Showing posts with label අඹුසැමි. Show all posts
Showing posts with label අඹුසැමි. Show all posts

Wednesday, August 17, 2011

මානසික ආතතිය නිසා හිසකෙස්‌ ගැලවේ

කාන්තාවන්ට ගැටලුවක්‌ වී ඇති හිසකෙස්‌ ගැලවීයැම පිළිබඳව විමසන්නට අපි සිතුවා. දිනපතාම නෑමේදී හෝ හිසකෙස්‌ පීරීමේදී හිසකෙස්‌ වැඩි ප්‍රමාණයක්‌ ගැලවීයැම රෝගී තත්ත්වයක්‌ ද?

කොතරම් කෙස්‌ ගසට සත්කාර කළත් හිසකෙස්‌ සඳහා අවශ්‍ය පෝෂණ කොටස්‌ අඩංගු ආහාර, ආහාරවේල සඳහා එක්‌කර ගත්තත් හිසකෙස්‌ ගැලවීයැම ගැටලුවක්‌. හිසකෙස්‌ ගැලවීයැමට බොහෝ කරුණු බලපාන්නට පුළුවනි. ජානමය සාධක, මානසික ආතතිය, භාවිත කරන ශැම්පු වර්ග, වෙනත් රෝගවල අතුරු ආබාධ, ඖෂධ වැනි දේ පෙන්වා දිය හැකිය. 

සාමාන්‍යයෙන් හිසකෙස්‌ පීරීමේදී හෝ නෑමේදී දවසකට කෙස්‌ ගස්‌ සියයකට ආසන්න ප්‍රමාණයක්‌ ගැලවී යයි. මෙය ජීවත්වන පරිසරය, භාවිත කරන වතුර අනුව වෙනස්‌ වෙයි. මෙය රෝගී තත්ත්වයක්‌ ලෙස අනුමාන කළ නොහැකියි. නමුත් කෙනෙකුගේ මානසික පීඩනය නිසා කොණ්‌ඩය ගැලවී යනවා නම් එය රෝග තත්ත්වයකි. එවැනි කෙනෙකුගේ කොණ්‌ඩය හැමතැනින්ම එකලෙස ගැලවී යයි. මෙවැනි කෙනෙකු මුලින්ම කළ යුත්තේ මානසික පීඩනය ඇතිවීමට බලපාන සාධකයෙන් ඉවත්වීමයි. 

මානසික පීඩනය නිසා හිසකෙස්‌ ගැලවීයැම පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩියි. 

වයිට්‌ හෙඩ්ස්‌ සහ බ්ලැක්‌ හෙඩ්ස්‌ ලෙස හඳුන්වන්නේ මොනවාද? මේවා රූපලාවණ්‍ය කටයුතුවලදී ඉවත් කිරීම සිදුකරයි. එසේ කිරීම සුදුසුද?

ටෙස්‌ටෙස්‌ටෙරෝන් නැමැති ලිංගික හෝමෝනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපගේ ශරීරයේ විශාලම ඉJද්‍රිය වන සමේ තෙල් සාදන ග්‍රන්ථිවලින් තෙල් ස්‍රාවයවීම ඉහළයයි. වැඩියෙන් නිපදවෙන තෙල් ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි තුළ තැන්පත්වීමට පටන් ගනී. එසේ වීමෙන් සිදුවන්නේ සම මතුපිටට විවරවන ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි විවරයන් අවහිරවීමයි. මෙසේ තැන්පත් වන ස්‌නේහය හෙවත් තෙල් ඝනවීමට පත්වේ. එම ඝන වූ කොටස්‌ මුල් අවස්‌ථාවේදී සුදු පාටටත්, පරිසර තත්ත්වයන්ට නිරාවරණය වී ටික දවසකින් කළු පාටටත් පත් වේ. ඒවා අපි බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ යනුවෙන් හඳුන්වයි. මෙය කුරුළෑවල මූලික අවදියක්‌ ලෙස හඳුන්වාදිය හැකියි. අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ කුරුළෑ කොස්‌ස ලෙස හඳුන්වා ඉවත් කිරීමට යන්නේ වයිට්‌ හෙඩ්ස්‌ හෝ බ්ලැක්‌ හෙඩ්ස්‌ යන තත්ත්වයයි. මේවා රූපලාවණ්‍ය ශිල්පීන් විසින් මුහුණට කරන ප්‍රතිකාරවලදී එක්‌ට්‍රැක්‌ටර් නැමැති උපකරණය යොදා ඉවත් කිරීමට පෙළඹේ. එසේ කිරීමෙන් ඇතැම් විට සංවේදී සම තුවාල වේ. නමුත් ඔබ මතක තබාගත යුත්තේ වයිsට්‌ හෙඩ්ස්‌ හෝ බ්ලැක්‌ හෙඩ්ස්‌ උපකරණ යොදා අපහසුවෙන් ඉවත් කිරීමක්‌ අවශ්‍ය නොවන බවයි. ඒවා කාලයත් සමඟ ඉබේම ඉවත් වේ. එවිට සමේ වෙනත් තුවාල ඇති නොවේ. 

පරිසරයේ ඇති කුණු දූවිලි විවිධ වායු වර්ග ඇත්තටම සමට අහිතකරද? ආසාදන ඇති කරනවාද? 

තාක්‍ෂණයේ සහ විද්‍යාවේ දියුණුවත් සමඟ පරිසර දූෂණය වැඩි වී තිබේ. පරිසර දූෂණය හේතුවෙන් කාලගුණ විපර්යාසයන් පවා සිදුවේ. කුණු දූවිලි වායුවලින් තොරව අපට අද ජීවත්වීමට නොහැකිය. මේ සියල්ල නිසා සමට බලපෑම් ඇති වේ. මේවා සියල්ල මුලින්ම තැන්පත් වන්නේ බාහිරට නිරාවරණය වන සම මතයි. මේවා සමට ගැළපෙන සේදුම්කාරකයක්‌ හෝ සබන් වර්ගයක්‌ යොදා සෝදා ඉවත් කළ යුතුමයි. අඩුම වශයෙන් දවසකට දෙපාරක්‌ හෝ සම පිරිසිදු කළ යුතු වේ. සම පිරිසිදු කිරීමෙන් පසු තෙත මාත්තු කර පෝෂ්‍යදායී මොයිස්‌චර් ක්‍රීම් වර්ගයක්‌ ආලේප කිරීම සුදුසුයි. හිරු එළියට නිරාවරණය වන විට SඡF අගය 24 ට වඩා වැඩි හිරු ආවරණ ආලේපන භාවිත කිරීම කළ යුතුය.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය 
අසෝක කමලදාස
සාකච්ඡා කළේ - හරින්දී ලියනගේ

Monday, June 27, 2011

ඓශ්චර්යාට නිවුන් දරුවන් ?

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙතිශවේදියෙකු විසින් කාගේත් අවධානය දිනාගත් බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි 2011 වසරේදී ගැබ්ගනු ඇතැයි අනාවැනි පළකර තිබූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව, ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරන්නේ පවිත් ශන්ගි නම් මෙම ජ්‍යෙතිශවේදියා කී අනාවැකිය මේ වනවිට සත්‍ය වී තිබෙන බවත් ඓශ්චර්යාට නිවුන් දරුවන් හෝ ගැහැණු දරුවෙකු ලැබෙනු ඇතැයි එහිදී ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබෙන බවයි.

Saturday, April 16, 2011

කන්‍යා භාවය පරීක්‌ෂා කිරීම පිරිසිදුකමේ මිණුම වීම සාධාරණ ද?


මහාමායා, යශෝධරා යන උත්තමාවන් ආශ්‍රයෙන් සිංහල කාන්තාවගේ චරිතය සංවර්ධනය විය. මනා ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් බුද්ධකාලීන සිටු දියණියක වූ විශාඛාව හෙළ වනිතාවගේ චරිත සංවර්ධනයට පරමාදර්ශයක්‌ විය.

චිරන්තන සිංහල සාහිත්‍යයේ ස්‌ත්‍රිය උත්කර්ෂයට නැංවී ඇතත් ඇය "පවිටු සත්ත්ව කෙනෙකැ" යි යන මතය තහවුරු කිරීමට ඉදිරිපත් කොට ඇති කතා ප්‍රවෘත්තීන් ද සුලබය. උත්තම කාන්තාවකගේ මූලික ලක්‌ෂණයක්‌ නම් පතිධර්මය ආරක්‌ෂා කිරීමය. වෙස්‌සන්තර ජාතක කතාවේ මද්‍රි දේවී පරමාදර්ශී ස්‌ත්‍රියකි. ඈ වෙස්‌සන්තර රජු සමග විවාහ වීමෙන් පසු පතිවෘතයත් එයට පෙර කුමරි බඹසරත් දිවි හිමියෙන් රකින්නට ඇති බවට කිසි ම සැකයක්‌ නැත. කුණාල ජාතකයේ අතුරු කතාවල සඳහන් ස්‌ත්‍රීන් විවාහ වන්නට පෙර ද නොහික්‌මුණු ජීවිත ගත කරන්නට ඇති බව සිතිය හැකිය. මා මේ වට රවුමෙන් ප්‍රවේශ වන්නට උත්සාහ කරන්නේ ස්‌ත්‍රියකගේ පවිත්‍ර අපවිත්‍රබවට බෙහෙවින් තුඩු දෙන ඇගේ කන්‍යා වෘතය පිළිබඳ සාකච්ඡා කරන්නටය. 

Tuesday, April 12, 2011

සැමියා කෝප වූවොත්.. බිරිය බිහිරි වූවාසේ සිටින්න

අඹුසැමි සබඳතාවේ දී දෙපළ ම වඩාත් ම සැලකිලිමත් විය යුතු කාරණයක්‌ වේ. ඒ දෙදෙනා අතර, කෙදිනකවත් දබරයක්‌ ඇති නොවීමට වගබලා ගැනීමය. සැබෑ ලෙසින් ම බැලුවොත් එය විවාහය සම්බන්ධයෙන් දෙදෙනාගේ ම ප්‍රබල වගකීමකි. මක්‌නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක්‌ දබරයක්‌ ඇතිවීමෙන් එය පුරුද්දකට යැම නිසාය. දෙදෙනා රණ්‌ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වේ.

වර්තමානයේ ඇතැම් යුවතියන්

වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නො වීමෙන්, දෙදෙනා අතර ක්‍රමයෙන් දුරස්‌ බවක්‌ ඇති කර ගනී. එයට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්‌වාධීන ගැහැනුන් ලෙසිනි. එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම්වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු ම පාහේ ප්‍රිය කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථකිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ. බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක්‌ බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස්‌ කර ගැනීමට ඇය ට සිදුවන්නේ, එය ට එරෙහිව දබරයක්‌ කර ගැනීමෙන් නොව, බුද්ධිමත් ව ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.

අද ගැහැනිය ස්‌වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්‍රියාවන්ට එරෙහි ව දබර කර ගැනීමට ය. නමුත්, යම් බිරිඳක්‌ තම සැමියා සමඟ දබරයක්‌ ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්‍රබල හිස්‌බවක්‌ තිබෙන බවකි. එය එක්‌තරා අන්දමකින් පරාජිත හැඟීමකි.

"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕව ට කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතය ට වැඩ කරලා මට්‌ටුවෙයිනේ."

Total Pageviews

Advertise