Sunday, April 17, 2011

මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

වන්නි මෙහෙයුම සමග මෙරටින් පැනගිය සහන සේවකයකු වූ ටිම් මාටින් ද විද්වත් මණ්‌ඩලයට තොරතුරු සපයා ඇතැයි හෙළිවී තිබේ.

වන්නියට පා නොතැබූ කොටි හිතවාදීන් රැසක්‌ ද මෙම මණ්‌ඩලයට ඇසින් දුටු බව පවසමින් සාක්‌ෂි ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලයේ රහස්‌ වාර්තාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙතද ලැබී ඇතැයි ශ්‍රී ලංකා රජය අනාවරණය කරගෙන ඇත.

එය අනාවරණය කරගෙන ඇත්තේ ඇමරිකානු හඬ ගුවන් විදුලිය විසින් එකී වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ලකර ඇතැයි ප්‍රකාශ කිරීමත් සමගය.

මෙම ක්‍රියාදාමය වියානා සම්මුතියද උල්ලංඝනය කිරීමක්‌ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විද්වත් මණ්‌ඩලයේ මේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය 

No comments:

Post a Comment

Total Pageviews

Advertise