Sunday, December 26, 2010

84 වියැති playboy ලොක්කා 24 හැවිරිදි තරුණියක් සමඟ

ප්ලේ බෝයි සඟරාවේ නිරමතෘවරයා වන 84 හැවිරිදි හග් හෙෆ්නර් 24 හැවිරිදි ක්‍රිස්ටල් හැරිස් සමඟ විවාහ ගිවිස ගෙන ඇති බව ඔහු විසින් තමන්ගේ ට්විටෙර් වෙබ් පිටුව ඔස්සේ ප්‍රකාශ කොට ඇත. අදාල නිවේදනයට අනුව, " මම සහ කිස්ටල් අදාල චිත්‍රපටය එනම් ද ටුවරිස්ට් නැරඹීමෙන් පසු මුදු මාරු කරගත්තෙමු. එය නතතල් සමයේදී සිදු වූ ඉතාකර්ශනීය සුදු වීමක් ලෙස කිව හැකිය, යයි සඳහන් කොට ඇත.

හෙෆ්නර් මීට පෙර අවස්ථා දෙකකදී විවාහ වී ඇති අතර 1949- 59 දක්වා මිල්ද්රේම් විලියම් සමඟද ඉන් පසු නිලියක් සහ වේශ නිරුපිකාවක් වූ කිම්බෙල්ය් කොන්ද්‍රාඩ් සමඟද විවාහ වී සිටියේය. ඉන් දෙවැනි විවාහය මේ වසරේ මුලදී අවසන් විය

Saturday, December 25, 2010

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ගැටකපන්නන් දස දෙනා

කොළඹ නගරයේ ප්‍රධානම පෙළේ ගැටකපන්නන් දසදෙනකු ඇතුළු යාචකයන් 66 දෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර කාන්තාවන් නවදෙනකු ද සිටිති.

ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය මාසයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමේදී මෙම සැකකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට හැකිවිය. මෙම සැකකරුවන් අතර කොළඹ නම් දැරූ ගැටකපන්නන් වන "බෙල්ලෙ කුරුල්ලා", ඉරටයා", හුඹුහුඩුවා" ඇතුළු කීපදෙනකුම සිටින බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම සැකකරුවන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් ගැටකපන්නන්ගෙන් වැඩි දෙනකු වසර විස්‌සකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගිය අය බව පොලිසිය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට මහතාගේ අධීක්‍ෂණයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

-ලංකා ටීවී-

Friday, December 24, 2010

සොෆ්ට්වෙයා ඩිවෙලපර්ස් ලාත් මනුශ්‍යයෝය (Hug a Software Developer today)

කව්ද එන්නෙ ඔටු කිරි බොන්න ?

ලංකාවට මැද පෙරදිගින් ඔටුවන් ගෙන්වීම සදහා පශු සම්පත් අමාත්‍යාංශ බලධාරීන් විසින් මැද පෙරදිග තානාපති කාර්යාලය සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. සෞදි අරාබිය ඇතුලු මැද පෙරදිග රටවලින් සංචාරකයින් විශාල වශයෙන් ඉදිරියේදී ලංකාවට පැමිණෙන නිසා එම  සංචාරකයින් සදහා ඔටු මස් සහ ඔටු කිරි සැපයීම සදහා රජය විසින් ඔටුවන් ඇති කිරිමේ ගොවිපොලවල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

Thursday, December 23, 2010

විකිලීක්ස් මෙවර එංගලන්තයේ රෙදි ගලවයි


මිනිස් අයිතිවාසිකම් ගැන මර හඬ නගන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් බංගලාදේශයේ පැරාමිලිටරි හමුදා ඛණ්ඩයකට පුහුණුව ලබා දී ඇති බව විකිලීක්ස් මගින් අනාවරණය කරන ලද ඇමෙරිකානු තානාපති පණිවුඩ වලට අනුව හෙළි වී ඇත. මේ බව වාර්තා කරන්නේ එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පතයි. 'ක්ෂණික කාර්ය බලකාය - Rapid Action Battalion (RAB)' නමින් හැඳින්වෙන මෙම හමුදා ඛණ්ඩය පිහිටුවා ගත වූ අවුරුදු 6 ඇතුලත නොපනත් මිනී මැරුම් 1000කට වඩා මොවුන් සම්බන්ධ බව තක්සේරු කොට ඇත.
එවන් එක් තානාපති පණිවිඩයකට අනුව බ්‍රිතාන්‍යය මොවුන්ට මාස 18ක් තිස්සේ පුහුණුව ලබා දුන් බව තහවුරු වෙයි. කෙසේ වුවද ඇමෙරිකාව මෙම කාර්ය බලකායේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සැළකිල්ලට ගෙන ඔවුන්ව පුහුණු කිරීම ප්‍රතික්ෂේප කොට ඇත.
අලුත්ම වාර්තා වලින් දැක්වෙන පරිදි ලඟදී මෙම ක්ෂණික කාර්ය බලකාය විසින් විනාඩි 90ක් ඇතුලත නගර දෙකකදී මිනිසුන් දෙදෙනෙක් මරා දමා ඇත්තේ අවස්ථා දෙකේදීම 'වෙඩි හුවමාරුවක්' ඇති වූ බව කියමිනි.(ගාර්ඩියන් පුවත්පතේ වාර්තාව මෙතනින් බලන්න)  

-ලංකා ටීවී-

කාන්තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)

කන්තාවන් බොහෝ විට කෙලින් කියන්න ඔනෙ දේ කියන්නෙ නෑනෙ. ඔබට කාන්තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න කියාපු උපකරණය,



ෆේස් බුක් ලෝක සිතියම සහ චීනය

ෆේස් බුක් මගින් පරිශීලකයන්ගේ දත්ත උපයෝගී කරගෙන, ගෝලීය මිතුරු සම්බන්දතා නිරූපණය කරන ලෝක සිතියමක් උත්පාදනය කර තිබේ. මෙමගින් ලෝකයේ එක් එක් ප්‍රදේශ වල ෆේස් බුක් පරිශීලික ඝනත්වය පැහැදිලිව නිරූපණය වේ. මෙම සිතියමෙන් චීනය ෆේස් බුක් පරිශීලනයෙන් ඉවත්ව සිටින බව මනාව පිලිබිඹු වේ.

Wednesday, December 22, 2010

රනිල්ට හොඳ පළපුරුද්දක්-සජිත්ට හොඳ ඉල්ලුමක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ පළපුරුද්දක් ඇති බවත්,සජිත් ප්‍රේමදාස මහතාට ගම් මට්ටමින් හොඳ ඉල්ලුමක් ඇති බවත් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඒ නිසා මේ දෙදෙනාගේ අත්වැල් බැඳගැනීම තුළින් එක්සත් ජාතික පක්ෂයට දුර දේශපාලන ගමනක් යා හැකි බව හෙතෙම කියා සිටියේ අද(22)කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
12 වන දා පවත්වන ලද එක්සත් ජාතික පක්ෂ සමුළුව ට ජනාධිපතිවරයා පවා බියවී ඇති බවත්,ආණ්ඩුවේ ඇතැමුන් කරන කතා බස් වලින් ඒ බව තහවුරු වන බවත් විජේවර්ධන මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ මාධ්‍ය මගින් කුමන අන්දමේ ප්‍රචාරයක් ගෙන ගියද මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් හෝ මතභේදයක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් විපක්ෂය සමග අත්වැල් බැඳගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්,ඉදිරියේදී ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වී එ.ජා.පයට එක්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.


- ලංකා ටීවී - 

Wednesday, December 15, 2010

වසරකට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නවා


වසරක දී මෙරට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නා බවට අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. 

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් ‍දැනුවත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බව එම අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ‍ ‍කළේය. 

මෙරට ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන බොහෝ රටවල වසර 18 ට අඩු විවාහ තහනම් බව ඒ පිළිබඳ අදහස් දැක් වූ නීතීඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය. 

එසේ බාලවයස්කාර විවාහයන් සිදුකිරීම තුළින් එම දරුවන් නොව විවාහය සිදුකිරීමට උපදෙස් ලබාදෙන්නන්, එම විවාහයන් සිදුකරගන්නා අය සහ මව්පියන් ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියෙහි වරකරුවන් ලෙස අධිකරණය ඉදිරියට පැමිණවිය හැකි බව ද එම මහත්මිය අවධාරණය කළාය.


- ලංකා ටීවී - 

Sunday, December 12, 2010

බ්‍රිට්නි ගේ අළුත් ඇල්බමය 'Spears' - (Britney Spears new album 'Spears')

බ්‍රිට්නි ගැන වෙන වෙන බයිල කථා අහල ඇති වෙලාද ඉන්නෙ. මෙන්න එහෙනම් එයාගෙ සින්දුවක්  අහල බලන්න.  ලබන මාර්තු මාසයේදි මේ අළුත් ඇල්බම් එක නිකුත් කරන බවට පසුගිය දා ඇයගේ උපන්දිනයේදී ඇය ප්‍රකාශ කලා. දැනට මෙම ඇල්බමය 'Spears' ලෙස නම් කිරීමට සිතාසිටින බව තවදුරටත් ඇය ප්‍රකශ කලා. බ්‍රිට්නි අක්කා/නංගි මෙහෙම සිංහලෙන් නම් නෙමයි කියල තියෙන්නෙ.

මෙන්න මෙහෙම : "I’m almost done with my new album and it will be coming out next March. I AM IN L-O-V-E WITH IT!"

2008 වසරේදී තමයි මීට පෙර ඇය ඇල්බමයක් නිකුත් කලේ.

Wednesday, December 8, 2010

සක්‌විති බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

රුපියල් කෝටි සියයකටත් අධික ජනතා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සක්‌විති රණසිංහ ඊයේ (7 දා) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
සක්‌විති රෝහල්ගත කිරීමට පෙර බන්ධනාගාරයේ වූ රුපවාහිනි යන්ත්‍රයක්‌ද පොළවේ ගසා විනාශ කළ බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල්ගත කළ සක්‌විති රණසිංහගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා ඊයේ සවස ඔහු විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කිරීමට නියමිතව තිබිණි.
මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සක්‌විති යම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත මීට පෙර ඔහු වෛද්‍ය පරීක්‌ෂණයකටද ලක්‌ කෙරිණි.

-ලංකා ටීවී-

Total Pageviews

Advertise