Wednesday, April 13, 2011

මහරගම අවට නිවෙස්‌ සුද්ධ කළ හොරා පොලිස්‌ දෙදෙනෙක්‌ දැලේ (නිල ඇඳුම් සපයා ඇත්තේ කොස්‌තාපල් කෙනෙක්‌)




පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසී පොලිස්‌ 119 සේවයේ නම විකුණමින් කාලයක්‌ තිස්‌සේ මහරගම සහ ඒ අවට පළාත්වල නිවෙස්‌වලට ගොස්‌ රන් ආභරණ මිල මුදල් යතුරු පැදි කොල්ල කෑ ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ සහ සැරයන්වරයෙක්‌ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.



මෙම දෙදෙනාට පොලිස්‌ ඇඳුම් සැපයූ රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ කොස්‌තාපල්වරයකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.



මෙම කල්ලිය නිවෙස්‌ දහයකට ගොස්‌ රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා රන් අභරණ මෙසේ පැහැරගෙන ගොස්‌ තිබේ.



ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයා එක්‌ අයෙකුගෙන් මෙසේ කට උත්තර ගනිද්දී, සැරයන්වරයා ලෙස සිවිල් ඇඳුමෙන් පෙනී සිටි තැනැත්තා නිවෙස්‌වල අල්මාරි විවෘත කර මෙසේ රන් අභරණ මිල මුදල් සාක්‌කුවේ දමා ගැනීමට පුරුදුවී ඇත.



උප පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සැකකරු ත්‍රීවීල් රථ රියෑදුරෙකු බව තලංගම පොලිසිsය කියයි.



මොහුගේ ත්‍රීවීල් රථයෙන් මීට කලින් ගිය පොලිස්‌ නිලධාරින් පරීක්‍ෂණ පවත්වන ආකාරය තමා හොඳින් දැන ඇති බවද ඒ අනුව මෙම හොරකම සිදුකිරීමට තමාගේ සිත තුළ අදහසක්‌ ඇතිවූ බවද සැකකරු පවසා තිබේ.




මොවුන් කොල්ලකෑ රන් අභරණ සියල්ලම ප්‍රසිද්ධ උගස්‌බඩු කඩේකට උකස්‌තබා රුපියල් ලක්‍ෂ ගණන් මුදල් ලබාගෙන තිබේ.



මෙම කොල්ලයට සම්බන්ධ යතුරුපැදි තුනක්‌ද පොලිසිය මගින් සොයාගෙන ඇත.



නුගේගොඩ පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගය පරිදි තලංගම පොලිසිය මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.



මෙම කල්ලිය පැළඳ සිටි හෙල්මටයට පොලිස්‌ ලාංඡනය සවි කළ පුද්ගලයාත් පොලිsස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

නෝමන් පලිහවඩන - ධම්මික සල්වතුර

No comments:

Post a Comment

Total Pageviews

Advertise