Saturday, April 9, 2011

දේශපාලනය හා ක්‍රිකට්‌!

2011 ලෝක ක්‍රිකට්‌ කුසලානය පිළිබඳ එල්ල වන දේශපාලන විවේචනය එක්‌තරා ප්‍රමාණයකට මහින්ද රාජපක්‍ෂ රජය දුර්මුඛ කරවනසුලු විය. එජාපය හා ජ.වි.පෙ මෙන්ම ඇතැම් වෙබ් අඩවිවලින් ද ඉදිරිපත් කළ විවේචනයේ හරය වූයේ රජය කුසලානයට මුවාවී ජනතාවගේ බඩට ගැසූ බවය. බැලූ බැල්මටම පෙනී ගියේ රටම ලෝක කුසලානය දෙස බලා සිටි මොහොතක රජය ඉන්ධන හා ගෑස්‌ මිල ඉහළ දැමූ බවය. පෙට්‍රල් මිල රුපියල් 10 කින් හා ඩීසල් මිල රුපියල් 3 කින්ද වැඩිවිය. රුපියල් 10 කින් භූමිතෙල් මිල වැඩි කළ අතර ගෑස්‌ මිල රු. 238 කින් වැඩිවිය.

මෙම මිල ඉහළ දැමීමේ සැබෑ හේතුව ලිබියානු අර්බුදයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යැමය. ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකාවට මොනම ආකාරයකින්වත් පාලනය කළ නොහැකි තත්ත්වයකි. එහෙත් ආණ්‌ඩුවේ ප්‍රමුඛ විවේචකයන් පමණක්‌ නොව වෘත්තීය සමිති මහා සම්මේලනය වැනි නිල සංවිධාන කියා සිටියේද ලෝක කුසලානයට මුවාවී ඉන්ධන හා ගෑස්‌ ඉහළ දැමීම වැරැදි බවය.
ලිබියානු අර්බුදය පිළිබඳ යථාර්ථය ජනතාවට වසන් කළ යුතු හෝ වසන් කළ හැකි දෙයක්‌ද නොවේ. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ලිබියානු නායක මුවම්මර් ගඩාµs අතර තිබෙන මිත්‍රත්වයද ජනතාවට රහසක්‌ නොවේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට වුවමනා රූකඩ පාලනයක්‌ මැදපෙරදිග කලාපයෙන් ගොඩ නගා ගැනීමට අද ඔවුහු වෑයම් කරති. එයට ප්‍රධානම හේතුව එම කලාපයේ තිබෙන තෙල් සම්පත පාලනය කිරීමය.

අද ඇමෙරිකාව සිය බටහිර ගජ මිතුරන් සමග එක්‌ව ලිබියාවට එල්ල කරන ප්‍රහාර පිළිබඳව ප්‍රශ්න කරන්නේ ඇමෙරිකානු, පිළිවෙත සමඟ එකඟ නොවන රටවල් පමණි. ලිබියාවට අද එල්ලවන ප්‍රහාර නිසා සාමාන්‍ය ජන ජීවිතය මුහුණ දී සිටින විනාශය අසීමිතය. එය අවසාන වන්නේ ඉරාකයට නොදෙවෙනි සිවිල් ජන සංහාරයකින් බවද නිසැකය. එය ඊටත් වඩා වැඩි විය හැකිය. මක්‌නිසාදයත් ගඩාµs තවමත් අඩියක්‌ පස්‌සට ගැනීමට සූදානම් නැති නිසාය.

ඉරාකයට ඉගැන්වූ පාඩම තමාට ඉගැන්වීමට බැරැක්‌ ඔබාමා සූදානම් බව ගඩාµsට පමණක්‌ නොව ලෝකයටම දැනෙන සත්‍යයයි. එහෙත් එහි ප්‍රතිඵල ඉතිහාසයම හඬවනසුලු විය හැකි බව ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශය තේරුම් නොගැනීම කෙබඳු අවාසනාවක්‌ද? ගඩාµs සමග කරේ අතදමා ගත්තේ ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්‍ෂ පමණක්‌ නොවේ. හිලරි ක්‌ලින්ටන් මෙන්ම ප්‍රංශයේ සකොසිද එබඳුම උණුසුම් ප්‍රතිචාර ගඩාµsට දැක්‌වූහ.

ලිබියාව පමණක්‌ නොව ඉරානයද බටහිරට නොදිරවන රටකි. මේ රටවල් දෙකම අපේ සමීප මිතුරු රටවල්ය. එහෙත් අද ලිබියාව මුහුණදී සිටින අර්බුදයේදී අපට ඔවුන් වෙනුවෙන් කළ හැකි එකම දෙය බටහිර ආක්‍රමණයට එරෙහිව හඬක්‌ නැගීම පමණය. එහෙත් ඒ හඬට සවන් දීමට බටහිර සූදානම් නැත. වෙනකක්‌ තබා මේ වනවිට බැන් කී මූන්ගේ විද්වත් කමිටු වාර්තාවද නිකුත් කිරීමට සූදානම්ය.

මෙම විද්වත් කමිටු වාර්තාව කිසිසේත්ම ශ්‍රී ලංකාවට වාසිදායක එකක්‌ විය නොහැක. දෙමළ ඩයස්‌ පෝරාව නමැති ජාත්‍යන්තර කොටි හවුලත් උන්ට දිරිය හා බලය දෙන බටහිරත් පුල පුලා බලා සිටින්නේ බෑන් කී මූන්ගේ වාර්තාව එන තෙක්‌ය. එනිසා කිසිසේත් එය නොසලකා හැරීමටද බටහිරයන්ට නොහැක.

තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදී විනාශය විසින් ශ්‍රී ලංකාවට කරන ලද හානිය සුළු පටු නැත. එහෙත් කිසිවෙක්‌ ඒ ගැන කතා නොකරති. මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට එල්ල වන්නේ දැඩි විවේචනයකි. ඒ තරම් කෲරතර අපරාධ ශ්‍රී ලංකා රජය නොකළ බව නිසැකය. ඝාතනය, භීෂණය යනු එල්. ටී. ටී. ඊ. යේ පදනම විය. ශ්‍රී ලංකාවේ මානුෂික මෙහෙයුම් කිසිසේත් එබඳු කුරිරු අන්තයකට ගමන් කළේ නැත. එහෙත් බටහිරට වුවමනා එබඳු දේවල් සිදු වූ බව ලොවට කීමටය. බෑන්කී මූන්ගේ ඊනියා විද්වත් කමිටුවට ඒ පිළිබඳව සාක්‌ෂි බහුලව ලැබී තිබෙන බවද වාර්තා විය.

යුද්ධයේ අවසාන අදියර ඉතා පැහැදිලිව බටහිර නායකයන් බරපතල අපේක්‌ෂාභංගත්වයකට පත් කරන ලද්දකි. සැබැවින්ම ඔවුන්ට වුවමනා වූයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් කීප දෙනකුවත් බේරාගැනීමය. ඒ වෙනුවෙන් කොළඹ සිට කිලිනොච්චියට ගිය හැම ගමනක්‌ම ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ථ වීම ඔවුන් ලද පරාජයක්‌ මෙන්ම ලැඡ්ජාවක්‌ද වේ. ඒ වාඩුව ගත හැකි හොඳම ක්‍රමය බෑන් කී මූන්ගේ විද්වත් කමිටු වාර්තාවය. බටහිර රටවල් ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රවේශයක්‌ සාදාගැනීම සඳහා මේ වාර්තාව භාවිත නොකරයිද? එපමණක්‌ නොව මේ වාර්තාව හිස මුදුනේ තබා ගෙන ආණ්‌ඩුවට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් දේශීය බලවේගද තිබෙන බව අප මතක තබා ගත යුතුය.

ලෝක කුසලානය ඉන්දියාවට හිමිවීම පිළිබඳවද විවේචන තිබේ. ඒ විවේචනවලින් කුමක්‌ ප්‍රකාශ වුවත් ඒවා තුළ සැඟවුණු පොදු හරය වන්නේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට කිසියම් දේශපාලන බලපෑමක්‌ තිබුණු බවය. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රශ්නයක්‌ දෙස දේශපාලනිකවම බැලීමට අපි හුරු වී සිටිමු. විපක්‍ෂය පදනමක්‌ ඇතිව හෝ නැතිව එබඳු විවේචන කරන බව පෙනේ. එනිසා රජයේ සාමාන්‍ය ප්‍රතිචාරය වී ඇත්තේද ඒවා ගණන් නොගෙන සිටීමය. රටක්‌ වශයෙන් මෙය ඉතා නරක තත්ත්වයකි. ආණ්‌ඩුව කරන වැඩ විවේචනාත්මකව දැකීමට මෙන්ම හොඳ දේ අගය කිරීමටද විපක්‍ෂය මැළි විය යුතු නැත.

කෙසේ වුවද ක්‍රිකට්‌ ලෝක කුසලානය සම්බන්ධයෙන් අර්ජුනගේ පනහට පනහේ විවේචනය දැන් හරි බව අප පිළිගත යුතුය. ඔහු ඒ විවේචනය කළේ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස පමණක්‌ නොව ලංකාවට ලෝක කුසලානය දිනාදුන් (1996) විශිෂ්ට ක්‍රිකට්‌ නායකයාද ලෙසය. එහෙත් ඔහු මේ ආණ්‌ඩුවේ ප්‍රබල දේශපාලන ප්‍රතිවාදියෙකි. ඔහු මහින්ද අතහැර ගියේද ක්‍රිකට්‌ රණ්‌ඩුවක්‌ නිසා බව රටම දනී. ඒ මොනවා වුවත් අර්ජුනගේ ප්‍රකාශ ආණ්‌ඩු විරෝධී අයට මෙන්ම ඉන්දියාවේ ජනමාධ්‍යවලටද වැදගත් බවය.

ඉන්දියානු කණ්‌ඩායම අපට වඩා ඉදිරියෙන් සිටි බව මේ කණ්‌ඩායම් දෙක සැසඳීමේදී පෙනී යන්නකි. ඉන්දියාව ඕස්‌ටේ්‍රලියාව මෙන්ම පාකිස්‌තානයද පැරදවූ ශූර කණ්‌ඩායමක්‌ විය. අප ඒ අතින් සිටින්නේ ඔවුන්ට පසුපසින්ය. ශ්‍රී ලංකාව පාකිස්‌තානයට පැරදුණි. ඔස්‌ටේ්‍රලියාව සමග තරගය වැස්‌ස නිසා නතර විය. එහිදී සම සමව ලකුණු ලැබීම අපේ වාසනාවක්‌ බව කියන අයද සිටිති. එහෙත් සංගක්‌කාර නොදැවී ඕස්‌ටේ්‍රලියාවට එරෙහිව අර්ධ ශතකයක්‌ද ඉක්‌මවා ලකුණු ගනිමින් සිටි බවද අපට මතකය. ඒ කුමක්‌ වුවත් අවසන් තරගයේදී ඉන්දියාව අභියෝගාත්මකව ඉදිරියට ගියේය. ලසිත් මාලිංග ලබා දුන් සාර්ථක ආරම්භය ජයග්‍රහණයක්‌ ලෙස වර්ධනය කිරීමට සංගක්‌කාරට නොහැකි විය. මොනවා වුවත් ක්‍රිකට්‌ යනු දක්‌ෂතාවට වඩා වාසනාව ඉදිරියෙන් තිබෙන ක්‍රීඩාවකි.

ශ්‍රී ලංකාවේ තිබෙන ක්‍රිකට්‌ උන්මාදය ගැන නම් අපට විවේචන තිබේ. හැම රජයක්‌ම ක්‍රිකට්‌ දේවත්වයෙන් අදහන බව අපට පෙනේ. අපේ වෙනත් ක්‍රීඩා ක්‍ෂේත්‍රවල තිබෙන අඩුපාඩු මෙන්ම ක්‍රීඩකයන්ට කෙරෙන අසාධාරණකම් ගැන විවිධ අවස්‌ථාවල ඇසෙයි. එහෙත් ඒවාට කෙරෙන මැදිහත්වීම් නැති තරම්ය. ජාත්‍යන්තරව ජයග්‍රහණය ලබාගත හැකි කිසිදු ක්‍රීඩාවකට ශ්‍රී ලංකා රජයක්‌ ප්‍රමාණවත් අනුග්‍රහ අනුබල දී තිබේද යන්න ඒ අයම විමසා බලා දැනගත යුත්තකි.

ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ නිසා ලද ප්‍රසිද්ධිය හා කීර්තිය නිසා රජය එයට දක්‌වන අනුග්‍රහයද සාධාරණය. එහෙත් ක්‍රිකට්‌ ක්‍රීඩාවට වැය කරන ධනය හා ඒ වටා සිදුවන දේවල් පිළිබඳවද තිබෙන විවේචන ආණ්‌ඩුවට නොතකා හැරිය නොහැක. ක්‍රිකට්‌ ලෝලීහු වුවද මෙම සුපිරි ක්‍රීඩාවේ ඇතුළත ගැන නොදනිති. ඒ පිළිබඳ තිබෙන චිත්‍රය ඉතා අපැහැදිලි මෙන්ම දූෂිත එකකි. ක්‍රිකට්‌ දියුණු කළ යුතු අතරම එයට යහපත් පරිපාලනයක්‌ද අවශ්‍ය බව පෙනේ.

අපට ක්‍රිකට්‌ ඉගැන්වූ එංගලන්තයට මෙන්ම ලෝක පූජිත ඔස්‌ටේ්‍රලියාවටද මෙදා හිස්‌ අතින්ම ආපසු සිය රටවල් බලා යැමට සිදුවිය. මේ රටවල් කිසිවිටෙක අපේ හපන්කම් දෙස මැදහත්ව හෝ පහන් සිතින් නොබලයි. මේ වන විට අපේ ක්‍රිකට්‌වල උද්ගතව තිබෙන අර්බුද ඔවුන්ගේ අවධානයට යොමුව තිබෙනු නිසැකය. ඒ කුමක්‌ වුවද ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රය පිළිබඳව පාවී යන ඕපාදූප ආරංචි එතරම් සුබදායක නොවන බව නම් කිව යුතුය. කුමාර සංගක්‌කාර ඉල්ලා අස්‌වීමෙන් ඇරැඹුණු කැලඹීම මහේල හා අරවින්දගේ ඉල්ලා අස්‌වීම් දක්‌වා ව්‍යාප්ත වීම එකිනෙකට කිසිදු සම්බන්ධයක්‌ නැති සිදුවීම්ද විය හැකිය. එහෙත් ඒවා දෙස කුහුලින් බලන අය සිටිති.

මේ ඕපාදූප අතර කිසිදු පදනමක්‌ නොමැති එහෙත් විනාශකාරී කෙප්පද බහුලය. ම විසින් කියවන ලද එක්‌තරා ඕපාදූපයක සඳහන් වූයේ යුද්ධය දිනූ සරත් ෙµdන්සේකා හිරබත් කන ආකාරයටම ලෝක කුසලාන දිනුවොත් සංගක්‌කාරටද හිරබත් කන්නට සිදු වීමට ඉඩ තිබුණු බවය. මේ වර්ගයේ දුෂ්ට ප්‍රබන්ධ දේශපාලන ප්‍රලාපවලට වඩා බිහිසුණු වෛරී ප්‍රකාශ සේ අප හෙළා දැකිය යුතුය. සැබැවින්ම අරවින්ද ද සිල්වා ඉතා පැහැදිලිව කියා සිටි ආකාරයට අපට කුසලානය අහිමි වූයේ ක්‍රිකට්‌වල ස්‌වභාවය මෙන්ම මනුෂ්‍යයන් වන අපගේ ක්‍රීඩකයන්ගේද විලාශය නිසාය. ක්‍රීඩාව යනු ජය මෙන්ම පරාජය හිමිවන්නකි. ක්‍රීඩාවේ හරය වන්නේද පරාජයට මුහුණදීමය. ඒ අතින් බලන විට ශ්‍රී ලංකා පිලට මේ රටේ ජනතාව හා ආණ්‌ඩුවද සිය කෘතවේදීත්වය නිසි ලෙස පළ කළ බවද කිව යුතුය. ඉතා ඉහළ මට්‌ටමින් ඔවුන් ඇගැයුමට ලක්‌ වූ බවද ජනතාව දනිති.

අර්ජුන රණතුංග ක්‍රිකට්‌ සම්බන්ධයෙන් කරන විවේචනවල පදනම ක්‍රීඩාවේ සීමාවෙන් ඔබ්බට ගිය දේශපාලන එකක්‌ බව සැඟවිය නොහැක. ක්‍රිකට්‌ නායකයකු ලෙස ඔහුට හිමිවන ගෞරවය ඉතා සාධාරණය. එහෙත් ඔහු සිය දේශපාලන කෝව තුළ ක්‍රිකට්‌ දමා ගනිමින් කරන විවේචන එලෙසම භාරගත හැකිද? ක්‍රිකට්‌ දේශපාලනීකරණය වීම අපටද අනුමත කළ නොහැක. එහෙත් ක්‍රිකට්‌ නිසාම දේශපාලනයට දොර හැර ගත් අයද සිටිති. එයට නිදසුනක්‌ ලෙස අර්ජුන මෙන්ම සනත් ජයසූරියද දැක්‌විය හැක. හෂාන් තිලකරත්නද ක්‍රිකට්‌වලින් දේශපාලනයට පැමිණි අයෙකි.

ලෝක කුසලාන අර්බුද එලෙස වැඩෙද්දී එ. ජා. ප යද යළිත් සුළි කුණාටුවකට මැදිවී සිටියි. ඒ රනිල් පිල හා සජිත් පිල යළිත් යුද වැදීමය. බැලූ බැල්මට යාන්තම් බේරාගත් රනිල් සජිත් ගැටුම දැන් වෙනත් මුහුණුවරකින් ඇවිළී තිබේ. ඒ ජාතික සංවිධායක ධුරය පිළිබඳ මතුවූ අර්බුදය නිසාය. මේ වනවිට එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සිටි ප්‍රබල චරිත කීපයක්‌ද රනිල්ගේ ලැයිස්‌තුවෙන් කැපී ගොස්‌ තිබේ. රෝසි සේනානායක හා තලතා අතුකෝරල ඉන් සුවිශේෂය. එසේම බුද්ධික පතිරණ, දිනේෂ් ගංකන්ද, ඉමිතියාස්‌ බාකීර් මාකර් යන නම්ද කැපී ගොස්‌ තිබිණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ වෙනුවට නායකත්වයේ කටයුතු ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය නායක කරු ජයසූරිය පත් කිරීමද දේශපාලන අර්ථයෙන් ගත් කල බොහෝ දේ හඟවන්නකි. මේ සියල්ල සන්ධාන රජයට වාසිදායක දේවල්ය. එහෙත් විපක්‍ෂයක්‌ ලෙස ගත් කල නම් එය බරපතල ප්‍රතිඵලදෙන සුලුය. එජාපයේ මේ ගැටුම් පවතිද්දීම රජය ඔවුන්ගේ දේශපාලන බළකොටුවක්‌ වූ කොළඹ මහ නගර සභාව දෙසට හැරී තිබෙන අයුරු ද පෙනේ. කොළඹ නාගරික සමාගම යනු එ. ජා. ප. ය සතු සුළු බලයක්‌ හෝ තිබේ නම් එයට ලැබෙන පිළිතුරක්‌ නොවේ යෑයි කිසිවකුට ස්‌ථීරවම කිව හැකිද?

මේඝ

1 comment:

Total Pageviews

Advertise