අලුත් අම්බලම විදුහලට දැඩි හානි
ගොඩනැඟිල්ලක් මුළුමනින් විනාශයි

පාසලේ තවත් ගොඩනැගිලි දෙකක් ඉරිතලා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සීතාවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයසිරි ආරියරත්න මහතා ‘දිනමිණට’ කීය.
මෙම පාසලේ වර්ග අඩි 5000 ක් මේ වන විට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව කී ඒ මහතා පාසල අවට නිවෙස් කිහිපයකද බිත්ති ඉරිතලා තිබෙන බව කීය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වගකිවයුතු ආයතනවලට දැනුම්දී තිබෙනවා.

පාසැල් සිසුන් 480 ක් පමණ ඉගෙනීම ලබන මෙම පාසල් නිවාඩු කාලය නිසා ජීවිත අනතුරු කිසිවක් සිදුවී නොමැත.
ඊයේ මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බ. පළාත් සභා මංත්‍රී සුමිත් සොයිසා මහත්වරුන් මෙම පාසල තාවකාලිකව වෙනත් ස්ථානයක පැවැත්වීමටත් අලාභහානි වූ ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකර තීරණයක් ගන්නා බව පැවැසීය.
No comments:
Post a Comment