කාන්තා ප්‍රජනක පද්ධතියේ ඉතා වැදගත් අවයවයක් ලෙස පැලෝපීය නාළය හඳුන්වාදිය හැකිය. පැලෝපීය නාළ දෙකක් ගර්භාෂයේ කෙළවර දෙකට සම්බන්ධ වී ස්‍රොaණියෙන් එළියට නිරාවරණයවීමක් වේ. පැලෝපීය නාළයේ මූලික කාර්යවන්නේ ඩිම්බකෝෂයෙන් නිකුත් වන ඩිම්බ ගර්භාෂය කරා යොමු කිරීම සහ පැලෝපීය නාළය තුළදී එම ඩිම්බ ගර්භාෂය හරහා ඉහළට එන ශුක්‍රාණු සමග සංසේචනය වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමයි.
පැලෝපීය නාළය තුළ තිබෙනා කුහරය ඉතා සියුම් කුහරයක් ලෙස පෙන්වාදිය හැකියි. අපි එය හඳුන්වාදෙනු ලබන්නේ කෙස් ගහක තරම් ප්‍රමාණයක් යනුවෙනි.
පැලෝපීය නාළයට බලපාන රෝග සහ ආසාධනයන් නිසාවෙන් ප්‍රජනන කර්තව්‍යයේ සහ ප්‍රජනන පද්ධතියේ ගැටළු ඇතිවිය හැකියි. පැලෝපීය නාළයේ පිළිකාවන් ඇතිවන අතර ඒවා ඉතා දුර්ලබ වේ. පැලෝපීය නාළය ආශ්‍රිතව හානිකර නොවන දියර වර්ග පිරුණු ගෙඩි හෙවත් සිස්‌ට් ඇතිවේ. මේවා ඇතැම්විට විශාලවීම හේතුවෙන් ලැපරස්‌කොපි ශල්‍යකර්මය හෝ උදරය කපා කරනා ලැපරටම් ශල්‍යකර්මය මගින් මෙම සිස්‌ට් ඉවත් කරයි. පැලෝපිය නාළයේ කර්තව්‍ය සඳහා මූලිකවන්නේ පැලෝපිය නාළයේ කුහරය තුළ ඇතුලු ස්‌ථරයේ තිබෙනා සෛලයි. මෙම සෛල මත තිබෙනා සිලිකා නැමති කෙඳිවැනි කොටසේ නිරෝගීතාවය මත පැලෝපිය නාළයේ ක්‍රියාකාරිත්වය තීරණය වනු ලබයි.
ඩිම්බමෝචනය වනවිට මෙම ඩිම්බයක් පැලෝපිය නාළය කෙළවර තිබෙනා මෙඩුසා හිසක් වැනි ෆිම්බ්‍රිරියල් එන්ඩ් මගින් මෙම ඩිම්බය ග්‍රහණය කරගනිමින් පැලෝපිය නාළය හරහා දවස් තුන හතරක් කාලසීමාවක් තුළදී ගර්භාෂය කරා යොමු කරයි. මෙම පැලෝපිය නාළයේ මැද කොටසේදී මෙම ඩිම්බය සංසේචනය වී තැන්පත්වන ශුක්‍රාණුවත් සමඟ පිහිනීමෙන් ගැබ්ගෙල, ගර්භාෂය පසුකර ඉහළට විත් පැලෝපිය නාළයේ කුහරයට ඇතුලු වී පාලෝපීය නාළය මැදදී සංසේචනය වීමක් වේ. එහිදී ඇතිවන සංසේචිත ප්‍රතිඵලය දවස් දෙක තුනකදී ගර්භාෂය කරා යොමුවීමක් සිදුවේ.
යම්කිසි හේතුවකට පැලෝපීය නාළයේ ඇතුලත ස්‌ථරයේ සෞඛ්‍ය තත්ත්වයට හානිදායක යමක් ඇති වුවහොත් මෙම ගමන් මාර්ගය ප්‍රමාද වී පැලෝපීය නාළය තුළ මෙම දරු ගැබ පිහිටන්නට ඉඩකඩ තිබේ. මෙය නළ බබාලා, එක්‌ටොපික් ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් පැලෝපීය නාළය තුළ ඇතිවන ගර්භනීභාවය යන නම් වලින් හඳුන්වනු ලබයි.
පැලෝපිය නාළය ඉතා සියුම්නාළයක් නිසාත් ගර්භාෂයේ තිබෙනා මංශෙපේශි නොමැති අවයවයක් වන නිසාත්, පැලෝපීය නාළය තුළ වැඩෙනා කලලයට වැඩෙන්න කාලසීමාවක් තිබේ. පැලෝපිය නාළයේ ගර්භාෂය ළඟම තිබෙන කොටස කෝනුවල් එන්ඩ් හෙවත් ඉන්ටස්‌ටිෂල් පාට් ලෙස හඳුන්වයි. මෙය ඉතාම සියුම් කොටසකි. ඊට වඩා ඝනකම් කොටස ඉස්‌තමස් ලෙස හඳුන්වයි. අවසානයේ ඇම්පලරි කෝෂන් ලෙස හඳුන්වන තුන්වන කොටස සහ ඩිම්බකෝෂයට ඉතාම ආසන්න පැලෝපිය නාළයේ අනෙක් අග කෙළවර තිබේ.
ගර්භනීභාවය පැලෝපිය නාළය තුළ ඇතිවන ස්‌ථානය මත මෙය පිපිරීමට භාජනය විය හැකියි. මෙවන් ගර්භනිභාවයක් අපට මූලික අවස්‌ථාවේ සොයා ගැනීමට නොහැකි වුවහොත් අධික රුධිර වහනයක් ස්‍රොaණිය තුළ සිදු වී මවගේ ජීවිතයටත් හානිවිය හැකියි. නමුත් අද තිබෙනා යෝනි මාර්ගය තුළින් කරනා ස්‌කෑන් පරික්‌ෂණ, රුධිරයේ බීටා යජට හෝමෝන පරික්‌ෂාව මගින් පැලෝපිය නාළයේ ඇතිවන දරුගැබ් මුලින් හඳුනාගත හැකිවේ. පැලෝපිය නාළයේ ක්‍රියාවලියට අවහිරතා ඇතිවන එන්ෙඩ්‍රාමෙටිරියෝaa සිස් වැනි අවස්‌ථාවලදී මෙන්ම ස්‍රොaණියේ ඇතිවන ආසාධනවලදීත් පැලෝපිය නාළය මහත් වී වතුර පිරීමක් හෙවත් හයිෙඩ්‍රාසැල්පින් වැනි රෝග තත්ත්ව ඇති වී කාන්තාවන්ට මඳසරුභාවය හෝ ස්‍රොaණියේ ඇතිවන වේදනාකාරි තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවනි. එමෙන්ම කලාතුරකින් පැලෝපීය නාළය සහ ගර්භාෂය තුළ ඇතිවන ආසාධන නිසාත් සැල්පින්ජයිටිස් වැනි ආසාධන නිසාත් ස්‍රොaණියේ හා පිට කොන්දේ වේදනාවන් ඇති වෙන්නට පුළුවනි. මෙවැනි තත්ත්වවලදී මදසරුභාවය වාගේම කාන්තාවන්ට දීර්ඝ කාලීනව බලපාන අලසබව, බර අඩුවීම වැනි තත්ත්වයට භාජනය වීම තුළ ක්‍රොනික් පෙග්නික් පේන් කියන දිර්ඝ කාලිනව බලපාන කොන්දේ සහ ස්‍රොaණියේ වේදනා ඇතිවේ.
පැලෝපීය නාළයේ දරු ගැබක් ඇති වූ අවස්‌ථාවකදී මෙම දරු ගැබ ඉවත් කිරීම සඳහා මෙය පිපිරීමකට පෙර සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ඖෂධ පාවිච්චිය වගේම ලැපරස්‌කොපි ශල්‍යකර්මය මගින් පැලෝපිය නාළය තුළ තිබෙනා දරුගැබ් ඉවත් කිරීම කරනු ලබයි.
ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
නලින්ද රොද්‍රිගු
සාකච්ඡා කළා - හරින්දී ලියනගේ
No comments:
Post a Comment