Saturday, April 16, 2011

කෑගල්ලට ගණිකා ඇසුර පතා ආවොත් සේසතම පුදා යන්න වෙයිලු!


ගණිකාවන්ගේ පහස ලබාගැනීමට කෑගල්ල නගරයට පැමිණෙන පිරිමි පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් මඳ දුරක්‌ කැඳවාගෙන ගොස්‌ පසුව ඔවුන්ට අමානුෂික ලෙස පහරදී ඔවුන් සතු මුදල් හා රන් භාණ්‌ඩ කොල්ලකා පලා යන ගණිකා වෘත්තියේ නියෑලුන කාන්තාවන් දෙදෙනකු හා ඔවුන්ට එම කොල්ලකෑම් සිදුකිරීමට ආධාර හා අනුබල දුන් පිරිමි පුද්ගලයකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත් කෑගල්ල මූලස්‌ථාන පොලිසිය පසුගියදා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක සමන් කේ. සේනානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු කෑගල්ල නගරයේදී කොටුකරගෙන තිබේ.



ගණිකා වෘත්තියේ නියෑලෙමින් ගණිකා ඇසුර පතා පැමිණෙන්නන්ගේ මුදල්, රන් භාණ්‌ඩ කොල්ලකන කාන්තාවන් දෙදෙනා මේ වනවිට අතුරුදන්වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම ගණිකා වෘත්තියේ නියෑලුන කතුන් දෙදෙනා අදාළ කොල්ලකෑම් කාලයක සිට ජයටම කරගෙන ගොස්‌ ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

මුදල්, රන් භාණ්‌ඩ කොල්ලකෑම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගෙන් පැමිණිලි රැසක්‌ මේ වනවිට ලැබී ඇතැයි පොලිසිය පවසයි.

අතුරුදන්වී සිටින සැකකාරියන් දෙදෙනා කෑගල්ල, බෙරගල පදිංචි විසිහත් වියේ පස්‌වන්නියන් බව ද පැවැසේ.

මේ අතර අවුරුදු සමයේ කෑගල්ල නගරයට ගණිකා ඇසුර පතා පැමිණෙන පුද්ගලයන් මෙවැනි ගණිකාවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත්, විශේෂයෙන් එවැනි අයගෙන් ප්‍රවේශම් වන ලෙසත් පොලිසිය ඉල්ලීමක්‌ කරයි.

මේ පිළිබඳව කෑගල්ල වැඩබලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක විමලරත්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක සමන් කේ. සේනානායක, පොලිස්‌ සැරයන් ගුණදාස (30199), පොලිස්‌ කොස්‌තාපල්වරුන්වන අශෝක (11030), විෙ-සිංහ (33114), කාන්තා පොලිස්‌ සැරයන් කුමුදු (4030), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ප්‍රියංගා (13298 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

1 comment:

Total Pageviews

Advertise