භූමිකම්පා මේ දිනවල පොදු ජනයා අතර අතිශය කතා බහට ලක් වන මාතෘකාවක් වී තිබේ. කෙතරම් දියුණු රටක් වුව ද ස්‌වභාවධර්මයා ගේ උදහස හමුවේ දණින් වැටීමට සිදු වූ ජපානය මේ කතිකාවතෙහි ආසන්නතම උත්ප්‍රේරකයයි. මහා පරිමාණයේ න්‍යෂ්ටික විනාශයක් දක්‌වා යා හැකි ව තිබූ භූමිකම්පාවේ අතුරු කථාව ද මේ අවධානය ඊට දිනා දීමට මුල් විය.
වාසනාවන්ත පිහිටුමක පිහිටා ඇති අපේ රට භූමිකම්පාවක් බඳු ව්‍යසනයකට සෘජුව ම නිරාවරණය වීමට ඉඩක් නොමැති වුවත් සුනාමි බඳු අමතක කළ නොහැකි විනාශයක් ඒ හා අත්වැල් බැඳගෙන පැමිණීමට ඇති ඉඩ සුළුපටු නො වේ. අනෙක් අතට මෑතකාලීනව ලෝක විනාශයක හාහෝවක් ලෝකය පුරා පැතිර ගොස් තිබීම මේ සංසිද්ධිය බරපතළ ලෙස කතාබහට ලක් වීමට හේතුවක් වී ඇත.
භූමිකම්පාව ලෝකය පුරා මිනිසුන් මුහුණ දෙන විනාශකාරී ස්‌වාභාවික ව්‍යසනයන් අතරින් එකක් පමණි. එහෙත් මිනිසා භූමිකම්පාවට මෙතරම් බිය වන්නේත් එය ඉදිරියේ අසරණ වන්නේත් ඇයි? ඊට දිය හැකි සරල පැහැදිලි ම හේතුව නම් භූමිකම්පා පිළිබඳ අප සතු ව ඇති නොදැනුවත්කමයි. භූමිකම්පාව පමණක් නො ව සුළි කුණාටු, ගංවතුර ආදී අනෙකුත් ස්‌වාභාවික ව්‍යසනයන් ද මැඬලීමට තාක්‌ෂණිකව උසස් යෑයි කියා ගන්නා මිනිසා තවමත් සමත් ව නැත. එසේ වුව ද එබඳු සංසිද්ධීන් ඇති වීමට හේතුවත්, සිදු වන ආකාරයත් ගැන සැලකිය යුතු මට්‌ටමකට ඉගෙනගෙන ඇති මිනිසා එම දැනුම උපකාරී කරගෙන එබඳු ව්‍යසනයන් කල් තියා පුරෝකථනය කිරීමට සමත් වී ඇති අතර ඒ හරහා එයින් සිදු වන හානිය අවම කරගැනීමට හැකි වී තිබේ.
එහෙත් භූමිකම්පාව මේ කුලකයෙන් වෙනස් ය. නූතන විද්‍යාවේ ශක්‍යතාවන්ට සරදම් කරන එහි හැසිරීම වර්තමාන මිනිස් දැනුමේ පුරෝකථනයන්ට හසු නො වන මානයක පවතියි. වසරක් පාසා අවාසනාවන්ත ලෙස මිනිස් ජීවිතවලින් වන්දි ගෙවන්නට හේතු වන්නේ මේ නොදැනුවත්කමයි.
බටහිර විද්‍යාවේ නූතන තාක්‌ෂණ උපක්‍රම හා මතවාදයන් භූ කම්පනයන් හමුවේ අසරණ වන බව ඇස් පනාපිට තහවුරු වී තිබේ. මේ තත්ත්වය හමුවේ භූමිකම්පාවක සම්භවය තේරුම් ගැනීම සඳහා නව ප්‍රවේශයක් දියත් විය යුතු බව පැහැදිලි ය. පෙරැළිකාර අදහසක් සමගින් මේ අවශ්‍යතාව තෘප්ත කිරීමට දේශීය පර්යේෂකයකු ඉදිරිපත් ව සිටින බවට පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ භූ අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන අතුල සේනාරත්න ය. ඔහු පවසන අන්දමට අපට භූමිකම්පාවක් ඇති වීම සාර්ථකව පුරෝකථනය කළ හැකි ය. මහාචාර්ය සේනාරත්න මේ නිගමනයට පැමිණෙන්නේ භූමිකම්පා ඇති වීම පිළිබඳව පවත්නා මතවාදයන් අභියෝගයට ලක් කෙරෙන නව මතවාදයක් හඳුන්වා දෙමිනි.
තවමත් නිශ්චිත නමකින් හඳුනාගැනීමට ලක් නො වී ඇති නමුදු මේ නව මතවාදයෙන් කියවෙන්නේ සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයන් ගේ ආකර්ෂණ බලයන් කේන්ද්‍රගත වීම හරහා මහාද්වීප තලවලට බලපෑම් එල්ල වී භූමිකම්පා ඇති වන බවයි.
එක් අතකින් බැලු කල මෙය සහමුලින් ම අලුත් සංකල්පයක් ම නො වේ. මහාචාර්ය සේනාරත්න ද පවසන පරිදි ඔහු පවා මේ අදහස තුළ මනස මෙහෙයවන්නට කල්පනා කරන්නේ අතීතයේ ලෝකය පුරා විසුරුණු යම් යම් ජාතීන් භූමිකම්පාවක් ගැන දැරුවේ යෑයි කියෑවෙන එක් පොදු අදහසක් ගැන සැලකීමෙනි. එම මිනිසුන් චන්ද්‍රග්‍රහණ හා සූර්යග්‍රහණ සමග ගත් කල භූමිකම්පා අතර යම් සබඳතාවක් ඇතැයි විශ්වාස කළ අතර එසේ සිතා පළ කළ අනාවැකි යම් යම් තැන්වල දී සාර්ථක වී ද, අසාර්ථක වී ද තිබේ. මහාචාර්ය සේනාරත්න උත්සාහ කර ඇත්තේ හිරු සඳු පමණක් නො ව අනෙකුත් ග්‍රහවස්‌තූන් ද සැලකිල්ලට ගෙන ඒවායේ පිහිටීම් හා භූමිකම්පා ඇති වීම් අතර පැහැදිලි සබඳතා රටාවක් පවතින්නේ දැයි සොයා බැලීමට ය. මේ සඳහා ඔහු පසුගිය වසර සියයක කාලය තුළ ලොව පුරා වාර්තා වූ රික්‌ටර් මාපාංක 5ට වැඩි වූ භූමිකම්පා ඇති වූ ස්‌ථානවලට සාපේක්‌ෂව ඒ මොහොතේ දී ග්‍රහ වස්‌තුන් ගේ පිහිටීම සිතියම්ගත කොට තිබේ. මේ සඳහා ඔහු භාවිත කර ඇත්තේ ජ්‍යෙdතිෂ්‍ය කටයුතු සඳහා භාවිත කරන මෘදුකාංගයකි. එයට අනුව පෙනී ගොස් තිබෙන්නේ ඒ සැම අවස්‌ථාවක ම පාහේ අනෙකුත් ග්‍රහ ලෝක පෘථිවියට සාපේක්‌ෂව පොදු රටාවකට ගොනුගත වී තිබූ බවයි.
භූමිකම්පාවක් බොහෝ විට ඇති වන්නේ ලෝකය තැනී ඇති මහාද්වීපික තලවල දාරයන් ආසන්නයෙනි. මේ තල වසරකට සෙන්ටිමීටර කිහිපයක වේගයෙන් එකිනෙකට සාපේක්‌ෂව විවිධ දිශාවන්ට චලනය වේ. මහාචාර්ය සේනාරත්න පෙන්වා දෙන අන්දමට හුදෙක් මේ තත්ත්ව යටතේ භූමිකම්පා ඇති විය නොහැකි ය. ඔහු ගේ අදහස අනුව ඒ සඳහා යම් බාහිර බලපෑමක මැදිහත් වීමක් තිබිය යුතු ය. එබඳු බලපෑමක් එල්ල කළ හැකි එක ම ප්‍රභවය වන්නේ හිරු සඳු ප්‍රමුඛ ග්‍රහලෝක බව ඔහු පවසයි.
මහාචාර්ය සේනාරත්න තම මූලික තර්කය ගොඩනඟන්නේ වඩදිය බාදිය ඇති වීමේ සංසිද්ධිය මුල් කර ගනිමිනි. ඔහුට අනුව හඳෙහි ගුරුත්වාකර්ෂණ බලයට සමස්‌ත පෘථිවියේ සාගරය එසවීමට තරම් බලයක් තිබේ නම් එබඳු බලවේගයකට මහාද්වීපික තල හෝ එයට යටින් පිහිටා ඇති මැග්මා ප්‍රවාහයට ද බලපෑම් එල්ල කළ හැකි විය යුතු ය. ඔහු විශ්වාස කරන්නේ එබඳු ගුරුත්ව බලයක් මගින් මහාද්වීපික තලයන්හි දාරයන් අසල පෘථිවි අභ්‍යන්තරයේ ඇති කරන කැළඹීමක් නිසා ඇති වන අසමතුලිත තත්ත්ව භූමිකම්පා හට ගන්නට හේතු වන බවයි.
මහාචාර්ය සේනාරත්න ඉදිරිපත් කරන තර්කය පැහැදිලි නමුත් ඒ සඳහා ඔහු පිළිගත හැකි අන්දමේ ප්‍රමාණවත් විද්‍යාත්මක පදනමක් ගෙන එන්නේ ද යන්න නම් ගැටලුවකි. ගුරුත්වාර්ෂණ බලපෑම් ඇසුරෙන් මේ සංසිද්ධිය පැහැදිලි කරන ඔහු හිරු සඳු ගේ හා සඳු ගේ බලපෑම් පමණක් ගෙන කළ ගණනය කිරීම්වල දී භූමිකම්පා සහ ඒවා අතර පැහැදිලි සබඳතාවක් දක්‌නට නො වූ බවත් සමස්‌ත ග්‍රහ මණ්‌ඩලයේ ම පිහිටීම ගෙන සලකා බැලු විට මනා සබඳතාවක් නිරීක්‌ෂණය කිරීමට හැකි වූ බවත් පවසයි. එහෙත් ගැටලුව ඇත්තේ හිරුට හා සඳුට සාපේක්‌ෂව ගත් කල අනෙකුත් ග්‍රහ වස්‌තූන් මගින් පෘථිවිය මත ඇති කරන ගුරුත්ව බලය ඉතා අල්ප වීමයි. මේ පිළිබඳව අදහස් දක්‌වන මහාචාර්ය සේනාරත්න පවසන්නේ එය මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ගෙන ආ හැකි මතවාදී ආකෘතියක් පමණක් බවයි. එය අනාගතයේ දී වැඩිදියුණු වීමට, ප්‍රතික්‌ෂේප වීමට හෝ වෙනත් අදහසකින් ප්‍රතිස්‌ථාපනය වීමට ඇති ඉඩ ඔහු පිළිගනියි. එහෙත් ඔහු අවධාරණය කරන්නේ වඩාත් ම වැදගත් කාරණය නිරීක්‌ෂණය බවයි. සිදු වන ආකාරය කවරක් වුවත් භූමිකම්පා සහ ග්‍රහ පිහිටීම අතර පැහැදිලි සබඳතාවක් ඔහු හඳුනාගෙන තිබේ. එයට අනුව ග්‍රහලෝකවල පිහිටීම ඇසුරෙන් පෘථිවිය මත භූමිකම්පා ඇති වීම පුරෝකථනය කළ හැකි ය. වඩාත් වැදගත් වන්නේ එම හැකියාවයි.
මහාචාර්ය අතුල සේනාරත්න පවසන අන්දමට පසුගිය මාස කිහිපය ඇතුළත ලෝකයේ සිදු වූ විශාල භූමිකම්පා සියල්ල ම පාහේ නිවැරැදිව පුරෝකථනය කිරීමට මේ නව ක්‍රමවේදය හරහා ඔහු සමත් ව තිබේ. පසුගිය දා ජපානයේ හොන්ෂු දූපතේ සිදු වූ භූමිකම්පාව ද ඒ අතරට අයත් ය. කෙසේ නමුත් සිදු වූ යමක් ගැන පුරෝකථනය කර තිබුණා ය යන ප්‍රකාශයෙන් පමණක් සෑහීමට පත් වීමට විදුසර පාඨකයන් සූදානම් නොමැත. මේ අභියෝගය සතුටින් භාර ගන්නා මහාචාර්යවරයා ඉදිරියේ දී සිදු වීමට නියමිත භූමිකම්පා පුරෝකථනයන් තුනක් අප වෙත ලබා දී තිබේ. එයට අනුව අප්‍රියෙල් මස 17 වැනි දා සහ අප්‍රියෙල් මස 22 වැනි දා චිලී හා ආජන්ටිනා රටවල් ආශ්‍රිත වත්, අප්‍රියෙල් 18 වැනි දා නවසීලන්තය ආශ්‍රිත වත් භූමිකම්පා ඇති වීමට නියමිත ය. මේ අනාවැකි සැබෑ වනු ඇත් දැයි හෝ බොරු වනු ඇත් දැයි හෝ නිරීක්‌ෂණය කිරීමට අපි පාඨකයන්ට ආරාධනා කර සිටිමු.
කෙසේ වෙතත් මේ අනාවැකිවල සත්‍ය අසත්‍යතාව මත ම මේ මතවාදය නිවැරැදි ද නැත් ද යන්න තීරණය කිරීමට අප ඉක්‌මන් විය යුතු නැත. එබඳු නිගමනයකට පැමිණිය යුත්තේ පිළිගත හැකි සාධක සහිත කල්ගත වන නිරීක්‌ෂණයකින් අනතුරු ව ය. මේ ක්‍රමවේදය අනාගතයේ දී ලෝක අවධානය දිනාගන්නා පෙරැළිකාර සොයාගැනීමක් බවට මෙන්ම අපකීර්තිමත් හිස් ව්‍යායාමයක් බවට පත් වීමට වුව ඉඩ තිබේ. එහෙත් වඩාත් වැදගත් කාරණය වනුයේ අපේ පර්යේෂකයන් මෙබඳු නව ප්‍රවේශයන් තුළින් ඉදිරියට යැමට උත්සාහ කිරීමයි. සාර්ථක වුව ද අසාර්ථක වුව ද එම ව්‍යායාමයන් සැබැවින් ම අගය කළ යුතු ය.
ශ්‍රී ලංකාව තුළ මේ අදහස පුළුල් කතිකාවතකට භාජන වන එකක් විය හැක්‌කේ ජ්‍යෙdතිෂ්‍යවේදය මෙරට තුළ මුල් බැසගෙන ඇති බැවිනි. ග්‍රහලෝකවල බලපෑම මිනිසාට එල්ල වනවා ය යන අදහස තුළ මේ අදහස ද නොවැළැක්‌විය හැකි ලෙස වලංගුභාවයට පත් වේ. කෙසේ වෙතත් මහාචාර්ය අතුල සේනාරත්න මේ පිළිබඳව සුවිශේෂී අදහසක් නො දරන බව සටහන් කළ යුතු ය. මේ සිදු වීම සමහර විට අපට ගුරුත්වය මගින් හෝ තත්කාලීන විද්‍යාවට හසු වන වෙනත් බලවේග මගින් විස්‌තර කිරීමට නොහැකි වනු ඇත. එසේ වෙතත් එහි ප්‍රතිඵලය නිවැරැදි නම්, මේ ක්‍රමවේදය හරහා භූමිකම්පා නිවැරැදිව පුරෝකථනය කළ හැකි වනු ඇත්නම් තමන් නො දන්නා තවත් බොහෝ බලවේග පවතින බව පිළිගැනීමටත් ඒවා කවරේ දැයි සොයා ගැනීමටත් විද්‍යාවට සිදු වනු ඇත. ඒ කෙසේ වෙතත් වාර්ෂිකව මිනිසුන් දස දහස් ගණනක ගේ ජීවිත දේපළ ආරක්‌ෂා කර ගැනීමට අපට මේ ක්‍රමවේදය හරහා හැකි වුව හොත් වඩා වැදගත් වන්නේ එයයි.

The butterfly effect කියන සිද්දාන්තය තුල මෙවෑනේ කාලගුනික දේශගුනික විපර්යාස යම්තරමක් දුරට වටහාගත හිකී නේද??? අතිශයින් සන්කිර්න විශ්වය,සරුවක් ග්‍රහ මන්ඩලය,නත්තම් පෘතුවිය වෑනි පද්දතින් වල සිදුවන පොඩි වෙනසක් සම්පුර්න පද්දතියේම සමතුලිත තාවයට බලපාන්න පුලුවන් නේද???
ReplyDelete