මහාමායා, යශෝධරා යන උත්තමාවන් ආශ්‍රයෙන් සිංහල කාන්තාවගේ චරිතය සංවර්ධනය විය. මනා ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් බුද්ධකාලීන සිටු දියණියක වූ විශාඛාව හෙළ වනිතාවගේ චරිත සංවර්ධනයට පරමාදර්ශයක් විය.
චිරන්තන සිංහල සාහිත්‍යයේ ස්‌ත්‍රිය උත්කර්ෂයට නැංවී ඇතත් ඇය "පවිටු සත්ත්ව කෙනෙකැ" යි යන මතය තහවුරු කිරීමට ඉදිරිපත් කොට ඇති කතා ප්‍රවෘත්තීන් ද සුලබය. උත්තම කාන්තාවකගේ මූලික ලක්‌ෂණයක් නම් පතිධර්මය ආරක්‌ෂා කිරීමය. වෙස්‌සන්තර ජාතක කතාවේ මද්‍රි දේවී පරමාදර්ශී ස්‌ත්‍රියකි. ඈ වෙස්‌සන්තර රජු සමග විවාහ වීමෙන් පසු පතිවෘතයත් එයට පෙර කුමරි බඹසරත් දිවි හිමියෙන් රකින්නට ඇති බවට කිසි ම සැකයක් නැත. කුණාල ජාතකයේ අතුරු කතාවල සඳහන් ස්‌ත්‍රීන් විවාහ වන්නට පෙර ද නොහික්‌මුණු ජීවිත ගත කරන්නට ඇති බව සිතිය හැකිය. මා මේ වට රවුමෙන් ප්‍රවේශ වන්නට උත්සාහ කරන්නේ ස්‌ත්‍රියකගේ පවිත්‍ර අපවිත්‍රබවට බෙහෙවින් තුඩු දෙන ඇගේ කන්‍යා වෘතය පිළිබඳ සාකච්ඡා කරන්නටය.
අප සමාජයේ පිළිගැනෙන අදහසක් නම් ලිංගික එක්‌වීමකින් යම් පමණක පාරිශුද්ධත්වය වැනසෙන බවය. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් බොහෝ යතිවරුන් යම් යම් අධිගමයන්ට පත් වූයේ බඹසර හැසිරීමෙනි. එයින් වෙන් වුණු විට ඔවුන් සෘද්ධියෙන් පිරිහුණු අවස්‌ථා බොහෝය.
ස්‌වර්ණ මයුර, මහාමෝර ආදී ජාතක කතාවල මයුරයාගේ අවුරුදු පන්සියයක් රැකි බඹසර මොනර කිකිළියගේ රාග නිශ්‍රිත හැŽම නිසා බිඳී ගියේය. එකෙණෙහි ම මොණරාගේ පය වැද්දා ඇට වූ උගුලේ ඇමිණී ගියේය. අලම්බුසා ජාතකයේ තරුණ තාපසයා දිව්‍යාංගනාවගේ වසඟයට පත් ව වෘතහායනයට පත් විය. කුස ජාතකයේ සීලවතී බිසවට උත්තම පුත්‍රයෙකු ලැබුනේ ශක්‍රයා ඇගේ නැබ පිරිමැදීම නිසාය. සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගත්තේ මහාමායා දේවිය දුටු සිහිනයත් සමඟය. ඒ බව ජන කවියා කියා සිටින්නේ "සුදු සොඬ ටිකෙන් මගෙ බඩ පිරිමදිති අනේ" ආදි වශයෙනි. ඡේසුස් ක්‍රිස්‌තුස් බිළි¹ උපන්නේ සිය මව කන්‍යාවක ව සිටියදීය. මේ අනුව බලන විට ස්‌ත්‍රි පුරුෂ සම්භෝගය පාරිශුද්ධත්වයට යම් පමණකින් විරුද්ධ ව නැගී සිටින්නක් බව පෙනේ.
බුදු දහමේ පැවිද්දන්ට කාම සන්තර්පණය තහනම් කාරණයක් වුව ද ගිහියන්ට එවැනි නියමයක් නැත. ගිහියෝ පුරුෂ පක්‌ෂයට ලිහිල් බවක් ද ස්‌ත්‍රියට සම්බාධා ද පමුණුවමින් ලිංගික කාර්යයේ නියෑලෙති. ස්‌ත්‍රිය කෙරේ පමුණුවා ඇති එවැනි වූ ප්‍රධාන සම්බාධකය නම් ඇගේ කන්‍යා භාවයට දී ඇති සමාජ පිළිගැනුමයි.
යෝනි මාර්ගයේ අඟල් 1/4 හෝ 1/2 ක් පමණ ශරීර අභ්‍යන්තරයේ පිහිටි ඕජස් සහිත මිලි මීටර් එකක් පමණ ඝනකම ඇති සිවිය ස්‌ත්‍රියකගේ කන්‍යා පටලය ලෙසින් හඳුන්වනු ලැබේ.
යෝනි විවරය ආවරණය වී ඇති මෙම පටලය මැද ඇති කුඩා සිදුරෙන් ඔසප් රුධිරය හා වෙනත් ශ්‍රාවයන් නිකුත් වන අතර ජීව විද්‍යාත්මක වශයෙන් මෙම සිවිය නිසා ශරීරයට ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැතැයි කියවේ.
යම් යුවතියක් මෙම පටලය සිය විවාහයේ ප්‍රථම ලිංගික එක්‌වීම දක්‌වා ආරක්‌ෂා කරගැනීම කන්‍යා වෘතය
රැකීම වේ. ලංකාව වැනි පෙරදිග රටවල පති කුලයට යන කාන්තාවකගේ පාරිශුද්ධත්වය පිළිබඳ ප්‍රධාන සාක්‌ෂ්‍යය වන්නේ කන්‍යා රුධිරයයි. යම් යුවතියකගේ කන්‍යා පටලය ඇදෙන සුළු වීම, එහි මැද ඇති සිදුර විශාල එකක් වීම හෝ ඉතා ඝන ව පිහිටීම හෝ කලාතුරකින් වන උපතින් ම කන්‍යා පටලයක් නොපිහිටීම වැනි කාරණා නිසා මනාලියකට ප්‍රථම රාත්‍රියේ දී කන්‍යා රුධිරය සහිත සුදු පිරුවටය සිය ඥාතීන්ට පෙන්වීමට නොහැකි වනු ඇත. ඒ හැරුණු විට හදිසි අනතුරකින්, අනාරක්‌ෂිත ස්‌වයං මෛථුන්‍යයෙන්, ශල්‍ය කර්මවලින්, විවිධ ක්‍රමවලින් විෂ බීජ ඇතුළු වීම නිසා ඇතිවන තුවාලවලින්, කැසීමෙන් , අභ්‍යන්තර ප්‍රවේශී සනීපාරක්‌ෂක තුවා මගින් කන්‍යා පටලය හානි වීමට පුළුවන.
වැඩිහිටියන් විසින් දැරියකගේ කන්‍යා භාවය පිළිබඳ සැලකිලිමත් වන්නේ ඇගේ මල්වර වීමත් සමඟමය. එහෙත් දැරියකගේ කන්‍යා පටලය උත්පත්තියත් සමඟම ඇය සතුව පවතී. මව ඇතුළු වැඩිහිටියන් මල්වර වීමත් සමඟ ම දැරියක් ගැන විශේෂාවධානයක් යොමු කරන්නේ අනවශ්‍ය ලිංගික එක්‌වීමකින් ඇගේ කන්‍යා භාවයට විය හැකි හානිය මෙන් ම පූර්ව විවාහ ගැබ් ගැනීමකට ඇය භාජනය වේ ද යන භීතිය නිසාය.
කන්‍යා භාවය පිරික්‌සීමෙන් බලාපොරොත්තු වන්නේ කුලගෙට ආ මනමාලියගේ පාරිශුද්ධත්වයයි. එසේ වුව කන්‍යා පටලයට හානි නොවන ආකාරයේ බාහිර ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වූ ස්‌ත්‍රිය පළමු මංගල රාත්‍රියේ දී දක්‌වා සිටින කන්‍යා රුධිර සලකුණ ඈ
රැකි කුමර බඹසරෙහි සාක්‌ෂ්‍යයක් නොවේ. මේ අනුව සැබෑ කන්‍යාව හඳුනා ගැනීම අසීරු කාරණයක් ව පවතී. මේ පිළිබඳව ආචාර්ය වසන්තා සුබසිංහ සිය කුලගෙයි දෝංකාරය කෘතියේ පෙරවදනේදී මෙසේ අදහස් දක්‌වයි. "සැබෑ කන්‍යාවක් ලෙස අර්ථ දක්‌වනු ලබන්නේ ප්‍රථම ලිංගික සංසර්ගයේ දී රුධිරය වගුරුවන කාන්තාවක නොව කිසිදු ආකාරයක ලිංගික අත්දැකීමක් නොලද කාන්තාවකි. එසේ නොමැති ව පූර්ව වෛවාහක ලිංගික සම්බන්ධතා පවත්වා කන්‍යා සිවිය නොබිඳ ප්‍රවේශම් කරගත් තැනැත්තියක් නොවේ. කන්‍යාව සැබැවින් ම පවිත්‍රය. කුමර බඹසර ලෙස සැලකිය යුත්තේ එයයි."
ලෝකයේ රටින් රට කන්‍යා භාවය පිළිබඳව ඇති පිළිගැනීම් වෙනස්‌ය. ශ්‍රී ලංකාවේ නුවර යුගයේ එකගෙයි කෑමේ සිරිත බහුල වශයෙන් පැවතිණ. මෙම විවාහ ක්‍රමයෙන් ද සිදුවන්නේ බහු පුරුෂ සේවනයකි. ස්‌ත්‍රියකගේ කන්‍යා භාවය පිළිබඳ ව එතරම් සැලකිල්ලක් එකගෙයි කෑමේ විවාහ ක්‍රමයේදී මතු වෙනු ඇතැයි සිතිය නොහැකිය. මේ ක්‍රමය යටතේ පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් පාවාගන්නා ස්‌ත්‍රිය, භාර්යාව වශයෙන් තබා ගැනීමට බාල සහෝදරයින්ට අයිතියක් ඇත. ඔවුන් සිය බදෑණියන්දෑ ද බිරින්දෑ ද වන ස්‌ත්‍රියගේ කන්‍යා භාවය පිළිබඳ ප්‍රශ්න කිරීමේ තේරුමක් නැත. ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් බහු විවාහ ක්‍රමයට තහංචි පැනවීමෙන් පසු එක් පුරුෂයෙකු හා ස්‌ත්‍රියක අතරේ පමණක් සිදුවන විවාහය නීත්‍යනුකූල විය. කන්‍යා භාවය පිළිබඳ අගය මේ ඔස්‌සේ යළි තහවුරු වන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් පැරණි සිංහල කාන්තාව අනාචාරවත් යෑයි ප්‍රකාශ කිරීම මෙහි දී අපගේ අදහස නොවේ.
කන්‍යා භාවයට සෘජු ව හා වක්‍ර ව බලපාන කාරණා කිහිපයක් ඇත. ඒවා නම්.
¥ පුරුෂාධිපත්‍යය
¥ස්‌වභාව ධර්මයා විසින් ම ස්‌ත්‍රියට දක්‌වන ලද අකරුණාව
¥ යහපත් සමාජයක පදනම ස්‌ත්‍රිය සතු වීම
¥ අනාගතයේ යහපත් භාර්යාවක් වීමේ මූලික සාක්‌ෂ්‍යයක් වීම
පුරුෂාධිපත්‍යය
පුරුෂෝත්තමවාදය, පිතෘ මූලික බව ආදී යෙදුම්වලින් ද තහවුරු වන්නේ පුරුෂාධිපත්‍යයි. රාගාධිකබව, පුරුෂ ශක්‌තිය, සහ සමාජ බලවත් බව ආදි කරුණු හේතු කොටගෙන ස්‌ත්‍රිය සතු කන්‍යාභාවයට හානිකර වන්නේ ද පුරුෂයාමය. එහෙත් ඔහු විසින් ම ඇගේ වටිනාකම තක්‌සේරු කරන අගයක් ලෙස කන්‍යාභාවය පෙරටු කර ගනියි. කන්‍යා භාවය ද ස්‌ත්‍රියගේ පිරිසිදුකම ඉඳුරා තහවුරු කරන සාධකයක් නොවන්නා සේ ම පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් ද ශිෂ්ණ පෙර සම පරීක්‌ෂාව වැනි ක්‍රමයක් ස්‌ත්‍රී මූලික සමාජයේ වැදගත් කාරණාවක් බවට පත් විය හැකිය.
ස්‌වභාව ධර්මයා විසින් ම ස්‌ත්‍රියට දක්‌වන ලද අකරුණාව
ස්‌වභාව ධර්මයෙන් ම පුරුෂයාට විශේෂ කරුණාවක් ලැබී ඇත. ශක්‌තිය හා ශාරිරික පිහිටීම ඒ අතරින් ප්‍රධානය. පුරුෂයාගේ ලිංගේන්ද්‍රිය බාහිර ව නිර්මිත ව ඇත. ස්‌ත්‍රියගේ එකී අවයව අභ්‍යන්තර ව පිහිටා ඇත. පුරුෂයා විසින් ස්‌ත්‍රිය දූෂණයකට ලක් කිරීමක් මිස ස්‌ත්‍රිය විසින් පුරුෂයාට බලහත්කාරකමක් කිරිම ගැන අසන්නට නොලැබේ. ඈ භාවභාව ලීලා පෑමෙන් පුරුෂයා වසඟ කර ගැනීම වෙනත් කාරණයකි. මිනිස් හෝ තිරිසන් වුව ස්‌ත්‍රී පුරුෂ සංභෝගයෙන් නව ජීවියෙක් උත්පත්තිය ලබයි. පිළිසිඳ ගැන්ම විවාහයෙන් පරිබාහිර කාරණාවක් නම් සම්පූර්ණ අවමානය ද දරුවා හදා වඩා ගැනීම හා ආරක්‌ෂාව සැලසීම ද ස්‌ත්‍රියගේ හිස මතට ම කඩා වැටේ.
යහපත් සමාජයක පදනම ස්‌ත්‍රිය සතු වීම
සියයට සියයක් නොවෙතත් යම්කිසි අගයක් දක්‌වා කන්‍යාභාවය පවිත්‍රත්වයේ සංකේතයක් වන බව පිළිගන්නට සිදුවේ. මෙවන් සීමාවක් හෝ තහංචියක් ස්‌ත්‍රියටත් නොතිබුණා නම් ඇයත් සමාජයේ හැසිරෙන්නට පටන් ගන්නේ පුරුෂයා දැනට නටන නැටිල්ලට නොදෙවෙනි වන ආකාරයටය. දෙපිරිස ම එක්‌වැනි ව හැසිරෙන්නට ගත් විට සමාජය එක ම සළෙල මඬලක් වනු ඇත. ඒනිසා මේ සමතුලනය පිළිබඳව එක් අතකට එරෙහි වීමේ තේරුමක් ද නැත.
අනාගතයේ යහපත් භාර්යාවක් වීමේ මූලික සාක්‌ෂ්‍යයක් වීම
කන්‍යාවක් ව විවාහ ජිවිතයට එළඹෙන මනාලියක වෙතින් යහපත් භාර්යාවක පිළිබඳ ව මූලික අදහසක් ඇති කර ගැනීම සාධාරණය. එසේ නොවන අවස්‌ථා ද ඇත. සුදු වතින් පෝaරුවට නංවන මනාලිය දෙවන ගමන පිටත් වන්නේ රතු වතින් සැරසීගෙනය. ඇයට පසුදා සුදු සාරියක් හෝ අව පැහැ ඇඳුමක් අඳින්නට මනමාලයාගේ පාර්ශ්වය කියා සිටීමෙන් පැහැදිලි වන්නේ මනමාලියගේ පැටිකිරිය එතරම් සතුටුදායක නොවන බවය. පති කුලයේ අඩදබර ඇති වන්නේ එතැන් සිටය. සැමියා සහ බිරිඳ මෙන් ම නැන්දා ලේලි හබයටත් එකී කාරණය මූලික වනු ඇත.
මහාචාර්ය
සුසන්ත මහඋල්පත
සිංහල අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
සාකච්ඡා කළේ - මනෝඡ් ප්‍රසාන්
දැන් ඔය කන්‍යා භාවය පරීක්ශා කරනවා කියලා කරන්නේ මොකක්ද?
ReplyDelete@April 18, 2011 4:22 PM
ReplyDeleteආයි කියවන්න.