Showing posts with label කායික සම්බන්ධතා. Show all posts
Showing posts with label කායික සම්බන්ධතා. Show all posts

Monday, June 27, 2011

මීගමුව නගර මධ්‍යයේ ගණිකා නිවස වටලයි

මීගමුව නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ පෙරේදා (25 වැනිදා) වැටලූ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් එය පවත්වාගෙන ගිය කළමනාකරු සහ ගණිකා වෘත්තියේ නියෑළුණු කතුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතා මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් කතුන් අවුරුදු විස්‌සත් විසිහයත් අතර වයසේ පසුවන්නියන් බවත්, ඔවුන් හලාවත, මීගමුව හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.

මෙම ගණිකා නිවාසයට ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් පැමිණ ඇති බවත් මෙම ස්‌ථානය වැටලීමෙන් පසු කළ පරීක්‍ෂාවේදී එහි තිබී විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් 15 ක්‌ පමණ හමුවූ බවත් පොලිසිය කියයි.

Total Pageviews

Advertise