Showing posts with label පොලිසිය. Show all posts
Showing posts with label පොලිසිය. Show all posts

Monday, June 27, 2011

කකුල් දෙකෙන් කුඩු ගැසූ දෙඅත් අහිමි අයෙකුට රු. 5000ක දඩයක්

දෙපා යුගළයෙන් හොරොයින් දුම් පානය කිරීමේ චෝදනාව මත කොල්ලුපිටිය පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙඅත් අහිමි පුද්ගලයෙකුට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රුපියල් 5000 ක දඩයක් නියම කළාය. දඩ මුදල ගෙවීමට නොහැකි බව සඳහන් කළ සැකකරු අධිකරණය හමුවේ තමාට ප්‍රජා සේවයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.
තවද ඔහුට දෙ අත් අහිමි වූවාට දෙපා යුගලයෙන් ඕනෑම දෙයක් කිරීමට හැකි බව සඳහන් කළ පොලිසිය හෙරොයින් පානය සඳහා ගිනි පෙට්ට්යේ කුරු ගැසීම හා කුඩු පැකට්ටුව නාසයට තබා උරා බීමට හැකි බව සඳහන් කළේය. සිසිර කුමාර නැමැති සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ සිඟා කෑමේ නිරත ව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුට ප්‍රජා සේවය නියම කළාය.

Saturday, May 21, 2011

අල්ලස් ගනිද්දී පොලිස් පරීක්ෂක කොටු වෙයි

රථවාහන බලපත්‍රවලට සම්බන්ධ වරදක් සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10000ක අල්ලසක් ඉල්ලා ලබා ගත් කොළඹ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ පොලිස් පරීක්ෂක වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරු මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සිදු කළ රථවාහන බලපත්‍ර වරදට මෙසේ අල්ලසක් ඉල්ලා සිටින බව ඔහු විසින් පසුගිය (16) දා අල්ලස් කොමිෂමට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පෙරේදා (19) පස්වරුවේ මෙම මුදලින් අඩක් එනම් රුපියල් 5000 ක් ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට පත්විය. ඔහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ‘සභාපති’ ඩී.ජේ.ද එස් බාලපටබැඳි මහතාගේ අනුමැතිය යටතේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මී ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා මෙම වැටලීම සිදු කළේ ය.

විජයානි එදිරිසිංහ

Wednesday, April 13, 2011

මහරගම අවට නිවෙස්‌ සුද්ධ කළ හොරා පොලිස්‌ දෙදෙනෙක්‌ දැලේ (නිල ඇඳුම් සපයා ඇත්තේ කොස්‌තාපල් කෙනෙක්‌)




පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසී පොලිස්‌ 119 සේවයේ නම විකුණමින් කාලයක්‌ තිස්‌සේ මහරගම සහ ඒ අවට පළාත්වල නිවෙස්‌වලට ගොස්‌ රන් ආභරණ මිල මුදල් යතුරු පැදි කොල්ල කෑ ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ සහ සැරයන්වරයෙක්‌ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.



මෙම දෙදෙනාට පොලිස්‌ ඇඳුම් සැපයූ රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ කොස්‌තාපල්වරයකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.



මෙම කල්ලිය නිවෙස්‌ දහයකට ගොස්‌ රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා රන් අභරණ මෙසේ පැහැරගෙන ගොස්‌ තිබේ.



ව්‍යාජ උප පොලිස්‌ පරීක්‍ෂකවරයා එක්‌ අයෙකුගෙන් මෙසේ කට උත්තර ගනිද්දී, සැරයන්වරයා ලෙස සිවිල් ඇඳුමෙන් පෙනී සිටි තැනැත්තා නිවෙස්‌වල අල්මාරි විවෘත කර මෙසේ රන් අභරණ මිල මුදල් සාක්‌කුවේ දමා ගැනීමට පුරුදුවී ඇත.



උප පොලිස්‌ පරීක්‍ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සැකකරු ත්‍රීවීල් රථ රියෑදුරෙකු බව තලංගම පොලිසිsය කියයි.



මොහුගේ ත්‍රීවීල් රථයෙන් මීට කලින් ගිය පොලිස්‌ නිලධාරින් පරීක්‍ෂණ පවත්වන ආකාරය තමා හොඳින් දැන ඇති බවද ඒ අනුව මෙම හොරකම සිදුකිරීමට තමාගේ සිත තුළ අදහසක්‌ ඇතිවූ බවද සැකකරු පවසා තිබේ.


Monday, March 14, 2011

ග්‍රෑන්ඩ්පාස්‌ බාබුල් නිෂ්පාදනාගාරය

කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ මහවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගංජා මිශ්‍ර බාබුල් නිෂ්පාදන පැකට්‌ කර අලෙවි කරන ස්‌ථානයක්‌ (10 වැනිදා) දහවල් වැටලූ බ්ලූමැන්ඩල් පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ සැකකරුවකු සමග බාබුල් කිලෝ එකොළහමාරක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්න්පාස්‌ මහවත්ත ප්‍රදේශයේ බාබුල් පැකට්‌ කර නොයෙකුත් ප්‍රදේශවලට බෙදාහරින බවට පොලිසියට ලද තොරතුරක්‌ මත එම ස්‌ථානය වටලා සැකකරු සමග බාබුල් තොග අත්අඩංගුවට ගත් බව වැටලීම කළ නිලධාරියකු පැවසීය.

සැකකරුවන්ගෙන් ප්‍ර්‍රශ්න කිරීමේදී කාලයක්‌ තිස්‌සේ මෙම ස්‌ථානයේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය වටලන අවස්‌ථාවේ සැකකරු තවත් බාබුල් තොගයක්‌ අලෙවිකර ඇති බවත් හෙළිකරගෙන ඇත.

කොළඹ උතුර ෂෂ භාර සහකාර පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල මහතාගේ අධීක්‍ෂණයෙන් මෝදර පොලිස්‌ ස්‌ථානාධිපති නිලුපුල් සෝමසිංහ මහතාගේ උපදෙස්‌ මත බ්ලූමෙන්ඩල් පොලිස්‌ ස්‌ථානාධිපති අතුල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් (57880) ධර්මසේන, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සම්පත් (72973) කුලරත්න (69166), මධුසංක (83844) යන නිලධාරීන් බාබුල් තොගය පරීක්‍ෂා කරන අයුරු මෙහි දැක්‌වෙන අතර සැකකරු මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

චමින්ද සිල්වා
 

Thursday, March 10, 2011

No cafes for teens

altChildren under 18 years of age have been barred from Internet Cafés in the Kurunegala district and if they need access a letter must be submitted from the principal of their school, reports said today.


According to a report on The Island newspaper the Kurunegala police are keeping a sharp eye on Internet Cafes in the Kurunegala District and are enforcing laws to control their activities. This follows an order from Senior Superintendent of Police for Kurunegala, Vass Gunawardene.
The owners of the Internet Cafes have been instructed by the police not to allow any children below the age of 18 to enter their cafes.
"During the past few months, several incidents were reported about malpractices at those centers. The main objective of the program is to save our younger generation from various vices," SSP Gunawardene was quoted by The Island as saying.
The program is being implemented by the Kurunegala Police with the assistance of several other police stations under the direct supervision of SSP Gunawardene, the report said.

Sunday, February 27, 2011

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි 
කොළඹ-හලාවත දුම්රිය මාර්ගයේ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී දුම්රිය ඇංජිමක හැපී අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද සවස 4.00 ට පමණ ගණේමුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණි අත් ට්‍රැක්ටරයක් දුම්රිය මාර්ගය වසා තිබියදී මුරකපොල්ල නොතකා ඉඩකඩ තිබූ තැනකින් අත් ට්‍රැක්ටරය ඇතුළු කරවූ බවත්,එහිදී ඒ වන විට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවති දුම්රිය ඇංජිමක ගැටුණු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අත් ට්‍රැක්ටරය පැදවූ තැනැත්තා ඒ මොහොතේම එතැනදීම මිය ගිය බව සඳහන් වේ.

ඊයේ රාත්‍රීයේද මෙම ස්ථානයේ දී තවත් අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත් වූ අතර මීට සති දෙකකට ඉහතදී තවත් කාන්තාවක්ද මෙම ස්ථානයේදීම අනතුරට ලක්වී මිය ගොස් ඇත.

Friday, February 11, 2011

පාසල් දරුවන්ට "කුණුහරුප" විකුණද්දී දෙදරු පියා අල්ලයි

පාසල් දරු දැරියන් අතරේ අසභ්‍ය සඟරාවක්‌ බෙදා හරිමින් සිටි 57 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල පොලිස්‌ථානයේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් ගලේවෙල නගරයට නුදුරින් වූ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්‌ අසල තිබූ නිවසක්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම අසභ්‍ය සඟරා තොගය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සඟරාව පාසල් දරු දැරියන්ට රු. 200 බැගින්a විකුණන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර අත්අඩංගුවටගත් මෙම අසභ්‍ය සඟරා තොගය හා සැකකරු පෙරේදා (9 වැනිදා) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර, පො. සැ. (27325) අතාවුද (31057) වික්‍රමාරච්චි, පො. කො. (33165) රංජීව (18980) සම්පත් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

ගලේවෙල - සාතික්‌ මොහොමඩ්

Sunday, January 23, 2011

මම අත්අඩංගුවේ -මන්ත්‍රී කියයි, අත්අඩංගුවේ නෑ -පොලිසිය කියයි

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී. ප්‍රශාන්තන් මහතා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

ආරියම්පති ප්‍රදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතාට පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙන බව මඩකළපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි එම් කරුණාරත්න මහතා සඳහන් කළේය.

නමුත් අදාළ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු පොලීසියට බාරවී ඇති බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජල ගැලීම් වලින් පීඩාවට පත් වූ මඩකළපු දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදුන් සහනාධාර වංචා කළ බවට චෝදනා කරමින් ටී. එම්. වී. පී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රිවරයා පසුගිය සඳුදා ආරියම්පති ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් බව වාර්තා විය.

එවැනි පහරදීමේ සිද්ධියක් සිදුවු බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවත් ආරියම්පති ප්‍රාදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතා මීට පෙර අද දෙරණට ප්‍රකාශ කර තිබුණි.

නමුත් තමන් මේ වනවිට කාත්තන්කුඩි පොලිස් අත්අඩංගුවේ පසුවන බව මේ සම්බන්ධව අද දෙරණ කළ විමසීමකදී ප්‍රශාන්තන් මහතා අවධාරණය කර සිටියේය

Total Pageviews

Advertise