මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21 ත් 35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක් පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක් පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක් රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කල හැකි වේ. මෙවැනි තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක් තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැකත මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය, ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.
වැඩිවියට පැමිණි අලූත සහ ආර්ථවහරණයට ආසන්නව එනම් වයස අවුරුදු 50 ක් පමණ වූ විට මාස ශුද්ධ වීම සමග වැඩිපුර රුධිර වහනය වීම දැකිය හැක. වයස යැමත් සමග ඩිම්බ කෝෂ තුළ ඇති ඩිම්බ ක්‍රමයෙන් අඩු වී අවසානයේ ක්‍රියාකාරීත්වය නවතී මෙවැනි තත්ත්වයට පත්වන විට සිදුවන ආර්ථවය ඩිම්බ පිට නොවී සිදුවන රුධීර වහනයක් පමණි. හෝමෝන වල සිදුවන වෙනස්‌කම් නිසා මෙම අවධියේදි සිදුවන මාස ශුද්ධ වීම සමඟ වැඩිපුර රුධීර වහනය සිදුවේ. බොහෝ විට මෙය මාසයක් දෙකක් පමණ සිදුවී නවතී. දිගින් දිගටම සිදුවන විට වෛද්‍ය උපදෙස් සඳහා යායුතු හේතු කිහිපයක්‌ම ඇත. ඉන් වැදගත්ම වන්නේ රුධිරය අඩුවීමෙන් ශරීරයේ සිදුවන දුර්වලකම් හා හෘදයට ඇති බලපෑම්ය. තවද මෙම තත්ත්වයට ඉහත හේතුව හැර වෙනත් හේතුන්ද තිබිය හැක. එනම් ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ගෙඩි සහ පිළිකා වර්ග වලින්ද මෙම තත්ත්වය ඇතිවිය හැක. එබැවින් මෙම තත්ත්වය දිගටම ඇති වේ නම් වෛද්‍යවරයෙකු ලවා පරී€ෂා කර ගැනීම කල යුතුයි. ගැබ් ගැනීමක් සිදු වී මුල් අවධියේදීම එම ගර්භයේ වර්ධනය නැවතුනහොත් රුධිර වහනය වැඩිපුර දැකිය හැක. මෙහිදී ගර්භය ඉතා කුඩා වුවද ගර්භාෂ පටලය හොදින් වර්ධනය වී තිබිම නිසා රුධීර වහනය වැඩිපුර සිදුවීම දැකිය හැකිය. සමහර අවස්‌ථා වලදී ගැබ් ගැනිමක් සිදු වූ බව එම කාන්තාව නොදන්නවා විය හැක මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම සිදු වන්නේ ද නැත. ඉතාමත්ම කලාතුරකින් රුධිරය කැටි ගැසීම හා සම්බන්ධ රෝගී තත්ත්වයන් නිසා මෙලෙස රුධිර වහනය සිදුවිය හැක. මෙය ඔබගේ වෛද්‍යවරයා විසින් පරී€ෂා කර බලා නිගමනය කරනු ඇත. එවැනි අවස්‌ථාවක නියමිත ප්‍රතිකාර කිරීමෙන් එය මග හරවා ගත හැක. ගර්භාෂය තුළ විෂබීජ ආශ්‍රිතව ආසාධිත තත්ත්වයන් ඇති වූ විටදිද මෙලෙස රුධිර වහනය වැඩි විය හැක. එවන් අවස්‌ථාවලදී ආසාදනයට අදාළ වෙනත් රෝග ලක්‌ෂණ එම කාන්තාව තුළ ඇති වේ. තරබාරුකම මෙම ගැටලූවේදී රෝගියාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. එනම් තරබාරු කාන්තාවන්ට මෙම රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. එබැවින් රෝගයට හේතුව කුමක් වුවද ශරීරයේ ස්‌ථුලභාවය අඩු කර ගැනීම රෝග මග හරවා ගැනීමට ඉවහල් වේ. මෙම කවර හේතුවක් නිසා වුවද ඔබට මෙම තත්ත්වය දිගින් දිගටම ඇති වේ නම් කල් නොහැර තමාගේ වෛද්‍යවරයා මුණගැසී පරීක්‌ෂා කර ගැනීම අත්‍යාවශ්‍යයයි. රුධිරය වහනය වීමෙන් ශරීරයේ නීරක්‌ති තත්ත්වය ඇති වී ඇත්නම් යකඩ ඌණතාවය ඒ සමග ඇති වේ. ෙdහෝ විට යකඩ අඩංගු පෙති භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැක. මෙම ප්‍රතිකාරය නියමිත කාලයක් ගැනීම අවශ්‍යය වනු ඇත. මේ හැර මාසිකව සිදුවන රුධිර වහනය අඩු කිරීමට හෝමෝන අඩංගු පෙති නියමිත ආකාරයකින් භාවිත කල යුතුයි. මෙවැනි ඖෂධමය ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍යවරයා විසින් මෙම රෝගී තත්ත්වයට වෙනත් අභ්‍යන්තර හේතුන් ඇත්දැයි පරීක්‌ෂා කරනු ඇත. බොහෝ විට එවැනි හේතුන් නැත්නම් ශල්‍යකර්ම අවශ්‍යය වන්නේ නැත. ඖෂධ මගින් මෙම තත්ත්වය මගහරවා ගත හැක.
වෛද්‍ය චම්පා නෙල්සන්
අම්මා ගහයි! ඇයි මේ නරක වචන දාලා? "මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක් පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින"
ReplyDelete