Monday, April 11, 2011

පාදුක්‌ක කොල්ලකල්ලියක්‌ මෙහෙයවූ කාන්තාවක් සමඟ සැක දෙදෙනකු අල්ලයි

සංවිධානාත්මක කොල්ලකල්ලියක්‌ මෙහෙයවූ කාන්තාවක්‌ සහ එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු මිලිමීටර් නවය වර්ගයේ පිස්‌තෝලයක්‌ හා එම ජීව උණ්‌ඩ හතරක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය (07 වැනිදා) සමත් විය.

ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් පාදුක්‌ක වටරැක දුම්රිය ස්‌ථානය අසලදී කොටුකර ගෙන තිබේ.

පාදුක්‌ක ප්‍රදේශයේදී වෑන් රථයක්‌ පැහැර ගැනීම, පාදුක්‌ක ප්‍රදේශයේ නිවසක්‌ මිලදී ගන්නා මුවාවෙන් ගොස්‌ එම නිවැසියන්ගේ රන් භාණ්‌ඩ ඇතුළු දේපළ කොල්ලකෑම, ඩෙංගු මර්දන නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදෙමින් දෙහිවල ප්‍රදේශයේ නිවසකට ගොස්‌ එම නිවැසියන් සතු රන් භාණ්‌ඩ ඇතුළු දේපළ කොල්ලකෑම, වරකාපොළ ප්‍රදේශයේ නිවසකට ගොස්‌ එම නිවැසියන් බියගන්වා දේපළ කොල්ලකෑම ඇතුළු තවත් කොල්ලයන් රැසක්‌ මෙම කල්ලිය විසින් සිදු කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

අත්අඩංගුවට පත් සැකකරුවන් කිරිවත්තුඩුව හා පාදුක්‌ක දාම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙම කොල්ලකල්ලියේ තවත් සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

මේ පිළිබඳව බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කේ. පී. පී. පතිරණ, නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජානක කුමාර මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන හේමන්ත, ජයන්ත පෙරේරා, පොලිස්‌ සැරයන් ලක්‍ෂ්මන් (28415), පොලිස්‌ කොස්‌තාපල් විපුල (51857), ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment

Total Pageviews

Advertise