
තවද බාල වයසෙ යෞවනියන් තුළද වේගවත් වැඩීමක් සිදුවන අවධිය බැවින් ඇයගේ වැඩීමද බාල වේ. තවද යෞවනියගේ පවත්නා සෞඛ්‍යමය ගැටලු මෙම අවධියේදී හඳුනාගෙන නොතිබිය හැක.එසේ නැතහොත් ඒaවා සඳහා නිසි ප්‍රතිකාර ලැබී නැති විය හැක. එනම් හෘද රෝග, වකුගඩු ආශ්‍රිත රෝග වැනි ගැටලූ සහගත තත්ත්වයන් ගැබ් ගැනීම මගින් ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැක. තවද මෙම යෞවනිය මානසිකව මාතෘත්වයට හෝ ගර්භණීයභාවය සඳහා සූදානම් නැත. තවම පාසල් යන අවධියක පසුවන දැරියකට මේ සඳහා අවශ්‍ය මානසික මේරීම ඇත්තේ ද නැත. ඇය ගර්භණි සමයේ නිසි අයුරින් වෛද්‍ය උපදෙස් නොපිළිපැදීම නිසා අවසානයේ දරු ප්‍රසූතියේදී ගැටලූ ඇති වේ. ඒ සඳහා අවශ්‍ය මානසික සූදානම ඇයට නැත. මෙවැනි ගර්භ අඩු මාස ගණනකදී ප්‍රසූතිය සිදුවීමෙන් දරුවාගේ ජීවිතයටද තර්ජන ඇති වේ. තවද මෙවැනි ගර්භ නැති කිරීමට උත්සාහ කිරීමෙන් සහ නීත්‍යානුකූල නොවන ගබ්සා සිදු කිරීමෙන් දැරියගේ ජීවිතයට පවා තර්ජනයක් ඇති වේ. ලංකාවේ නීතියට අනුව විවාහය සඳහා නිසි වයස අවුරුදු 18 වුවත් ඊට අඩු වයස් දැරියන් විවාහ කර දීම සමහර දෙමාපියෝ සිදු කරති. මේ සඳහා විවිධ හේතු ඇත. දිළිඳුකම මින් මූලික හේතුවකි. දැරිය යන්තම් 8,9 වසර දක්‌වා පමණ ඉගෙන ගත් පසු පාසල්යාම නවතී. එවැනි දැරියන් නිවසේ ගැවසෙන විට විවිධ ආකාරයේ අනවශ්‍ය සම්බන්ධතාවයන්ට පැටලේ. මෙම තත්ත්වයට මවුවරුන් රට රැකියාවලට යැමද ඉවහල් වී ඇත. වැඩිමහල් දියණිය මවගේ වගකීම භාරගෙන ගෙදර නවතී.
මීට අමතරව දැරියන් පාසල් වයසේදීම ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතා මගින් ගර්භනී තත්ත්වයට පත්වන අවස්‌ථා ඇත. බොහෝ විට කාර්ය බහුල සමාජයක මවකට දියණිය සමග නිරන්තරයෙන්ම ගැවසීමට ලැබෙන අවස්‌ථා අඩුය. මෙවැනි තත්ත්වයන් යටතේ දියණියක වැරදි ඇසුරකට පත් වී මෙවැනි කරදරයකට පත්වීම සිදුවිය හැක. යෞවන යෞවනියන් ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කරන වයස පෙරදීට වඩා අඩු වයසකදී දැන් සිදුවන බව සොයාගෙන ඇත. නමුත් ඔවුන්ට මේ සඳහා ඇති දැනුම ඉතා අල්පය.
එනම් ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික වශයෙන් දරුවෙකුගේ මේරීම පිළිබඳ ඔවුන්ට ඇත්තේ යහළු යෙහෙළියන්ගෙන් හෝ රහස්‍යමය පොත්පත් වලින් ලද දැනුමක්a පමණි. "ලිංගිකත්වය" යන මාතෘකාව පාසල් විෂය මාලාවට ඇතුළු කර ඇති නමුත් සංස්‌කෘතිමය හේතුන් මත එම දැනුම නිසි අයුරින් ළමුන් ලබන්නේ නැත. අප සමාජයේ මෙවැනි මාතෘකාවන් දරුවන් සමග කතා කිරීමට දෙමාපියන්ටද ශක්‌තිය නැත. නොඑසේ නම් අවම වශයෙන් ගැබ් ගැනීමක සිදු විය හැකි අයුරු සහ එය වළක්‌වා ගත හැකි අයුරු සම්බන්ධව යෞවන යෞවනියන්ට අවබෝධයක් ලබාගත හැක. එමගින් ඔවුන්ට යම් ප්‍රමාණයක හෝ ආරක්‌ෂාව ලැබේ. මවකට සිය දියණියකට මෙවැනි දැනුම ලබාදිය හැකි වාතාවරණයක් සහ එවැනි සම්බන්ධතාවයක් ඇති කර ගත හැකි නම් එය මුළු මහත් සමාජයටම මවක විසින් කරන සේවාවකි. තම දියණියට ගේ දොර වැඩ ගැන දැනුම ලබාදීම මවගේ යුතුකම ලෙස පැරැන්නෝ සැලකූහ. නමුත් අද සමාජයේ මවගේ යුතුකම මීට වඩා පුළුල්ය. දියණිය මල්වර වූ දින පටන් මවකගේ වගකීම වැඩිවන බව අපගේ විශ්වාසයයි. මෙහිදී මව, දියණිය විවාහය දක්‌වා රැක බලා ගැනීම, ඒ සඳහා අවශ්‍ය උපදෙස් දීම යනාදී සියලු කාරණාවල මූලික වගකිව යුත්තා වේ.
වෛද්‍ය චම්පා නෙල්සන්
No comments:
Post a Comment