
ගැබ් ගැනීමක් සඳහා අවශ්‍ය මූලික සාධක නම්
ගුණාත්මකභාවයෙන් යුත් ශුක්‍රාණු
නිවැරදි ප්‍රමාණය පිළිවෙලට මේරූ ඩිම්බ පිටවීම
මෙම බීජ දෙවර්ගය මුණ ගැසීමට සුදුසු මාර්ගයක් අවශ්‍ය බව
එබැවින් , මෙම අංශ තුනේ ගැටලු ඇතිවීමෙන් මඳ සරුභාවය ඇතිවිය හැක. කාන්තාවන්ගේ ගැටලු වශයෙන් ඇත්තේ ඩිම්බ පිටවීමේ ගැටලු, පැලෝපීය නාල අවහිරවීම සහ "එන්ඩොමෙටි්‍රයොසිස්" නැමැති රෝගී තත්ත්වයන්ය. උත්පත්තියේ සිටම ස්‌ත්‍රියකගේ ශරීරය තුළ ඩිම්බ මිලියන 2 ක් පමණ දරා සිටි. මෙය ඩිම්බ කෝෂය තුළ ගබඩා වී ඇත. උපතේ සිට අක්‍රියව සිටින මෙම ඩිම්බ මල්වරවීමත් සමග සෑම ආර්තව චක්‍රයකදීම කිහිපයක් හෝ එකක් ක්‍රියාත්මක වේ. ආර්තව චක්‍රය මැද දී මේරූ ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් පිටවී පැලෝපීය නාලය හරහා ඇතුලත් වේ. මෙම ඩිම්බය පැලෝපීය නාලය හරහා ගර්භාෂය වෙත තල්ලු වී යයි. යෝනි මාර්ගය හරහා ගර්භාෂයට ඇතුල් වන ශුක්‍රාණු පැලෝපීය නාලය ඔස්‌සේ ගමන් කර ඩිම්බය මුණ ගැසේ. මෙහි දී සංසේචනය සිදුවීමෙන් ඇති වන කලලය ක්‍රමයෙන් ගර්භාෂයට පැමිණ ගැබ් ගැනීම සිදුවේ. මෙම ගමනේ දී වැඩෙන කලලයට අවශ්‍ය පෝෂණය සලසන්නේ පැලෝපීය නාලයේ ඇතුළු සිsවිය මගිනි.
ශුක්‍රාණුවක් කාන්තා ප්‍රජනන මාර්ගය තුළ පැය 72 ක් පමණ සජීවී තත්ත්වයෙන් තිබිය හැක. තව ද ආර්තව චක්‍රයේ 14 වන දින පිටවන ඩිම්බයක් සංසේචනය කිරීමට 11 වන දින සිට 15 වන දින අතර කාලය තුළ ඇතුළු වන ශුක්‍රාණුවකට අවකාශ ඇත. එබැවින් සරු කාලය දළ වශයෙන් ඩිම්බ පිටවීමට දින 3 කට පෙර සිට ඩිම්බ පිටවීමෙන් දිනකට පසු දින 4 ක කාලයට සිමාවේ.
කාන්තාවකට ඩිම්බ නිපදවීමේ ගැටලු තිබිය හැක. මෙවන් අවස්‌ථාවලදී බොහෝවිට ඔසප් චක්‍රය අපිළිවෙල වේ. නමුත් ඩිම්බ පිටවීම සිදු නොවුවද ඔසප් වීම පිළිවෙලට සිදුවන අවස්‌ථා ඇත. සමහර හෝමෝන ආශ්‍රිත රෝග නිසා මෙය සිදුවිය හැක. එහිදි ඩිම්බ නිපදවීම සිදුවන නමුත් අවශ්‍ය ප්‍රමාණයට මෝරා ඩිම්බය පිටවීම සිදුවන්නේ නැත. තවත් සමහරුන්ගේ වෙනත් රෝග නිසා ඩිම්බ පිටවීමට අදාළ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩුවේ. කාන්තාවන් වයසට යැමේදී ඩිම්බ ප්‍රමාණය අඩුවීම නිසා ගුණාත්මකභාවයෙන් යුත් ඩිම්බ පිටවීම අඩු වේ. ඩිම්බ නිපදවීමේ හැකියාව බලා ගැනීමට රුධිර පරීක්‌ෂණ මෙන්ම ස්‌කෑන් පරීක්‌ෂණද කළ හැක. ඩිම්බ මේරීම සිදුවන ආර්ථව චක්‍රයේ මැද දිනකදී කරනු ලබන ස්‌කෑන් පරීක්‌ෂණයකින් මෝරන ඩිම්බය ගැන අවබෝධයක් ලබාගත හැක.
මෙසේ ඩිම්බ මේරීම සිදු නොවන විට ඒ සඳහා ඖෂධ භාවිතා කරන අවස්‌ථා ඇත. මෙයට අමතරව පැලෝපීය නාලයේ අවහිරතා ඇතිවිට ඩිම්බය හා ශුක්‍රාණුව මුණ ගැසීමට බාධා ඇතිවේ. මෙය බොහෝවිට සිදුවන්නේ විෂබීජ අසාදන මගිනි. වැරදි අන්දමින් සිදුකරන ගබ්සා කිරීම් වල අතුරු ආබාධයක් ලෙස ආසාදන ඇතිවිය හැක. ක්‌ෂයරෝගය, ලිංගාශ්‍රිත රෝග වැනි විෂබීජ මගින් ද මෙම තත්ත්වය ඇතිවිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස් රෝගයෙන් සහ ශල්‍ය කර්ම සිදුකිරීමෙන් පසුව ඇතිවන අභ්‍යන්තර අවයව එකිනෙක ඇලීම වැනි හේතුන් නිසා ද පැලෝපීය නාල අවහිර විය හැක. නාල තුළ ගැබ් ගැනීම සිදුවීම කලාතුරකින් දැකිය හැකි දෙයකි. මෙසේ සිදු වූ විට නාලය අවහිරවීම සිදුවේ. නාලයේ අවහිරතා ඇත්දැයි දැනගත හැක. නාලය අවහිර වූ විට ශල්‍යකර්ම මගින් එම අවහිරවීම නිවැරදි කළ හැකි මුත් ඒවායේ සාර්ථකත්වය ඉතා අඩුය. මෙවැනි කාන්තාවන්ට නළ දරු උපත් තාක්‌ෂණ උපයෝගී කරගෙන දරුඵල ලබාගත හැක.
එම්ෙඩ්‍රාමෙටි්‍රයෝසීස් රෝගයේ දී ගර්භාෂ පටලය ගර්භාෂයට අමතරව වෙනත් ස්‌ථානවල හට ගැනේ. මෙහිදී ඔසප්වීම සිදු වී රුධිර වහනය වනවිට මෙම ස්‌ථානවලද රුධිර වහනය සිදු වේ. මෙම තත්ත්වය ගැබ් ගැනීමට බාධාවකි. ගර්භාෂයේ අසාමාන්‍යතා ඇති විට එයින් පිළිසිඳ ගැනීමට ගැටලු ඇති විය හැක. Fසඉරදසා නැමැති ගෙඩි වර්ගය බොහෝ කාන්තාවන්ගේ ගර්භාෂයේ දැකිය හැකි නමුත් ඒවා පිහිටා ඇති ආකාරය අනුව එහි බලපෑම ඇති නොවේ. එබැවින් බොහෝ විට ඒවා ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැත. ඉහත කරුණු සොයා බැලීමෙන් පසු කාන්තාව හෝ පුරුෂයා තුළ කිසිදු රෝගී තත්ත්වයක් හෝ ගැටලු සහගත තත්ත්වයක් හදුනා ගත නොහැකි අවස්‌ථා ද ඇත. මොවුන්ට පසු කලෙක ඉබේම දරුවන් ලැබිය හැකි මුත් බොහෝ විට එසේ සිදුවන්නේ නැත. නමුත් ප්‍රතිකාර කිරීමෙන් සහ වෙනත් තාක්‌ෂණික ක්‍රම මගින් මෙවැනි යුවල හට සාර්ථකත්වය ළඟාකර ගත හැක.
No comments:
Post a Comment