Showing posts with label බීමතින්. Show all posts
Showing posts with label බීමතින්. Show all posts

Monday, June 27, 2011

කකුල් දෙකෙන් කුඩු ගැසූ දෙඅත් අහිමි අයෙකුට රු. 5000ක දඩයක්

දෙපා යුගළයෙන් හොරොයින් දුම් පානය කිරීමේ චෝදනාව මත කොල්ලුපිටිය පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙඅත් අහිමි පුද්ගලයෙකුට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රුපියල් 5000 ක දඩයක් නියම කළාය. දඩ මුදල ගෙවීමට නොහැකි බව සඳහන් කළ සැකකරු අධිකරණය හමුවේ තමාට ප්‍රජා සේවයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.
තවද ඔහුට දෙ අත් අහිමි වූවාට දෙපා යුගලයෙන් ඕනෑම දෙයක් කිරීමට හැකි බව සඳහන් කළ පොලිසිය හෙරොයින් පානය සඳහා ගිනි පෙට්ට්යේ කුරු ගැසීම හා කුඩු පැකට්ටුව නාසයට තබා උරා බීමට හැකි බව සඳහන් කළේය. සිසිර කුමාර නැමැති සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ සිඟා කෑමේ නිරත ව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුට ප්‍රජා සේවය නියම කළාය.

Thursday, January 27, 2011

බීමතින් අනතුරකට ලක්ව රෝහල් ගියොත්.........

බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහලගත වන රෝගීන්ගෙන් රුපියල් දෙදහක රෝහල් බිලක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන අතර බීමත්කමින් රෝහල් ගත වන අයගේ බිල අය කරන චක්‍රලේඛයේ ප්‍රථම පියවර ලෙස මෙය ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම මාර්ග අනතුරකදී වාහනය පැද වූ පුද්ගලයා අනතුරට ලක්වීමට හේතුව මත්පැන් පානය කිරීම බව වෛද්‍යවරුන් සනාථ කළහොත් මෙසේ රෝහල් බිල අයකර ගැනීම කෙරෙයි. මෙම ක්‍රියාවලියේ මූලික පියවර ලෙස රුපියල් දෙදහසක මුදලක් අයකර ගැනීම සිදුකරන අතර පසුව රෝගීයාව සුව කිරීමට රෝහලෙන් ලබාදෙන සියලු ප්‍රතිකාරවලට සම්පූර්ණ මුදලම අය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
බොරැල්ල දකුණ බටහිර බෙහෙත් ශාලාව පෙරේදා (25) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. බීමත්කම නිසා රෝගී වී රෝහල්ගත වන පුද්ගලයන්ගේ රෝහල් බිල මුළුමනින්ම අයකර ගැනීම සඳහා නීතිපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

Total Pageviews

Advertise