Sunday, April 17, 2011

ෆොන්සේකා ගැන පැනමා යයි

තමන් විසින මෙයට පෙර ලෝක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම පිළිබඳ පැමිණිල්ල මෙවර සැසිවාරයේදී විභාගයට ගැනෙන බැවින් ඒ සඳහා සහභාගී වීම සඳහා පැනමා රාජ්‍යය බලා පිටත්වන බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ 124 වන සැසිවාරය බවත් ඒ සඳහා තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාද සහභාගී

වන බවත් ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. මෙම සැසිවාරය අප්‍රේල් 15 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව අනාවරණය කරමින් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුවේ නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවීරෝධී ක්‍රියාවන් පිළිබඳව සහ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ පැමිණිලි ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවයි.
Sri Colama

No comments:

Post a Comment

Total Pageviews

Advertise