Sunday, December 26, 2010

84 වියැති playboy ලොක්කා 24 හැවිරිදි තරුණියක් සමඟ

ප්ලේ බෝයි සඟරාවේ නිරමතෘවරයා වන 84 හැවිරිදි හග් හෙෆ්නර් 24 හැවිරිදි ක්‍රිස්ටල් හැරිස් සමඟ විවාහ ගිවිස ගෙන ඇති බව ඔහු විසින් තමන්ගේ ට්විටෙර් වෙබ් පිටුව ඔස්සේ ප්‍රකාශ කොට ඇත. අදාල නිවේදනයට අනුව, " මම සහ කිස්ටල් අදාල චිත්‍රපටය එනම් ද ටුවරිස්ට් නැරඹීමෙන් පසු මුදු මාරු කරගත්තෙමු. එය නතතල් සමයේදී සිදු වූ ඉතාකර්ශනීය සුදු වීමක් ලෙස කිව හැකිය, යයි සඳහන් කොට ඇත.

හෙෆ්නර් මීට පෙර අවස්ථා දෙකකදී විවාහ වී ඇති අතර 1949- 59 දක්වා මිල්ද්රේම් විලියම් සමඟද ඉන් පසු නිලියක් සහ වේශ නිරුපිකාවක් වූ කිම්බෙල්ය් කොන්ද්‍රාඩ් සමඟද විවාහ වී සිටියේය. ඉන් දෙවැනි විවාහය මේ වසරේ මුලදී අවසන් විය

Saturday, December 25, 2010

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ගැටකපන්නන් දස දෙනා

කොළඹ නගරයේ ප්‍රධානම පෙළේ ගැටකපන්නන් දසදෙනකු ඇතුළු යාචකයන් 66 දෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර කාන්තාවන් නවදෙනකු ද සිටිති.

ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය මාසයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමේදී මෙම සැකකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට හැකිවිය. මෙම සැකකරුවන් අතර කොළඹ නම් දැරූ ගැටකපන්නන් වන "බෙල්ලෙ කුරුල්ලා", ඉරටයා", හුඹුහුඩුවා" ඇතුළු කීපදෙනකුම සිටින බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම සැකකරුවන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් ගැටකපන්නන්ගෙන් වැඩි දෙනකු වසර විස්‌සකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගිය අය බව පොලිසිය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට මහතාගේ අධීක්‍ෂණයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

-ලංකා ටීවී-

Friday, December 24, 2010

සොෆ්ට්වෙයා ඩිවෙලපර්ස් ලාත් මනුශ්‍යයෝය (Hug a Software Developer today)

කව්ද එන්නෙ ඔටු කිරි බොන්න ?

ලංකාවට මැද පෙරදිගින් ඔටුවන් ගෙන්වීම සදහා පශු සම්පත් අමාත්‍යාංශ බලධාරීන් විසින් මැද පෙරදිග තානාපති කාර්යාලය සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. සෞදි අරාබිය ඇතුලු මැද පෙරදිග රටවලින් සංචාරකයින් විශාල වශයෙන් ඉදිරියේදී ලංකාවට පැමිණෙන නිසා එම  සංචාරකයින් සදහා ඔටු මස් සහ ඔටු කිරි සැපයීම සදහා රජය විසින් ඔටුවන් ඇති කිරිමේ ගොවිපොලවල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

Thursday, December 23, 2010

විකිලීක්ස් මෙවර එංගලන්තයේ රෙදි ගලවයි


මිනිස් අයිතිවාසිකම් ගැන මර හඬ නගන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් බංගලාදේශයේ පැරාමිලිටරි හමුදා ඛණ්ඩයකට පුහුණුව ලබා දී ඇති බව විකිලීක්ස් මගින් අනාවරණය කරන ලද ඇමෙරිකානු තානාපති පණිවුඩ වලට අනුව හෙළි වී ඇත. මේ බව වාර්තා කරන්නේ එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පතයි. 'ක්ෂණික කාර්ය බලකාය - Rapid Action Battalion (RAB)' නමින් හැඳින්වෙන මෙම හමුදා ඛණ්ඩය පිහිටුවා ගත වූ අවුරුදු 6 ඇතුලත නොපනත් මිනී මැරුම් 1000කට වඩා මොවුන් සම්බන්ධ බව තක්සේරු කොට ඇත.
එවන් එක් තානාපති පණිවිඩයකට අනුව බ්‍රිතාන්‍යය මොවුන්ට මාස 18ක් තිස්සේ පුහුණුව ලබා දුන් බව තහවුරු වෙයි. කෙසේ වුවද ඇමෙරිකාව මෙම කාර්ය බලකායේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සැළකිල්ලට ගෙන ඔවුන්ව පුහුණු කිරීම ප්‍රතික්ෂේප කොට ඇත.
අලුත්ම වාර්තා වලින් දැක්වෙන පරිදි ලඟදී මෙම ක්ෂණික කාර්ය බලකාය විසින් විනාඩි 90ක් ඇතුලත නගර දෙකකදී මිනිසුන් දෙදෙනෙක් මරා දමා ඇත්තේ අවස්ථා දෙකේදීම 'වෙඩි හුවමාරුවක්' ඇති වූ බව කියමිනි.(ගාර්ඩියන් පුවත්පතේ වාර්තාව මෙතනින් බලන්න)  

-ලංකා ටීවී-

කාන්තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)

කන්තාවන් බොහෝ විට කෙලින් කියන්න ඔනෙ දේ කියන්නෙ නෑනෙ. ඔබට කාන්තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න කියාපු උපකරණය,



ෆේස් බුක් ලෝක සිතියම සහ චීනය

ෆේස් බුක් මගින් පරිශීලකයන්ගේ දත්ත උපයෝගී කරගෙන, ගෝලීය මිතුරු සම්බන්දතා නිරූපණය කරන ලෝක සිතියමක් උත්පාදනය කර තිබේ. මෙමගින් ලෝකයේ එක් එක් ප්‍රදේශ වල ෆේස් බුක් පරිශීලික ඝනත්වය පැහැදිලිව නිරූපණය වේ. මෙම සිතියමෙන් චීනය ෆේස් බුක් පරිශීලනයෙන් ඉවත්ව සිටින බව මනාව පිලිබිඹු වේ.

Wednesday, December 22, 2010

රනිල්ට හොඳ පළපුරුද්දක්-සජිත්ට හොඳ ඉල්ලුමක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ පළපුරුද්දක් ඇති බවත්,සජිත් ප්‍රේමදාස මහතාට ගම් මට්ටමින් හොඳ ඉල්ලුමක් ඇති බවත් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඒ නිසා මේ දෙදෙනාගේ අත්වැල් බැඳගැනීම තුළින් එක්සත් ජාතික පක්ෂයට දුර දේශපාලන ගමනක් යා හැකි බව හෙතෙම කියා සිටියේ අද(22)කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
12 වන දා පවත්වන ලද එක්සත් ජාතික පක්ෂ සමුළුව ට ජනාධිපතිවරයා පවා බියවී ඇති බවත්,ආණ්ඩුවේ ඇතැමුන් කරන කතා බස් වලින් ඒ බව තහවුරු වන බවත් විජේවර්ධන මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ මාධ්‍ය මගින් කුමන අන්දමේ ප්‍රචාරයක් ගෙන ගියද මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් හෝ මතභේදයක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් විපක්ෂය සමග අත්වැල් බැඳගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්,ඉදිරියේදී ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වී එ.ජා.පයට එක්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.


- ලංකා ටීවී - 

Wednesday, December 15, 2010

වසරකට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නවා


වසරක දී මෙරට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නා බවට අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. 

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් ‍දැනුවත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බව එම අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ‍ ‍කළේය. 

මෙරට ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන බොහෝ රටවල වසර 18 ට අඩු විවාහ තහනම් බව ඒ පිළිබඳ අදහස් දැක් වූ නීතීඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය. 

එසේ බාලවයස්කාර විවාහයන් සිදුකිරීම තුළින් එම දරුවන් නොව විවාහය සිදුකිරීමට උපදෙස් ලබාදෙන්නන්, එම විවාහයන් සිදුකරගන්නා අය සහ මව්පියන් ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියෙහි වරකරුවන් ලෙස අධිකරණය ඉදිරියට පැමිණවිය හැකි බව ද එම මහත්මිය අවධාරණය කළාය.


- ලංකා ටීවී - 

Sunday, December 12, 2010

බ්‍රිට්නි ගේ අළුත් ඇල්බමය 'Spears' - (Britney Spears new album 'Spears')

බ්‍රිට්නි ගැන වෙන වෙන බයිල කථා අහල ඇති වෙලාද ඉන්නෙ. මෙන්න එහෙනම් එයාගෙ සින්දුවක්  අහල බලන්න.  ලබන මාර්තු මාසයේදි මේ අළුත් ඇල්බම් එක නිකුත් කරන බවට පසුගිය දා ඇයගේ උපන්දිනයේදී ඇය ප්‍රකාශ කලා. දැනට මෙම ඇල්බමය 'Spears' ලෙස නම් කිරීමට සිතාසිටින බව තවදුරටත් ඇය ප්‍රකශ කලා. බ්‍රිට්නි අක්කා/නංගි මෙහෙම සිංහලෙන් නම් නෙමයි කියල තියෙන්නෙ.

මෙන්න මෙහෙම : "I’m almost done with my new album and it will be coming out next March. I AM IN L-O-V-E WITH IT!"

2008 වසරේදී තමයි මීට පෙර ඇය ඇල්බමයක් නිකුත් කලේ.

Wednesday, December 8, 2010

සක්‌විති බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

රුපියල් කෝටි සියයකටත් අධික ජනතා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සක්‌විති රණසිංහ ඊයේ (7 දා) බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
සක්‌විති රෝහල්ගත කිරීමට පෙර බන්ධනාගාරයේ වූ රුපවාහිනි යන්ත්‍රයක්‌ද පොළවේ ගසා විනාශ කළ බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල්ගත කළ සක්‌විති රණසිංහගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා ඊයේ සවස ඔහු විශේෂ වෛද්‍ය පරීක්‌ෂණයකට ලක්‌ කිරීමට නියමිතව තිබිණි.
මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සක්‌විති යම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත මීට පෙර ඔහු වෛද්‍ය පරීක්‌ෂණයකටද ලක්‌ කෙරිණි.

-ලංකා ටීවී-

Tuesday, November 30, 2010

ස්මැක් දැට් (සිංහලෙන්).. Smack That Sinhala version

මතක ඇතිනෙ කලින් දාපු වකා වකා සිංහල ගීතය. මේකත් ඊට දෙවෙනි නෑ. අහලම බලන්නකො. ඒකොන් මාමට වහ කන්න හිතෙයි මේක ඇහුනොත්.

උදාරිගෙන් ඔඩෙල් එකට විරුද්ධව පැමිනිල්ලක්

පසුගිය දිනවල ඔඩෙල් වෙලදසැලෙන් රෙදි සොරකම් කොට වැරදිකාරිය වූ ටෙලිනාට්‍ය නිළි උදාරි චාමිකා වර්ණසූරිය එම සාප්පුවේ සේවකයන් පිරිසකට එරෙහිව පැමිනිල්ලක් කොට තිබෙනවා.ඒ තමා දණ ගස්වා එම රෙදි සමග පින්තූර ගත් බව කියමින්. ඒ අනුව රහස් පොලිසිය ඒ පිලිබද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි ප‍්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රහස් පොලිසියට අද නියෝග කෙළේය.


අප වෙත වාර්තාවන පරිදි ඇය රෙදි සොරකම් කොට අසුවූ අවස්තාවේ පොලිසියට කතා නොකොට ඔඩෙල් හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධනගේ උපදෙස් මත ඇයගේ පෞද්ගලික ආරක්ෂක භටයා විසින් ඇයව බලෙන් දණ ගස්වා ඇත


-ලංකා ටීවී-

Monday, November 29, 2010

වකා වකා සිංහලෙන් - Waka Waka sinhala version

මේක මටත් එව්වෙ මගේ යාළුවෙක්. අහල බලන්න, පට්ටම ආතල්.


Sunday, November 28, 2010

විදුලිය ඇණහිටීම ගැන පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බල පැවැත්වෙන පරිදි අද පස්වරුවේ සිදුවූ හදිසි විදුලිය ඇණහිටීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 

අද පස්වරු‍ 2.45ට පමණ කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ විදුලිය ඇණහිටි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල මහතා සඳහන් කරයි. 

කෙසේ වුවද මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් අමරපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය.


-අද දෙරණ-

"O" අකුරු දෙකේ වෙබ් අඩවි නොහොත් Double 'O' syndrome

අපි සාමන්‍යයෙන් ලමයෙකුට නමක් තබද්දී සෑහෙන්න හොයල බලනවනෙ (කාර්ඩ් එකක් තියද්දි උනත්). ඒ වගේම තමා වෙබ් අඩවියකට නමක් දමන්නෙත්. කොහොම උනත් දැනට ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි වල නම් විශ්ලේශනය කරද්දි පෙනෙන දෙයක් තමයි, ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවි වල නම් වල 'O' අකුරු දෙකක් තිබීම.
   උදා :-  Google, Yahoo, Facebook, Wanadoo, Microsoft
     
 මේ ගැන විවිධ විවිධ මත පලවෙනව.
ඔය ගොල්ලන්ට මොකද හිතෙන්නෙ ??

Saturday, November 27, 2010

වයස අවුරුදු 10ට අඩු මනාලියෝ

මීට දින කිහිපයකට කලින් ස්නූපර් ගෙ විද්‍යුත් ලිපිනයට ආපු ලිපියක් ගැන හොයල බලද්දි මේ ගැන හමෝටම කියන්න හිතුන. මේ උත්සවය මීට දින කිහිපයකට කලින් පැවතුනේ. මෙතන කපල්ස් 450ක් ඉදල, එතනින් ලාබාලම මනාලියට වයස අවුරුදු 6යි.
කාට කියන්නද ?
මෙවැනි මංගල උත්සව ගාසා තීරයේ රටවල මුස්ලිම් ජනතාවට නම් එතරම් නුහුරු දෙයක් නෙමේ.
වැඩි විස්තර නැතුව කෙලින්ම වෙඩින්ග් ෆොටෝස්ම දාන්නම්කො.

අයවැයේ සංඛ්‍යා ලේඛන අසත්‍යයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අද (27)ය. විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙවර අයවැය විවේචනය කරමින් සිය අදහස් පළ කළේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වූ බව පාර්ලිමේන්තු මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය
මංගල සමරවීර මහතා විසින් සිය කතාවේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනයට ලක්කිරීම මෙම විරෝධයට හේතු වූ බව ද ඔහු කියා සිටියේය.
මෙවර අයවැයේ අඩංගු වන සංඛ්‍යා ලේඛන පිළිබඳව ද සමරවීර මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඒවා අසත්‍ය තොරතුරු බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම උතුරේ අවතැන්වූවන්ට සහ උතුරේ ජනතාවට මෙම අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බව ද මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය කතාවේදී පෙන්වා දී තිබේ.
යුද්ධයක් නොමැති වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිවී තිබීම පිළිබඳව ද ඔහු සිය කතාවේදී අදහස් දක්වා ඇත.
ඉන්පසු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කතානායකවරයා මංගල සමරවීර මහතාගේ කතාව දැඩි විවේචනයට ලක් කර තිබේ.
රටේ සංවර්ධනය සිදුවන ආකාරය ජනතාව දන්නා බව ද ඔහු පෙන්වා දී ඇති බව මාධ්‍යය වාර්තාකරු සඳහන් කළේය.

-අද දෙරණ-

සමාජ යහපතට ලිංගික අධ්‍යාපනය නැතුවම බෑ !!!

අපේ රටේ දිනෙන්දින ඉහළ යන ස්ත්‍රී දූෂණ, ගබ්සා මෙන්ම ළමා අපචාර වලට ද හේතු වන්නේ ලිංගිකත්වය පිලිබඳ ඇති අල්ප දැනුම මෙන්ම ලිංගිකත්වය යන්න වරදවා වටහා ගැනීමයි. හැම පුරවැසියෙකුටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබේ නම් මිනිසා එය හුදු අනර්ථකාරී මෙවලමක් ලෙස නොව, මානසික හා කායිකව සුවයක් ලැබිය හැකි මානව අවශ්‍යතාවක් බවට හඳුනා ගනු ඇත.

Monday, November 22, 2010

අලුත් කැබිනෙට්ටුව

වටින් පිටින් සෑහෙන්න කථා ඇහෙන තවත් දවසක් ඔන්න උදා උනා. කවුරුත් දන්නවනෙ ඔන්න අපේ ජනාධිපතිතුමාගෙ දෙවෙනි පදවි ප්‍රාප්තියත් එක්කම අලුත් කැබිනෙට්ටුවක් දානවයි කිව්වනෙ. ඔන්න ඉතින් දැන් ටිකකට කලින් කොහොම හරි අමාරුවෙන් කැබිනෙට්ටුව ඇතුලට අලුත් කස්ටියකුත් රින්ගවල. ඇයි ඉතින් ජනාධිපතිතුමගෙ දෑත් සවිමත් කරන්න ස්වේච්චාවෙන්ම (සල්ලි එහෙම ගත්තෙම නෑ) ආපු අයටත් සලකන්න එපැයි.
ස්නූපර්ටත් ඉතින් නිකන් ඉන්න බෑ නෙව, ඔවා මෙවා ගැන ජන්ජාලයේ වටින් පිටින් බල බල යනකොට හොද කොමෙන්ටු ටිකක් හම්බුනා. ඔන්න එහෙනම් අවසරයි මහජනතාවගේ අදහස් වලට.


නිර්ණාමික පුද්ගලයෙක්
"ජන සුව සදන ආණ්ඩුවේ කෙරුම්... සාමාන්‍ය මිනිහට මොනවායින් කියලා අඩුවක් ද ඉතින් දැන්... කොච්චර කාලයක් බලාපොරොත්තු වුන අන්තිම වෙනසත් ලැබුණා නොවැ දැන්.....
ආණ්ඩුවේ මහ පුටුවේ ඉන්න රාජෝත්තමයාණන් වහන්සේගේ උපන්දිනය උත්සවය,දෙවන පදවි ප්‍රාප්තිය හා ඊට සමගාමි අනෙකුත් වැඩ සටහන් සඳහා පමණක් රුපියල් කෝටි 100 මුදලක් වියදම් කරන්න තරම් මේ ආණ්ඩුව කොච්චර නිහතමානීද. එදා වේල කන්න නැති හරියාකාරව ජිවත් වෙන්න බැරි ආර්ථිකයක් තියෙන රටක මේ පාලකයෝ තරම් මහජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන වෙනත් රටක් නැති තරම්.
වැටුප් වැඩීවීම් ගැන සුත්‍රයන් පෙන්නලා වැයවෙන මුදල් වල ප්‍රමාණය ගැන පම්පොරි ගහන මුන් කොහෙවත් නැති කසිකබල් වැඩවලට වියදම් කරන මුදල් ගැන අඩුතරමේ මූන්ට බලේට එන්න ඡන්දය දුන්න ගොබ්බයන්ටවත් වැටහීමක් නැති තරම. 
කාලයක් යුද්ධය විකුණගෙන කෑවා.කවුරුහරි කියන්න පුළුවන් කොහොම හරි තිස්අවුරුදු යුද්ධයක් නැති කරලා රටම නිදහස් කරගත්ත එකම ඇති කියලා.නමුත් පාලක පක්ෂයේ ඉහල සිට ආරක්ෂක අංශ වල ඉහල අයත් සමඟ මේ රටේ දුප්පත් මිනිහත් ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා.තුවක්කුවක් අරන් සාමාන්‍ය මිනිහා යුධ පෙරමුණට නොගියට ආර්ථික යුද්ධය වෙනුවෙන් හැමදාම දුකම උරුමකරගත් ජීවිතයට තවත් දුක එකතු කරගෙන රණවිරුවන් දිවි පරිත්‍යාගයෙන් කළ යුද්ධය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදුන්නා. 

Thursday, November 18, 2010

ලියනොයිඩ් උල්කාපාත වර්ෂාව

ඔන්න හා හා පුරා කියල ඉස්සෙල්ලම කියන්න යන්නෙ මේ වෙලාවෙ වටේ පිටේ වෙන දෙයක් ගැන. මේ දැන්ම එලියට බැහල නැගෙනහිර අහස දිහා පොඩ්ඩක් බලන්න. හරියටම කියනව නම් සින්හ රාශිය දිහා තමා බලන්න ඔනෙ. මේ වෙලවෙ 1.30 AM සින්හ රාශිය හරියටම නගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 30ක් විතර උඩින් තමා තියෙන්නෙ.

කෝ ඉතින් බැලුවම මොනද පෙන්නෙ කිව්වෙ නෑනෙ නේද ?
ඔය ගොල්ලො දන්නව ඇති නෙ උල්කාපාත වර්ෂාවන් ගැන. දැන් තියෙන්නෙත් අන්න එහෙම එකක්. මේක එසේ මෙසේ උල්කාපාත වර්ෂවක් නම් නෙමේ.මේව ගැන දන්න කියන උදවිය කියන විදිහට නම් විනාඩියකට දෙකක් විතර පැහැදිලිව බලා ගන්න පුලුවන්ලු. මමත් විනාඩි 15ක් විතර බලා ඉදල, බෙල්ලත් උළුක් කරගෙන යන්තන් එකක් දැක්ක.

කොහොම උනත් මේකෙ උච්චතම අවස්ථාව 2.30 AM වගේ බලා ගන්න පුලුවන් වෙයි කියල තමා අර උදවිය කියන්නෙ.

ආයුබෝවන් !!!

ඔන්න අද ඉදන් ස්නූපර් අලුත් වැඩකට අත ගහන්න යන්නෙ.
වටින් පිටින් අහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න පුලුවන් තැනක් තමා මෙතන.

මුලින්ම කියන්න ඔනෙ ඉතින් හැමදාම වගේ ඔයාලගෙ සහයෝගය ඕන. ඔයාල දන්න වටින් පිටින් ඇහෙන කථා ගැන අපිට ලියන්න. ස්නූපර් ගෙ විද්යුත් ලිපිනය : snooper6@gmail.com

එහෙනම් හැමෝටම සුබ දවසක්. !!!

Total Pageviews

Advertise