Tuesday, April 12, 2011

HOW TO BE ATTRACTIVE ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක්‌ද?


ආකර්ෂණීය භාවය යනු කාන්තාවන්ට පමණක්‌ සුවිශේෂ වූ කරුණක්‌ නොවේ. පෞරුෂය සම්පන්න ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අත්‍යවශ්‍ය වූ තවත් අංගයකි. ආකර්ෂණීයත්වය. මෙය බාහිර සුන්දරත්වයට පමණක්‌ සීමාවුවක්‌ නොවේ. ඔබගේ ආකර්ෂණීයත්වය අභ්‍යන්තර හා බාහිර යන දෙපාර්ශවයෙන් පිළිබිඹු වෙයි. ආකර්ෂණියත්වය ලබාගැනීම සඳහා සෑම දෙනා ම වාසනාවන්ත නොවුවත් පෞරුෂය සම්පන්න ඔබට ආකර්ෂණීයත්වය අතිශය වැදගත් වේ. මන්ද යත් මෙම ආකර්ෂණීයත්වය නිසා ඔබ වටා එක්‌රොක්‌වන පිරිස වර්ධනය කරගැනීමට ඔවුන් අතර ඇති සහ සම්බන්ධතා නිසා ඔබගේ දිවියේ සාර්ථකත්වයට ඇති රුකුල නිසාය. ඔබ තුළ මෙම ආකර්ෂණියත්වය වර්ධනය කරගැනීමට ඔබ අභ්‍යන්තර හා බාහිර වශයෙන් කුමක්‌ කළ යුතුදැයි විමසා බලමු.

ඔබගේ ආත්ම විශ්වාසය වඩාත් වර්ධනය කරගන්න. ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබගේ ඇතුළත සුන්දරත්වය පිටතට නොපෙනෙනු ඇත. ඔබගේ බාහිර පෙනුම කොතරම් සුන්දර වුවත් ඔබ සතුව ආත්ම විශ්වාසය නොමැති නම් එම සුන්දර රුව අන් අයට අසුන්දර දසුනක්‌ වනු ඇත.

ඔබ අන් අය ඉදිරියේ මවා පෑම් හෝ රඟදැක්‌වීම් නොකරන්න. සෑම විටම ඔබ ඔබට සුවපහසු ආකාරයෙන් ගතකරන්න. එවිට ඔබගේ නිර්ව්‍යාජත්වය කෙරෙහි අන් අය ආකර්ෂණය වනු ඇත.

ඔබගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය හරියාකාරව පවත්වාගෙන යාම කෙරෙහි දැඩි අවධානයක්‌ යොමු කරන්න. සමබල ආහාරවේලක්‌ සුව නින්දක්‌, නිසි ව්‍යායාම් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. එය ඔබගේ එදිනෙදා දිවිය ජව සම්පන්න කරන අතර අන් අයගේ ආකර්ෂණය ලබාගැනීම කෙරෙහිද මනා දායකත්වයක්‌ සපයයි.

ඔබගේ මුහුණේ සහ සමෙහි ඇති ආසාදන, ලප කැළැල් අවම කරගැනීමට වෙහෙසෙන්න. පැහැදිලි සම ඔබගේ පෞරුෂය වඩ වඩා ඔබ නංවයි.

ඔබ කොතැනක කුමන අවස්‌ථාවකට සහභාගී වුවත් එයට ගැලපෙන පිරිසිදු ඇඳුම් පැළඳුම්වලින් සැරසෙන්න.

උඩඟු බව හෝ අහංකාර කම අන් අයගේ ආකර්ෂණය ඔබගේ ඉවතට ගෙනයන හෙයින් ඔබ ඔබගේ නිහතමානි බව අගයන්න.

සෑම විටම සිනහව මුව දරා සිටින්න. එසේම අන් අය සමඟ සුහදව කතාබස්‌ කරන්න. එසේම ඔබ අන් අයගේ ආකර්ෂණය බලාපොරොත්තුවෙන් වැරදි මඟ නොයන්න. ඔබට ලැබෙන ආකර්ෂණ යහපත් අයුරින් ලබාගැනීමට වග බලාගැනීම පෞරුෂ සම්පන්න ඔබ සතුව පවතින වගකීමක්‌ බව සිහිතබා ගන්න.

No comments:

Post a Comment

Total Pageviews

Advertise