදුසු පරිසරයක්‌ නිර්මාණය කිරීමයි. 

පැලෝපීය නාළය තුළ තිබෙනා කුහරය ඉතා සියුම් කුහරයක්‌ ලෙස පෙන්වාදිය හැකියි. අපි එය හඳුන්වාදෙනු ලබන්නේ කෙස්‌ ගහක තරම් ප්‍රමාණයක්‌ යනුවෙනි. 

කන්‍යා භාවය පරීක්‌ෂා කිරීම පිරිසිදුකමේ මිණුම වීම සාධාරණ ද?


මහාමායා, යශෝධරා යන උත්තමාවන් ආශ්‍රයෙන් සිංහල කාන්තාවගේ චරිතය සංවර්ධනය විය. මනා ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් බුද්ධකාලීන සිටු දියණියක වූ විශාඛාව හෙළ වනිතාවගේ චරිත සංවර්ධනයට පරමාදර්ශයක්‌ විය.

චිරන්තන සිංහල සාහිත්‍යයේ ස්‌ත්‍රිය උත්කර්ෂයට නැංවී ඇතත් ඇය "පවිටු සත්ත්ව කෙනෙකැ" යි යන මතය තහවුරු කිරීමට ඉදිරිපත් කොට ඇති කතා ප්‍රවෘත්තීන් ද සුලබය. උත්තම කාන්තාවකගේ මූලික ලක්‌ෂණයක්‌ නම් පතිධර්මය ආරක්‌ෂා කිරීමය. වෙස්‌සන්තර ජාතක කතාවේ මද්‍රි දේවී පරමාදර්ශී ස්‌ත්‍රියකි. ඈ වෙස්‌සන්තර රජු සමග විවාහ වීමෙන් පසු පතිවෘතයත් එයට පෙර කුමරි බඹසරත් දිවි හිමියෙන් රකින්නට ඇති බවට කිසි ම සැකයක්‌ නැත. කුණාල ජාතකයේ අතුරු කතාවල සඳහන් ස්‌ත්‍රීන් විවාහ වන්නට පෙර ද නොහික්‌මුණු ජීවිත ගත කරන්නට ඇති බව සිතිය හැකිය. මා මේ වට රවුමෙන් ප්‍රවේශ වන්නට උත්සාහ කරන්නේ ස්‌ත්‍රියකගේ පවිත්‍ර අපවිත්‍රබවට බෙහෙවින් තුඩු දෙන ඇගේ කන්‍යා වෘතය පිළිබඳ සාකච්ඡා කරන්නටය. 

කෑගල්ලට ගණිකා ඇසුර පතා ආවොත් සේසතම පුදා යන්න වෙයිලු!


ගණිකාවන්ගේ පහස ලබාගැනීමට කෑගල්ල නගරයට පැමිණෙන පිරිමි පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් මඳ දුරක්‌ කැඳවාගෙන ගොස්‌ පසුව ඔවුන්ට අමානුෂික ලෙස පහරදී ඔවුන් සතු මුදල් හා රන් භාණ්‌ඩ කොල්ලකා පලා යන ගණිකා වෘත්තියේ නියෑලුන කාන්තාවන් දෙදෙනකු හා ඔවුන්ට එම කොල්ලකෑම් සිදුකිරීමට ආධාර හා අනුබල දුන් පිරිමි පුද්ගලයකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත් කෑගල්ල මූලස්‌ථාන පොලිසිය පසුගියදා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක සමන් කේ. සේනානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු කෑගල්ල නගරයේදී කොටුකරගෙන තිබේ.

සරසවි ඇදුරන්ගේ තීරණයට ගුරු සංගම් සහාය


ලබන අගෝස්‌තු මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඇගැයීම් ක්‍රියාවලියෙන් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ඇති තීරණයට සහය පළ කරන බව ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම සංගම් එහි මෙසේද සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට විසඳුමක්‌ ඉල්ලා බලකරන ක්‍රියාමාර්ගයක්‌ ලෙස උසස්‌ පෙළ ඇගයීම් ක්‍රියාවලියෙන් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර ඇත.

වැටුප් අරගල හමුවේ මුනිවත රකින රජයේ බලධාරීන්ගේ ඇස්‌ ඇරවීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දරන ප්‍රයත්නයට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට අප සංගම් ද තීරණය කර ඇති බව මෙයින් දන්වමු.

Wednesday, April 13, 2011

17, 18 සහ 22 දිනවල සිදු වන භූමිකම්පා තුනක්‌ ගැන අපේ විද්‍යාඥයකු ගෙන් අනාවැකියක්‌ ඇති වන්නේ චිලී, ආජන්ටිනාව හා නවසීලන්තය ආශ්‍රිතවයි

භූමිකම්පා මේ දිනවල පොදු ජනයා අතර අතිශය කතා බහට ලක්‌ වන මාතෘකාවක්‌ වී තිබේ. කෙතරම් දියුණු රටක්‌ වුව ද ස්‌වභාවධර්මයා ගේ උදහස හමුවේ දණින් වැටීමට සිදු වූ ජපානය මේ කතිකාවතෙහි ආසන්නතම උත්ප්‍රේරකයයි. මහා පරිමාණයේ න්‍යෂ්ටික විනාශයක්‌ දක්‌වා යා හැකි ව තිබූ භූමිකම්පාවේ අතුරු කථාව ද මේ අවධානය ඊට දිනා දීමට මුල් විය.

වාසනාවන්ත පිහිටුමක පිහිටා ඇති අපේ රට භූමිකම්පාවක්‌ බඳු ව්‍යසනයකට සෘජුව ම නිරාවරණය වීමට ඉඩක්‌ නොමැති වුවත් සුනාමි බඳු අමතක කළ නොහැකි විනාශයක්‌ ඒ හා අත්වැල් බැඳගෙන පැමිණීමට ඇති ඉඩ සුළුපටු නො වේ. අනෙක්‌ අතට මෑතකාලීනව ලෝක විනාශයක හාහෝවක්‌ ලෝකය පුරා පැතිර ගොස්‌ තිබීම මේ සංසිද්ධිය බරපතළ ලෙස කතාබහට ලක්‌ වීමට හේතුවක්‌ වී ඇත.

භූමිකම්පාව ලෝකය පුරා මිනිසුන් මුහුණ දෙන විනාශකාරී ස්‌වාභාවික ව්‍යසනයන් අතරින් එකක්‌ පමණි. එහෙත් මිනිසා භූමිකම්පාවට මෙතරම් බිය වන්නේත් එය ඉදිරියේ අසරණ වන්නේත් ඇයි? ඊට දිය හැකි සරල පැහැදිලි ම හේතුව නම් භූමිකම්පා පිළිබඳ අප සතු ව ඇති නොදැනුවත්කමයි. භූමිකම්පාව පමණක්‌ නො ව සුළි කුණාටු, ගංවතුර ආදී අනෙකුත් ස්‌වාභාවික ව්‍යසනයන් ද මැඬලීමට තාක්‌ෂණිකව උසස්‌ යෑයි කියා ගන්නා මිනිසා තවමත් සමත් ව නැත. එසේ වුව ද එබඳු සංසිද්ධීන් ඇති වීමට හේතුවත්, සිදු වන ආකාරයත් ගැන සැලකිය යුතු මට්‌ටමකට ඉගෙනගෙන ඇති මිනිසා එම දැනුම උපකාරී කරගෙන එබඳු ව්‍යසනයන් කල් තියා පුරෝකථනය කිරීමට සමත් වී ඇති අතර ඒ හරහා එයින් සිදු වන හානිය අවම කරගැනීමට හැකි වී තිබේ.

මහරගම අවට නිවෙස්‌ සුද්ධ කළ හොරා පොලිස්‌ දෙදෙනෙක්‌ දැලේ (නිල ඇඳුම් සපයා ඇත්තේ කොස්‌තාපල් කෙනෙක්‌)




පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසී පොලිස්‌ 119 සේවයේ නම විකුණමින් කාලයක්‌ තිස්‌සේ මහරගම සහ ඒ අවට පළාත්වල නිවෙස්‌වලට ගොස්‌ රන් ආභරණ මිල මුදල් යතුරු පැදි කොල්ල කෑ ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ සහ සැරයන්වරයෙක්‌ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.



මෙම දෙදෙනාට පොලිස්‌ ඇඳුම් සැපයූ රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ කොස්‌තාපල්වරයකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.



මෙම කල්ලිය නිවෙස්‌ දහයකට ගොස්‌ රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා රන් අභරණ මෙසේ පැහැරගෙන ගොස්‌ තිබේ.



ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයා එක්‌ අයෙකුගෙන් මෙසේ කට උත්තර ගනිද්දී, සැරයන්වරයා ලෙස සිවිල් ඇඳුමෙන් පෙනී සිටි තැනැත්තා නිවෙස්‌වල අල්මාරි විවෘත කර මෙසේ රන් අභරණ මිල මුදල් සාක්‌කුවේ දමා ගැනීමට පුරුදුවී ඇත.



උප පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සැකකරු ත්‍රීවීල් රථ රියෑදුරෙකු බව තලංගම පොලිසිsය කියයි.



මොහුගේ ත්‍රීවීල් රථයෙන් මීට කලින් ගිය පොලිස්‌ නිලධාරින් පරීක්‍ෂණ පවත්වන ආකාරය තමා හොඳින් දැන ඇති බවද ඒ අනුව මෙම හොරකම සිදුකිරීමට තමාගේ සිත තුළ අදහසක්‌ ඇතිවූ බවද සැකකරු පවසා තිබේ.


Tuesday, April 12, 2011

Sri Lanka recalls players from IPL

Sri Lanka has ordered its cricketers playing in the ongoing Indian Premier League to return home.


Sri Lanka s sports authorities on Tuesday ordered its cricketers playing in the ongoing Indian Premier League to return home for training ahead of next month s tour of England. Sports Minister Mahinadananda Althugamage said he wanted team members to prioritise the national side over the IPL, which is financially lucrative for players.


“In future, national cricket players can participate in foreign tournaments only in a manner that will not affect practices of the Sri Lankan national team,” the ministry said in a statement. It said those who are selected for the three-Test series in England will have to return home for practices despite their commitments in the ongoing IPL Twenty20 tournament.

HOW TO BE ATTRACTIVE ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක්‌ද?


ආකර්ෂණීය භාවය යනු කාන්තාවන්ට පමණක්‌ සුවිශේෂ වූ කරුණක්‌ නොවේ. පෞරුෂය සම්පන්න ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අත්‍යවශ්‍ය වූ තවත් අංගයකි. ආකර්ෂණීයත්වය. මෙය බාහිර සුන්දරත්වයට පමණක්‌ සීමාවුවක්‌ නොවේ. ඔබගේ ආකර්ෂණීයත්වය අභ්‍යන්තර හා බාහිර යන දෙපාර්ශවයෙන් පිළිබිඹු වෙයි. ආකර්ෂණියත්වය ලබාගැනීම සඳහා සෑම දෙනා ම වාසනාවන්ත නොවුවත් පෞරුෂය සම්පන්න ඔබට ආකර්ෂණීයත්වය අතිශය වැදගත් වේ. මන්ද යත් මෙම ආකර්ෂණීයත්වය නිසා ඔබ වටා එක්‌රොක්‌වන පිරිස වර්ධනය කරගැනීමට ඔවුන් අතර ඇති සහ සම්බන්ධතා නිසා ඔබගේ දිවියේ සාර්ථකත්වයට ඇති රුකුල නිසාය. ඔබ තුළ මෙම ආකර්ෂණියත්වය වර්ධනය කරගැනීමට ඔබ අභ්‍යන්තර හා බාහිර වශයෙන් කුමක්‌ කළ යුතුදැයි විමසා බලමු.

ඔබගේ ආත්ම විශ්වාසය වඩාත් වර්ධනය කරගන්න. ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබගේ ඇතුළත සුන්දරත්වය පිටතට නොපෙනෙනු ඇත. ඔබගේ බාහිර පෙනුම කොතරම් සුන්දර වුවත් ඔබ සතුව ආත්ම විශ්වාසය නොමැති නම් එම සුන්දර රුව අන් අයට අසුන්දර දසුනක්‌ වනු ඇත.

සැමියා කෝප වූවොත්.. බිරිය බිහිරි වූවාසේ සිටින්න

අඹුසැමි සබඳතාවේ දී දෙපළ ම වඩාත් ම සැලකිලිමත් විය යුතු කාරණයක්‌ වේ. ඒ දෙදෙනා අතර, කෙදිනකවත් දබරයක්‌ ඇති නොවීමට වගබලා ගැනීමය. සැබෑ ලෙසින් ම බැලුවොත් එය විවාහය සම්බන්ධයෙන් දෙදෙනාගේ ම ප්‍රබල වගකීමකි. මක්‌නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක්‌ දබරයක්‌ ඇතිවීමෙන් එය පුරුද්දකට යැම නිසාය. දෙදෙනා රණ්‌ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වේ.

වර්තමානයේ ඇතැම් යුවතියන්

වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නො වීමෙන්, දෙදෙනා අතර ක්‍රමයෙන් දුරස්‌ බවක්‌ ඇති කර ගනී. එයට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්‌වාධීන ගැහැනුන් ලෙසිනි. එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම්වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු ම පාහේ ප්‍රිය කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථකිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ. බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක්‌ බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස්‌ කර ගැනීමට ඇය ට සිදුවන්නේ, එය ට එරෙහිව දබරයක්‌ කර ගැනීමෙන් නොව, බුද්ධිමත් ව ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.

අද ගැහැනිය ස්‌වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්‍රියාවන්ට එරෙහි ව දබර කර ගැනීමට ය. නමුත්, යම් බිරිඳක්‌ තම සැමියා සමඟ දබරයක්‌ ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්‍රබල හිස්‌බවක්‌ තිබෙන බවකි. එය එක්‌තරා අන්දමකින් පරාජිත හැඟීමකි.

"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕව ට කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතය ට වැඩ කරලා මට්‌ටුවෙයිනේ."

කුරුලෑ තද කිරීම භයානකයි !

කුරුලෑ කැඩීමෙන් සමෙහි වලවල් වැනි ස්‌වභාවයක්‌ ඇතිවන බව අපට දැකගත හැකිය. මෙම තත්ත්වයට හේතුව කුමක්‌ද?

කුරුලෑවලින් ඇතිවන වලක්‌ යනු කුරුලෑ කැළැලක්‌ වේ. යම් තැනක කැළැලක්‌ ඇතිවෙනවා යනු සාමාන්‍යයෙන් තිබිය යුතු පටකය ප්‍රදාහයට ලක්‌ වී රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු පයිලොසබේෂස්‌ යුනිට්‌ ලෙස හඳුන්වන ඒකකය සහ ඒ අවට තිබෙන පටකවලට හානි සිදුවී සාමාන්‍ය පටක නොමැතිවීමයි. එම සාමාන්‍ය පටක තිබූ ස්‌ථාන පිලිසකර වීම සඳහා කොලජන් තන්තු අවශ්‍ය වේ. මෙම කොලජන් තන්තු මේරීමේ ක්‍රියාවලිය හෙවත් මෝල්ඩ්වීමේදී කොලජන් තන්තු ඇති ප්‍රදේශ හැකිලීමකට භාජනය වේ. මෙම හැකිලීම නිසා එවැනි තැන් සමේ මට්‌ටමට වඩා පහළට ගමන් කරයි. එය සෙසු සමට වඩා ඇතුළට ඇදී යාමක්‌ ඇති වී කැළැලක්‌ ඇතිවේ. එවිට ඩිප්ප්‍රෙස්‌කාස්‌ හෙවත් ඇතුළට ගිය කුරුලෑ කැළැල් දැකගත හැකියි. එම නිසා කුරුලෑවල මූලික අවස්‌ථාව වන බ්ලැක්‌ හෙඩ්ස්‌ හෝ වයිට්‌ හෙඩ්ස්‌ අවස්‌ථාවලදී ප්‍රදාහයක්‌ ඇති නොවේ. එහි තැන්පත් වී ඇති තෙල් ස්‌වභාවිකවම එලියට ගොස්‌ ස්‌වභාවික ලෙස වැසී සුවවීමක්‌ වේ. එයට යම් ආකාරයකට තුවාලයක්‌ සිදුකරන්නට ගිය විට එය ප්‍රදාහයට ලක්‌ වී බැක්‌ටීරියා ගොස්‌ ආසාදනයට ලක්‌ වේ. මෙම ආසානයට ලක්‌වීම නිසා ඇතිවන ප්‍රදාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු ඒකකය විනාශ වේ. ඒ විනාශවීම හේතුවෙන් කැළැල ඇති වේ. එම කැළැල ඇතුළට ගිය වලක්‌ ලෙස හඳුනාගත හැකිය.

කොමිඩෝන් එක්‌ස්‌ට්‍රැක්‌ටර් (Comedone Extractor) නැමැති උපකරණය මගින් බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ ඉවත් කිරීම රූපලාවන්‍යාගාර තුළ සිදුකරයි. මෙසේ කිරීම සුදුසුද?

බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌වල ඇති ඝනීභවනය වූ ස්‌නේහය ස්‌වභාවිකවම ඉවත් වේ.

එක්‌ස්‌ට්‍රැක්‌ටර් නැමැති කුඩා උපකරණය මගින් කරනුයේ කුරුලෑව තිබෙනා තැනට මෙහි සිදුර ඇති කොටස තබා වටේට තද කිරීමෙන් කොස්‌ස ලෙස හඳුන්වන කොටස එළියට ගැනීමයි.

කොස්ගම භූමිකම්පාවක්

අලුත් අම්බලම විදුහලට දැඩි හානි
ගොඩනැඟිල්ලක් මුළුමනින් විනාශයි
අවිස්සාවේල්ල කොස්ගම අලුත් අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ඊයේ (11) භූ චලනයකට ලක්වීමෙන් එක් ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් ම කඩා වැටී ඇත.
පාසලේ තවත් ගොඩනැගිලි දෙකක් ඉරිතලා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සීතාවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයසිරි ආරියරත්න මහතා ‘දිනමිණට’ කීය.
මෙම පාසලේ වර්ග අඩි 5000 ක් මේ වන විට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව කී ඒ මහතා පාසල අවට නිවෙස් කිහිපයකද බිත්ති ඉරිතලා තිබෙන බව කීය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වගකිවයුතු ආයතනවලට දැනුම්දී තිබෙනවා.

kohaa,කොහා

මූන්ගේ වාර්තාව 14 දා ප්‍රකාශයට!

බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව සිංහල හා හින්දු අවුරුදු දිනයේ එනම් අප්‍රේල් 14 වැනිදා ප්‍රකාශයට පත්වීමට නියමිත යෑයි ආරංචි මාර්ග දක්‌වයි.

මෙය සනාථ වී ඇත්තේ කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වූ ගැරන් තෝමස්‌ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ කරමින් මෙම විමර්ශන වාර්තාව අප්‍රේල් 13 වැනිදා විද්වත් මණ්‌ඩලය විසින් මහලේකම් වෙත යොමුකරන බව හෙළි කිරීමයි.

මේ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස මහලේකම්වරයාට උපදෙස්‌ දෙන්නැයි ගැරන් තෝමස්‌ විසින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත පවසා ඇත.

කීර්ති

Monday, April 11, 2011

වෙසක්‌ දිනෙන් පසු පැවිදි වන කුල දරුවන්ට මාසික දීමනාවක්‌

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කාලසීමාව වන 2011 මැයි 17 වෙසක්‌ දින සිට 2012 වෙසක්‌ දිනය දක්‌වා කාලය තුළ පැවිදි කෙරෙන කුලදරුවන් සඳහා වසර පහක්‌ යනතුරු අධ්‍යාපන කටයුතු සඳහා මාසික දීමනාවක්‌ ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ යෝජනාවක්‌ අනුව මෙය ක්‍රියාත්මක වේ.

මේ අනුව අදාළ වසර තුළ පැවිදි කෙරෙන කුලදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සඳහා වන එම මාසික දීමනාව බුද්ධශාසන අරමුදල් මගින් දරනු ඇත.

පාදුක්‌ක කොල්ලකල්ලියක්‌ මෙහෙයවූ කාන්තාවක් සමඟ සැක දෙදෙනකු අල්ලයි

සංවිධානාත්මක කොල්ලකල්ලියක්‌ මෙහෙයවූ කාන්තාවක්‌ සහ එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු මිලිමීටර් නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ හා එම ජීව උණ්‌ඩ හතරක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය (07 වැනිදා) සමත් විය.

ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් පාදුක්‌ක වටරැක දුම්රිය ස්‌ථානය අසලදී කොටුකර ගෙන තිබේ.

පාදුක්‌ක ප්‍රදේශයේදී වෑන් රථයක්‌ පැහැර ගැනීම, පාදුක්‌ක ප්‍රදේශයේ නිවසක්‌ මිලදී ගන්නා මුවාවෙන් ගොස්‌ එම නිවැසියන්ගේ රන් භාණ්‌ඩ ඇතුළු දේපළ කොල්ලකෑම, ඩෙංගු මර්දන නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදෙමින් දෙහිවල ප්‍රදේශයේ නිවසකට ගොස්‌ එම නිවැසියන් සතු රන් භාණ්‌ඩ ඇතුළු දේපළ කොල්ලකෑම, වරකාපොළ ප්‍රදේශයේ නිවසකට ගොස්‌ එම නිවැසියන් බියගන්වා දේපළ කොල්ලකෑම ඇතුළු තවත් කොල්ලයන් රැසක්‌ මෙම කල්ලිය විසින් සිදු කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

අත්අඩංගුවට පත් සැකකරුවන් කිරිවත්තුඩුව හා පාදුක්‌ක දාම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙම කොල්ලකල්ලියේ තවත් සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

Sunday, April 10, 2011

ඉන්ට නැෂනල් රිපෝටර්

බුෂ් ස්‌වකීය එකම මිණිපිරියට සුදුසු මනාලයෙක්‌ සොයාගැනීම සඳහා සැකසූ මංගල දැන්වීම සභාවට ඉදිරිපත් කළේය.

අඩි 5  11 උසැති සිහින් රූමත් අයිශ්චර්යාවන් රූමත් ඇන්ජලීනා ජොලීවන් පැහැපත් ස්‌වකීය එකම මිණිපිරිය සඳහා ඇගේ සීයා වන ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ සභාපති ජෝර්ඡ් බුෂයන් විසින් සොයනුයේ සුරාවෙන් සූදුවෙන් හා ක්‍රිකට්‌වලින් තොර, ක්‍රිකට්‌ මැච් එකක්‌ පෙන්වන රූපවාහිනී තිරයක්‌ දිහාවත් හැරී නොබලන, ක්‍රිකට්‌ බැට්‌ එකක්‌ අතින්වත් නොඅල්ලන, ලෙදර් බෝලයක්‌ බිම වැටී තිබුණත් නොඅහුලන, චරිතවත් ගුණවත් යහපත් තරුණයෙකි. දායාද වශයෙන් වටිනා එල්ලේ පිත්තක්‌."

ඉන්පසුව පුටින් තමාට පුතෙකු සිටියා නම් ඉදිරිපත් කරන මංගල දැන්වීම සභාවට ඉදිරිපත් කළේය.

පරිගණක ඉංජිනේරුවකු වන අනාගතයේ රුසියාවේ ජනාධිපති වීමට නියමිත ස්‌වකීය එකම පුතුට රුසියානු හිටපු ජනාධිපති හා වර්තමාන අගමැති වන පුටින් සොයනුයේ කිකට්‌ ක්‍රීඩකයකුගේ බිරිඳක්‌වත් බුද්ධිමත්, ගුණවත්, යහපත් කාන්තා රත්නයකි.

පුටින්ගේ විවාහ දැන්වීම එතෙක්‌ මෙතෙක්‌ පළව ඇති හොඳම මංගල යෝජනාව සමිතිය විසින් එක හෙළා පිළිගන්නා ලදී. එම ජවනිකාව අවසානයේ උද්ගත වූයේ තවත් උද්වේගකර අවස්‌ථාවකි. බොහෝවිට මූලාසනයේ පුටුවේ වාඩිවීගෙනම සමිතිය අමතන බුෂ් එකවර නැගී සිට මහ හඬින් බෙරිහන් දුන්නේය.

රාවණා රඡ්ජුරුවෝ සීතාවත් දිනාගෙන ආවා. ඒ වුණාට මෙදා සැරේ කප් එකවත් අරගෙන එන්න බැරිවුණා

ඉන්පසු මේ නාට්‍යමය ජවනිකාවට එක්‌ වූයේ රුසියානු අගමැති පුටින්ය.

New Selection committee appointed

A new Selection Committee for the Sri Lanka Cricket (SLC) comprising Dulip Mendis, Don Arunasiri, Brendon Kuruppu, R. Madurasinghe has been appointed by Sports Minister Mahindananda Aluthgamage today, official sources confirmed.


On April 6, the Selection Committee of the Sri Lanka cricket led by its Chairman Aravinda de Silva handed in their letters of resignation to the Sports Minister. The other members of the selection committee were Ranjith Fernando, Amal Silva and Shabbir Asgerally.

Total Pageviews

Advertise