Saturday, April 9, 2011

බැබුන්ලාටත් ගෑනු පිස්‌සුවක්‌

කුඹුරට යන එන ගෙවිලියන්ට හා කෙල්ලන්ට වඳුරන් බැල්ම හෙළීමේ (ලයින් දැමීමේ) හාස්‍යජනක කතාවක්‌ කෙන්යාවෙන් අසන්නට ලැබේ. මෙම පුවත සැලකරන ලද්දේ "ටෙලිග්‍රාෆ්" ප්‍රවෘත්ති සේවයේ නයිරෝබි වාර්තාකරුවන නික්‌ වැඩ්හැම්ස්‌ විසිනි.

දක්‌ෂිණ නයිරෝබි ගොවිපළවල අස්‌වනු නෙළීමට යන එන ගැහැනුන්ට හා කෙල්ලන්ට බැල්ම හෙළන සල්ලාල වඳුරන්ගේ ක්‍රියාව ප්‍රේමය පිළිබිඹු කරනවාට වඩා කාමෝන්මාද ස්‌වරූපයක්‌ දරන බැවින් දැරිය නොහැකි හිරිහැරයක්‌ හා උවදුරටක්‌ බවට පත්ව තිබේ.


ස්‌ත්‍රීන්ට පිරිමින් සලකන මෘදු හා චාමර ගතියක්‌ ඔවුන් තුළ නොමැත.

ගෑනුන් දකින විට කුලප්පු වි ගස්‌ගල්වලින් පැන දුව එන වඳුරෝ ඔවුන් දෙස බලා විරිත්තති. ඇගේ එල්ලෙන්නට දඟලති. නිය වලින් සිරුර සීරෙන සේ අතින් අල්ලති. කාම සංඥා දක්‌වමින් ඉඟිබිගි පාති. සමහරක්‌ වදුරෝ අත වනමින් අඩගසති. 

මෙයාකාර වානර අනඟ රංගන නිසා වගා කටයුතුවලට කුඹුරට හේනට යාම දුෂ්කර හා අනතුරු දායක වී තිබෙන බව වාර්තාවේ. මෙම හිරිහැරයට අමතරව ඔවුන්ගෙන් බෝගවලට සිදුවන හානිය ද අති විශාලය. කැළෑවල පලතුරු ආදී කෑම සොයා තැනින් තැන පැන යනවාට වඩා ගොවිපළවලට වී කාබාසීනියා කිරීම පහසු කාර්යයකි.

මොවුන්ගේ අතවරවලින් බේරීමට උපක්‍රම යෙදූ ඇතැම් ගෙවිලියෝ කලිසම් හා අත්දිග කමිස ඇදගෙන කොණ්‌ඩය වැසෙන සේ කැප් එකක්‌ දාගෙන පිරිමින්සේ වෙස්‌වලාගෙන යාමට පටන්ගෙන සිටිති.

මෙහි බලපෑම බලධාරීන්ටද වැදී තිබේ. දකුණු කෙන්යාවේ කබීට්‌ ආසනයේ මන්ත්‍රී පෝල් සියුට්‌ මෙම වානර උපද්‍රවය ගැන පාර්ලිමේන්තුවේ සඳහනක්‌ කරමින් තම ඡන්දදායකයෝ වදුරන් තමන්ට අතවර කරාවියයි බියෙන් පසුවන බව කීවේය. සතුන් අල්ලන වැටලීම් කණ්‌ඩායමක්‌ යොදවන ලෙස සංචාරක හා වනරක්‌ෂ ඇමැති මොරිස්‌ සොරෝගෙන් ඉල්ලා සිටියේය. වඳුරන්ට හා බබුන්ලාට ගෑනු පිස්‌සුවක්‌ තිබෙන බව දන්නා බවත් ඇමැතිවරයා පැවැසීය.


වසන්ත කුමාර කෙත්හේන

No comments:

Post a Comment

Total Pageviews

Advertise