Thursday, March 24, 2011

ඉක්‌මනට සුදුවෙන්න හදන්න එපා

ෆෙයාර්නස්‌ 

ෆෙයාර්නස්‌ ගැන අද බොහෝ යුවතියන් කාන්තාවන් කතා බහ කරනවා. ඒ නිසාම නොයෙක්‌ වර්ගයේ ෆෙයාර්නස්‌ වර්ග වෙළඳ පොලට එක්‌වෙමින් තිබෙන බවක්‌ පෙනෙනවා.

විටමින් E අඩංගු ෆෙයාර්නස්‌, මල්ටි විටමින් සහිත ෆෙයාර්නස්‌, විටමින් අඩංගු ෆෙයාර්නස්‌ යනුවෙන් ෆෙයාර්නස්‌ හඳුන්වනු ලැබීමක්‌ද දක්‌නට ලැබෙනවා. ඇත්තටම එහෙම ෆෙයාර්නස්‌ වර්ග ලෝකයේ කොහේවත්ම නෑ.

ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්‌. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස්‌ වර්ගවලට නොරැවටීමටයි. 


බ්ලීචිං සමට සුදුසු නැහැ

ඇතැම් ෆෙයාර්නස්‌ වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික්‌ ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.


අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්නද හිතන්නේ

බොහෝ යුවතියන් කාන්තාවන් සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස්‌ වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා තත්ත්වයක්‌ අද දක්‌නට ලැබෙනවා.

අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක්‌ මතුවෙනවා.

ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි ෆෙයාර්නස්‌ එකක්‌ තෝරාගත යුතු වන්නේ.

Saturday, March 19, 2011

යටි බඩෙහි වේදනාව

සෑම කාන්තාවක්‌ ම ජීවිතේ කිසියම් හෝ දවසක යටිබඩෙහි වේදනාව අත්විඳ ඇත. යටිබඩ නාභියෙන් පහල ඉන දක්‌වා පෙදෙසට සීමාවේ. මෙම වේදනාව කඩින්කඩ ඇතිවිය හැක. යුවතියක්‌ කාන්තාවක්‌ වනවිට මෙවැනි වේදනාවක්‌ ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් මාස 6 වඩා වැඩි කාලයක්‌ පවතිනවිට මේ ගැන සොයා බැලීම වැදගත්ය.

මෙම වේදනාව ඇතිවන ආකාරය වෙනස්‌විය හැක. එය කෙටිකාලීන හෝ දිගටම පවතින වේදනාවක්‌ විය හැක. කඩින් කඩ ඇතිවිය හැකි අතර දවසේ එකම වේලාවක වුවද ඇතිවිය හැක. කෑමට පෙර හෝ පසු ඇතිවිය හැක. මුත්‍රා කිරිම මලපහ කිරීම සමග වේදනාව ඇතිවිය හැක. ඔසප් වීම සමඟ ඇතිවිය හැක. 

වේදනාව යනු අප්‍රසන්න හැඟීමකි. කාලයක්‌ පවතින විට මෙය මානසික ප්‍රශ්නයක්‌ බවට පත්වේ. බොහෝවිට මෙම තත්ත්වයට රෝග කාරකයක්‌ සොයා ගැනීමට අපහසු වේ. මෙම වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කරදරකාරි වේ. බොහෝවිට රැකියාව කිරිම අපහසුවේ. ඵලදායිතාවයට අඩුවේ. පවුලේ මවක හෝ බිsරිඳක වශයෙන් කළයුතු රාජකාරි අපහසු වේ. මෙම වේදනාවේ හේතුව සොයා ගැනීමට නොහැකිවීම තවත් මානසික ප්‍රශ්නයකි.

මෙම කඩින්කඩ ඇතිවන යටිබඩෙහි වේදනාවට විවිධ හේතුන් තිබිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයොසිස්‌ රෝගය මෙයින්, වැදගත්ම එකකි. තවද යටි බඩෙහි ඇති අවයවයන් වන ඩිම්බකෝෂ ගර්භාෂයට ආශ්‍රිතව ඇතිවන ගෙඩි විෂබීජ ඇතුලුවීමෙන් ඇතිවන ආසාදන නිසාද මෙවැනි වේදනාවන් ඇතිවේ. ඉතා තදින් වේදනාව ඇතිවන විට එය හදිසි තත්ත්වයක්‌ විය හැක. මෙවැනි වේදනාවක්‌ බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ සිදුවන බරපතල තත්ත්වයක පෙර නිමිත්තක්‌ විය හැක. 

වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයකින් මෙම වේදනාව ඇතිවිය හැක. මෙය විෂබීජ ඇතුල්වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක්‌ විය හැක.

මෙවැනි තත්ත්වයකදී මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනාව, නිතරම මුත්‍රා පිට කිරිමට ඇති අවශ්‍යතාවය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැක. මේ සමඟම පිට කොන්දේ කැක්‌කුමද ඇතිවේ.

යෝනි මාර්ගයේ ඇතිවන විෂබීජ ආසාදනවලින් යටිබඩේ වේදනාවක්‌ ඇතිවන්නේ නැත. යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ගන්ධයක්‌ ඇතිවීම, සංසර්ගය වේදනාකාරිවීම මෙහිදී ඇතිවන රෝග ලක්‌ෂණයන් වේ. 

Thursday, March 17, 2011

ලොවක්‌ ඉදිරියේ ජාතිකත්වය දෙකට නවා ඇඟේ ඔතා ගැනීම

මේ දිනවල ICC ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලිය පවත්වන බැවින් මෙය ගොනු කිරීම කාලෝචිත යෑයි හැඟුණි. ICC ක්‍රිකට්‌ ලෝක කුසලානය යනු මුළු මහත් ක්‍රිකට්‌ ලොව ම පාහේ නරඹන තරගාවලියකි. මේ ක්‍රිකට්‌ ආනන්දය අප රටටත් නොඅඩු ව දැනේ. ක්‍රිකට්‌ හෝ වේ වා වෙනත් මොනයම් ක්‍රීඩාවක්‌ හෝ වේ වා ක්‍රීඩකයින් උද්යෝගිමත් කිරීම හස්‌තසාර කටයුත්තකි. ඒ සඳහා නොයෙකුත් සංකේත භාවිත කිරීම මානව සම්ප්‍රදායක්‌ වී හමාර ය. මා මෙහි දී කතා කරනුයේ අප ජාතික කොඩියට දක්‌වන ගෞරවය පිළිබඳව ය. 

තරග දිනුම හෝ වේ වා පැරදුම හෝ වේ වා රටක ජාතික කොඩියට දැක්‌විය යුතු බුහුමන නිදහස්‌ දිනයට පමණක්‌ සීමා විය යුතු නො වේ. සකල ශරීරය පුරා තම රටෙහි ජාතික කොඩි සිතුවම් කරගෙන ඔල්වරසන් දීම මට හැඟෙන පරිදි මුළු මහත් ජාතියට ම කරන පරිභවයකි. ඔබට එය එසේ නො වන බව කීමට හැකි ද? එසේ වුව ද මේ පවතින විවෘත ආර්ථිකය හමුවේ මේ උන්මාදය  tattoo කරුවන්ට සහ කොඩි වෙළෙදාම්කරුවන්ට නම් විශාල හේතුසම්පත්තියකි. 

කරුණු කොයි ආකාරයෙන් වුව ද තවමත් සිංහල බෞද්ධත්වයට අයෝග්‍ය ලෙස අසංවරව යන්තමින් විලි වැසෙන ලෙස ඉතා ම කොට ඇඳුමින් සැරසී ශ්‍රී ලංකා ජාතික කොඩිය උඩුබැල්ලෙන් අල්ලා ගෙන උඩ පැන පැන දුවන තරුණයන්, තරුණියන් අම්ම, තාත්තා ගැන වත් නො සිතා අසංවරව ක්‍රිකට්‌ සිංදු විෂුවල්වලට පෙනී සිට ක්‍රීඩාංගණවල බහුරූ කෝලම් පාමින්, සිංහල බෞද්ධ සංස්‌කෘතිය බටහිර අච්චුවට දමා කරන විගඩම් නැවතිය යුතු කාලය පැමිණ තිබේ. 

දේශපාලන බලධාරීන් විදුසර කියවන්නේ ද යන්න මම හරිහැටි නො දනිමි. මා ඉහත සඳහන් කළ බහුරූ කෝලම්වලට පිළියමක්‌ යොදන ලෙස, ඒවා නවතන ලෙස (අවම කරන ලෙස නො වේ) මා ඔවුන්ට ආයාචනා නො කරන්නේ ඔවුන්ට ද ඇස්‌, කන් තිබෙන නිසාත්, අන්ධ බලධාරීන් මා දන්නා පරිදි නැති නිසාත් ය. මෙය සමස්‌තය ම දාගත යුතු තොප්පියක්‌ නො වේ. දාගත යුතු අය දාගත යුතු තොප්පියකි. නැවත අපි මුලට යමු. මා එකහෙළා ම මගේ මේ ලිපිය ලිවීමේ අරමුණ පවසන්නම්. ඒ අන් කිසිවක්‌ නො ව ජාතිකත්වයට ගරු කිරීමයි. නිරුවත වැසෙන්නට ජාතික කොඩිය ඇඳ, ජාතික ගීයට රැප් දමන සමාජයක්‌ බිහි නො වේ වා යි පතමින් මා සමාප්ත කරන්නේ විදුසර කියවන ප්‍රඥාගෝචර පාඨකයින් ගෙන් එවැන්නක්‌ කිසි දාක සිදුවීමට අපි මේ දැන් සිට ම ඉඩ නො දෙමු යෑයි ඉල්ලා සිටිමිනි. 

කේ. සුපුන් අශාන් උදයංග

 විදුසර

Monday, March 14, 2011

ග්‍රෑන්ඩ්පාස්‌ බාබුල් නිෂ්පාදනාගාරය

කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ මහවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගංජා මිශ්‍ර බාබුල් නිෂ්පාදන පැකට්‌ කර අලෙවි කරන ස්‌ථානයක්‌ (10 වැනිදා) දහවල් වැටලූ බ්ලූමැන්ඩල් පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ සැකකරුවකු සමග බාබුල් කිලෝ එකොළහමාරක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්න්පාස්‌ මහවත්ත ප්‍රදේශයේ බාබුල් පැකට්‌ කර නොයෙකුත් ප්‍රදේශවලට බෙදාහරින බවට පොලිසියට ලද තොරතුරක්‌ මත එම ස්‌ථානය වටලා සැකකරු සමග බාබුල් තොග අත්අඩංගුවට ගත් බව වැටලීම කළ නිලධාරියකු පැවසීය.

සැකකරුවන්ගෙන් ප්‍ර්‍රශ්න කිරීමේදී කාලයක්‌ තිස්‌සේ මෙම ස්‌ථානයේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය වටලන අවස්‌ථාවේ සැකකරු තවත් බාබුල් තොගයක්‌ අලෙවිකර ඇති බවත් හෙළිකරගෙන ඇත.

කොළඹ උතුර ෂෂ භාර සහකාර පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල මහතාගේ අධීක්‍ෂණයෙන් මෝදර පොලිස්‌ ස්‌ථානාධිපති නිලුපුල් සෝමසිංහ මහතාගේ උපදෙස්‌ මත බ්ලූමෙන්ඩල් පොලිස්‌ ස්‌ථානාධිපති අතුල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් (57880) ධර්මසේන, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සම්පත් (72973) කුලරත්න (69166), මධුසංක (83844) යන නිලධාරීන් බාබුල් තොගය පරීක්‍ෂා කරන අයුරු මෙහි දැක්‌වෙන අතර සැකකරු මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

චමින්ද සිල්වා
 

Thursday, March 10, 2011

Ultimate Love Letter...

Ultimate Love Letter...

Awesome mail........ 
 
(By a Programmer...  )
 

Sweetheart ,

I've seen you yesterday while surfing on the local train platform and realized that you are the only site I was browsing for.
For a long time I've been lonely; this has been the bug in my life and you can be a real debugger for me now.

My life is an uncompiled program without you, which never produces an executable code and hence is useless.

You are not only beautiful by face but all your ActiveX controls are attractive as well.

Your smile is so delightful; it encourages me and gives me power equal to thousands of mainframes processing power.

When you looked at me last evening, I felt like all my program modules are running smoothly and giving expected results. 

With this letter, I just want to convey to you that if we are linked together, I¡¯ll provide you all objects & libraries necessary for a human being to live an error free life.

I anticipate that nobody has already logged in to your database so that my connect script will fail.

And its all but certain that if

this happened to me, my system will crash beyond recovery.

Kindly interpret this letter properly and grant me all privileges of your inbox. Error free...


Regards,

Software Programmer 

ගෙදරින් මොනවා කිව්වත් අපි බඳිමු

No cafes for teens

altChildren under 18 years of age have been barred from Internet Cafés in the Kurunegala district and if they need access a letter must be submitted from the principal of their school, reports said today.


According to a report on The Island newspaper the Kurunegala police are keeping a sharp eye on Internet Cafes in the Kurunegala District and are enforcing laws to control their activities. This follows an order from Senior Superintendent of Police for Kurunegala, Vass Gunawardene.
The owners of the Internet Cafes have been instructed by the police not to allow any children below the age of 18 to enter their cafes.
"During the past few months, several incidents were reported about malpractices at those centers. The main objective of the program is to save our younger generation from various vices," SSP Gunawardene was quoted by The Island as saying.
The program is being implemented by the Kurunegala Police with the assistance of several other police stations under the direct supervision of SSP Gunawardene, the report said.

Wednesday, March 9, 2011

විනාශ වූ කෆීර් යානා යළි සකසා අනතුරට හේතුව සොයයි

කෆීර් ප්‍රහාරක යානා අනතුර ගැන විමර්ශන පවත්වන ගුවන් හමුදා විමර්ශන කණ්‌ඩායම එම යානාවල සුන්බුන් කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙනැවිත් ඒවා යළි නැවත සකස්‌කර අනතුරට මුල්වූ හේතුව ගැන පරීක්‍ෂණ අරඹා ඇත.

මෙම විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානී එයාර් වයිස්‌ මාෂල් කපිල ජයම්පති මහතා එම අනතුර සිදුවූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ පවත්වා ඇත.

මෙම කෆීර් යානා දෙකේ වීඩියෝ පටිගත යන්ත්‍ර සහ පාලන මැදිරිය අතර හුවමාරුවූ සංවාද ගැනද පරීක්‍ෂණ කෙරේ. 

මෙම අනතුරට මූල්වූ හේතූන් සම්බන්ධ සම්පූර්ණ වාර්තාව තව සති දෙකකින් ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත යොමුකෙරේ.

මේ අතර විනාශ වූ කෆීර් යානා වෙනුවට අලුතින් කෆීර් යානා මිලයට ගැනීමේ අදහසක්‌ නැතැයි ගුවන් හමුදා ආරංචිමාර්ග පැවසීය.

ගුවන් හමුදාව සතුව ප්‍රමාණවත් යානා ඇතැයි ද එම ආරංචි මාර්ග කීය.

කාන්තා ප්‍රජනන අයිතීන්

අතීතය කාන්තා අයිතීන් ආරක්‌ෂා කිරීම ඉතා වැදගත් ලෙස සලකා තිබුණේ නැත. කාන්තාවන්ගේ මූලිකම වගකීම ලෙස ඉතිහාසයේ පටන් ම සැලකුවේ දරුවන් දරා සිටීම ඔවුන් පෝෂණය කර රැක බලා ගැනීම සහ පවුල් සංගමයේ පදනම ලෙස ක්‍රියාකිරීමයි. එම ක්‍රියාවලිය කරගෙන යාමේ දී ඇය තුළ සිදුවන වෙනස්‌කම් සහ ඇය මුහුණ දෙන ගැටලු සම්බන්ධව සමාජය සිතා බැලුවේ ඉතා අල්ප වශයෙනි. ඉතා අඩු වයසින දරුඵල දැරීමෙන් සහ වැඩි දරුවන් සංඛ්‍යාවක්‌ ලැබීමෙන් ඇය තුළ ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ නිසි ලෙස අධීක්‌ෂණය නොවූ ගර්භනීය තත්ත්වයන් අවසානයේ ඇති වන මාතෘ මරණයන් පිළිබඳ සමාජය දැරුවේ පුදුමාකාර මතයකි. එනම් එය ඇයගේ ඉරණම හෝ දේව කැමැත්ත, ග්‍රහ දෝෂ හෝ වැදූගෙයි සන්නිය වැනි වචන මගින් එම තත්ත්වය විග්‍රහ කෙරුනි. මාතෘ මරණ හෝ ගර්භනී තත්ත්වයේදී ඇතිවන ගැටලු පාලනය කල නොහැකි ඒවා ලෙස සැලකුනි. 

කාන්තා ප්‍රජනන සෞඛ්‍ය නීතිමය සහ සමාජීය වශයෙන් බොහෝ තර්ක විතර්ක වලට භාජනය වූ මාතෘකාවකි. කාන්තාව ගැබ් ගැනීම සහ රෝග සම්ප්‍රේෂණය වීම පාලනය කර ගනිමින් ලිංගිකව නිදහසේ හැසිරීම අප සමාජයේ සමාජීය හා සංස්‌කෘතිකමය. වශයෙන් පිළිනොගන්නා තත්ත්වයකි. මෙලෙස හැසිරීම මගින් ඇයගේ නිදහස අසීමිත වන බවත් ඒ මගින් පවුල් සංස්‌ථාවේ ආරක්‌ෂාව සහ ලිංගික සාරධර්ම බිද වැටෙන බව සමහරුන්ගේ මතය විය.

නුගේගොඩ කාන්තා විදුහලක සිසුවියකට පෙම්වතා හා තවත් තුන්දෙනෙක් අතවර කරලා

නුගේගොඩ ප්‍රසිද්ධ කාන්තා විදුහලක සිසුවියක් රැගෙන ගොස් දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම සිසුවියගේ පෙම්වතා යැයි කියන තවත් පාසල් සිසුවකු ඇතුලු සිව්දෙනෙක් මිරිහාන පොලිසිය මගින් ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පෙම්වතා ජයවර්ධනපුර ප්‍රදේශයේ පාසලක 11 වසර සිසුවෙකි. අතවරයට ලක් වූ සිසුවියගේ පාසලේම තවත් සිසුවියක් සහ එම අපරාධයට සහය වූ බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට පත් වූ අය අතර වෙති. මෙම සිසුවිය පසුගිය 28 වෙනිදා අතුරුදන්ව ඇති බව ඇගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි. 
එදින ඇය පාසල් යන බව කියා නිවසින් පිටව ගොස් පෙම්වතා සමග ඔහුගේ නිවසට ගොස් තිබේ. එහිදී ඔහු ඇයව දුෂණය කර ඇත. ඇය නිවසට ආපසු යාමට අකමැති වූ නිසා සිසුවියගේ හිතවතකුගේ ගරාජයක නවත්වා ඇත. එහිදී එම ගරාජය පවත්වාගෙන ගිය පුද්ගලයාද එම සිසුවිය දුෂණය කර තිබේ. ඇයගේ යෙහෙළිය සහ පෙම්වතා ඊට උදව්කළ බව කටඋත්තරවලින් හෙළි වී ඇත. පසුව මෙම සිසුවිය ඊයේ (08) ඇගේ දෙමාපියන් සොයා ආපසු නිවසට පැමිණ තිබේ.
මෙම සිසුවියන් දෙදෙනා එම කාන්තා පාසලේ 10 වෙනි වසරේ ඉගනුම ලබන අය බව පොලිසිය කියයි. ඇයට සිදුව ඇති අතවරය සම්බන්ධයෙන් වෛද්‍යවාර්තාවක් ද ලබාගෙන ඇත. මොවුන් සියලු දෙනාම ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නුගේගොඩ ප්‍රදේශභාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ කාන්තා පොලිස් පරීක්‍ෂක කුසුම් මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වෙන්නප්පුව හා දංකොටුවේ ගණිකා නිවාස 2 ක්

වෙන්නප්පුව හා දංකොටුවේ ගණිකා නිවාස 2 ක් වටලයිවෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රදේශ වල පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එම ගණිකා නිවාස වල කළමනාකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය. 

වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ දී එක් ගණිකා නිවාසයක් වට‍ලා ඇති අතර එහි දී කාන්තාවන් සිව් දෙනෙකු අත්ඩඅංගුවට ගෙන ඇත. 

දංකොටුව, පන්නල මාර්ගයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ දී අනෙක් කාන්තාවන් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

වෙන්නප්පුව ‍දුම්මලදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගොස් ඇති බවට සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූ බව දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය. 

මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ(07) පස්වරුවේ මෙම ගණිකා නිවාස වටලා තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල පොලිසියට භාර දී ඇති අතර ඔවුන් අද(08) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Monday, March 7, 2011

පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසු නෑ

පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසු නෑ පාසල් කාලය දීර්ඝ කිරීමට පියවර ගැනීම සුදුසු නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල් කාලය දීර්ඝ කිරීම අධ්‍යාපන මනෝ විද්‍යාවට පටහැනි බව එම සංගමයේ ‍ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙරට පාසල් පද්ධතිය තුළ පාසල් කාලය තීරණය කර තිබෙන්නේ අධ්‍යාපඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් ඇතුළු පිරිස් සාකච්ඡා කිරීමෙන් බවත්, එය කාලාන්තරයත් පුරා ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් බවත් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.

එම ක්‍රියාවලිය වෙනස්කිරීම පිළිබඳව කිසිවකු හෝ සමග සාකච්ඡා නොකර තමන්ගේ අදහසක් මත අධ්‍යාපන අමාත්‍යවරයා මෙවන් පියවරක් ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

අමාත්‍යවරයා සිය තනි මතයට අනුව මෙසේ පාසල් කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බව හෙතෙහ වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පාසල් 1000 ක් හරහා සිදුවන සංවර්ධනයක් සිදුවන්නේ නම්, පවතින පාසල් 9662 න් සෙසු පාසල් පිළිබදව තත්ත්ව කෙසේදැයි ස්ටාලින් මහතා විමසයි.

එහෙත් සියලු සම්පත් සංවර්ධනය කොට මෙම පාසල්වල අධ්‍යාපනය ඉහළ නංවන බව බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට මෙම පාසල් 1000 හි ආරම්භ පියවර වශයෙන් ගුණාත්මක අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා පෙරවරු 7 .30 සිට පස්වරු 3 .00 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදෙයි.

එවැනි කාලයක් පාසල් තුළ අකමැත්තක් දක්වන රජයේ සේවකයින්ට සෙසු පාසල් වලට මාරුවීම් ලබාගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මෙම පාසල් 1000 තුළ දිසාපාමොක් පරපුරේ ගුරු ශිෂ්‍ය පිරිසක් ගොඩනගන බව ද බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Friday, March 4, 2011

එන්න පැටියො කුක්‌කු බොන්න

ප්‍රසූත නිවාඩු යනු සේවකයකු ආයතනයකින් ලබන දීමනාවක්‌ වන අතර මෙය පඩි සහිත හෝ පඩි රහිත විය හැකිය. මෙම නිවාඩු ලබා දෙන්නේ මුලිකව ම ළදරුවා සඳහා කාලය යෙදවීම සඳහා වන අතර මව්කිරි දීම දිරිමත් කිරීම සඳහා මෙම නිවාඩු ක්‍රමය බොහෝ සේ ප්‍රයෝජනවත් වේ. මෙම නිවාඩු අප රටේ ලැබෙන්නේ මවට පමණක්‌ වන නමුත් සමහර රටවල පියාට ද දරු ප්‍රසූතියෙන් පසු නිවාඩු ලබා ගැනීමේ අයිතිය ඇත. මෙම නිවාඩු සඳහා විවිධ රටවල විවිධ නීති අනුගමනය කෙරේ. මව මෙන් ම පියා දරුවා වෙනුවෙන් කාලය ගත කරන බැවින් සහ පියාට දරුවා සම්බන්ධව වගකීමක්‌ ලබා දීමේ ක්‍රමයක්‌ ලෙස බොහෝ බටහිර රටවල මෙම නිවාඩු පියාටද අනුමත කෙරේ. සමහර රටවල මෙම නිවාඩු නීති ගත කර තිබුණද සමහර සේව්‍යයන් ඒවා ගැන තැකීමක්‌ කරන්නේ නැත.

ප්‍රසූත නිවාඩු වල වැඩි ම වාසිය ලැබෙන්නේ මව්කිරි දීමේ කාලය වැඩි කිරීම සඳහා ය. ලංකාවේ නීතියට අනුව පළමු දරුවන් දෙදෙනා සඳහා මවකට දින 84 ක පඩි සහිත ප්‍රසූත නිවාඩු සඳහා අයිතිය ඇත. මේ සඳහා ජීවී දරු උපතක්‌ සිදු විය යුතුයි. තුන්වන දරු උපත සඳහා එනම් දරුවන් දෙදෙනෙකු සිටින මවකට හිමි වන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩු කාලයකි. නමුත් දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළ නමුත් එක්‌ දරුවකු පමණක්‌ ජීවත් වන්නේ නම් එවැනි මවකටද දින 84 ක ප්‍රසූත නිවාඩු කාලයකට අයිතිය ඇත. මේ සඳහා අදාළ තොරතුරු සේව්‍යයා වෙත දැනුම් දීම සේවකයාගේ යුතුකමකි. මෙලෙස ම නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබූ මවකට තුන්වෙනි දරු ප්‍රසූතියේදී ලැබෙන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩුවකි. එනම්, වැදගත් වන්නේ දරුවන් කී දෙනෙකු ජීවත්ව ඇත් ද යන්නයි.

මාතෘ සුබසාධන ආඥාපනත (1941) මගින් මෙම කරුණු නීතිගත කර ඇත. කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා සේව්‍යයා හෝ හාම්පුතුන් මගින් ඉටු විය යුතු සියළු යුතුකම් මෙහි සඳහන් වී ඇත. කිසි ම කාන්තාවක්‌ දරු ප්‍රසූතියෙන් සති 4 ක්‌ ඇතුලත සේවයේ යෙදවීම මෙම පනතට අනුව සිදු කළ නොහැක. උපරිම පඩි සහිත ප්‍රසූත නිවාඩු ප්‍රමාණය සති 12 ක්‌ වන්නේ එක ම දරුවකු හෝ නොමැති හෝ එක්‌ දරුවකු පමණක්‌ සිටින මවකටය.

ගබ්සා වීමට පදිංචි තැනත් බලපානවා..

ස්‌ත්‍රීන් වැඩිවියට පත්වීමේ දී හටගන්නා විවිධ විපර්යාස, ගබ්සා, ආබාධ ඌනතා, තරබාරුකම්, නිදන්ගත රෝග, ජාන ක්‍රියාකාරකම් ආදී කරුණු කාරණා අළලා පෙරට වඩා මෑත යුගයේ විද්‍යාඥයන් හා පර්යේෂකයන් විසින් තියුණු හා දීර්ඝ අධ්‍යයනවන නියෑලීමේ ප්‍රවනතාවක්‌ තිබෙන බව ලොව වටා ලැබෙන පුවත්වලින් දැක්‌වේ.


ඇමරිකානු සරසවි මනෝවිද්‍යාඥයන් විසින් අඩුමාසයෙන් දරුවන් ඉපදීමට හා ගබ්සාවීමට ගැබිනියන් පදිංචි ස්‌ථාන බෙහෙවින් බලපාන බව සොයාගෙන ඇත. ඔවුන් නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්‌වෙන පරිදි මහාමාර්ග අයිනේ කල්ගෙවීම ගැබිනියනට හා ඔවුන්ගේ කුසේ පිළිසිඳ එළියට එන දරුවන්ටද අහිතකර වේ.

මහාමාර්ගවලට පෙනෙන තෙක්‌මානයේ වෙසෙන ගැබිනියන් අඩුවයස්‌ දරුවන් ප්‍රසූතකිරීමේ අවදානමට මුහුණපානබව අලුත් ම සොයාගැනීමෙන් අනාවරණය වේ. මෙම ගැටලුව බලපාන්නේ මහාමාර්ගයේ සිට අඩි 650 ක දුර සිමාවේ පදිංචි ගැබිනි මවුවරුන්ට ය.

මෙම පර්යේෂණයට උපත් 14000 කට වඩා විමර්ශනයට ලක්‌කරනු ලැබිණි. මෙම වර්ගයේ ගැබිනියෝ නියමිත දිනගණන සම්පූර්ණවීමට පෙරාතුව, එනම් සති 37 කට වඩා අඩු කාලයකින් ගර්භාෂයේ වැඩෙමින් පසුවන දරුවන් ප්‍රසූතකිරීමට අවදානමට මුහුණපාති. සති 32 ක්‌ ගතවීමට පෙර කල්මත්තෙන් සිදුවන උපත් සියයට 60 ක්‌ ද, සති 28 කට කලින් සිදුවන උපත් සියයට 80 ක්‌ ද වශයෙන් වාර්තාවිය. ගබ්සාවීමේ අවදානමක්‌ද තිබේ.

....අද දවස්‌ පොජ්ජේ මිනිස්‌ ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පටෑරල විනාස පොජ්ජ මන්දො කරල....

වැදි ජනයා ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් සිය අනන්‍යතාව රැකගෙන ජීවත් වන ප්‍රමුඛතම ජන කොටසක්‌ බැව් අමතක කළ නොහැකි ය. පාළි භාෂාවේ එන ව්‍යාධ නම් වදනේ සිංහල අරුත වන වැදි යන්නෙන් විදින්නා යන අරුත ගෙන දෙයි. අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන වැදි ජනතාව පිළිබඳව කරුණු සොයා ඔවුන් වෙසෙන මහියංගන, දඹාන, කොටබකිණිය දළුකාන, හෙන්නානිගල යන ගම් පෙදෙස්‌වල මේ ලියුම්කරු පසුගිය දිනවල කළ සංචාරයේ දී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් සමග කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

ප්‍රශ්නය - මේ ඇත්තන් ගේ පරම්පරා පොජ්ජ මොනේකෙන්ද මන්දො වෙන්නේ? (මේ ඇත්තන් ගේ පරම්පරාව පැවතෙන්නේ කොහොම ද?)

වන්නියලැත්තෝ - මේ ඇත්තන් ගේ පරම්පරා පොජ්ජෙ ඉතිහාස පොජ්ජ කතා දමනව නම් මේ රටේ යක්‌ක, නාග, දේව, රාක්‌ෂ ගෝස්‌තර හතරමක්‌ ඉඳ තිබෙව්වා. (මේ ඇත්තන් ගේ පරම්පරා ඉතිහාසය ගැන කියන කොට මේ රටේ යක්‌ක, නාග, දේව රාක්‌ෂ යන ගෝත්‍ර හතරක්‌ ජීවත් වූ බව පෙනී යනවා.) යක්‌ෂ කොදුය් යක්‌ක කියන ගෝස්‌තර පොජ්ජ තමයි ඉද තිබව්වෙ. (යක්‌ෂ නෙවෙයි යක්‌ක කියන ගෝත්‍රයයි මෙහි ජීවත් වුණේ). මේ කාල මැච්ෙච් තමයි විඡේ හූරා මේ රටට මංගැච්චුවේ. විඡේ හූරා මං ගච්චනකොට මේ ගෝස්‌තර 

පොජ්ජ හතර ම මේ රටේ ඉඳ තිබව්ව. (මේ කාලේ දී තමයි විජය කුමාරයා මේ රටට ආවේ. එතුමා මේ රටට එනකොට මේ ගෝත්‍ර හතර ම මෙහි ජීවත් වුණා)

විද්‍යා පීඨ පුහුණු ගුරුවරුන් වෙනුවෙන් ජාතික පාසල්වල පුරප්පාඩු 2300 ක්‌

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ සිසුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා ජාතික පාසල්වල පුරප්පාඩු 2300 ක්‌ පමණ පවතින බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ. 

විද්‍යා පීඨ පුහුණුව ලැබූ ගුරුවරුන්ට ලබන මාසයේදී නව පත්වීම් ලබාදීමට නියමිත අතර ජාතික පාසල්වල පවතින පුරප්පාඩු සඳහා මෙවර වැඩි පිරිසක්‌ අනුයුක්‌ත කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු වී තිබේ. පසුගිය වසරේදී විද්‍යා පීඨ පුහුණු ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක්‌ පළාත් සභාවන්ට අයත් පාසල්වලට අනුයුක්‌ත කෙරිණි. මෙම තත්ත්වය යටතේ මෙවර වැඩි පිරිසක්‌ ජාතික පාසල්වලට අනුයුක්‌ත කිරීමට ඉඩකඩ තිබෙන බව අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ පැවැසීය. 

නව පත්වීම් ලබාදීම සඳහා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ද අමාත්‍යංශයෙන් ලබා ගනිමින් පවතී.

පිටසක්වළින් ඇවිත්. . . ?

පිටසක්වළින් ඇවිත්. . . ?
ශ්‍රී ලංකාවේ සේවය කළ විශ්‍රාමික රාජකීය ගුවන් හමුදා නිලධාරියකු විසින් 2004 වර්ෂයේදී ඡායාරූපගත කරන ලද ඩෝනටයක හැඩැති අද්භූත වස්තුවක ඡායාරූපයක් උතුරු යෝක්ෂයර්හි ඔහුගේ පැරණි ප්‍රධානීන් වෙත යවා තිබේ. එය හැඩයෙන් ඩෝනටයක් වැනි වූ කවයක් බව මෙම නිලධාරියා විස්තර කර තිබේ. එමෙන්ම තැඹිලි, සුදු සහ ක්‍රීම් වැනි වර්ණ වලින් සුසැදුණු බව ද ඔහු පෙන්වාදෙයි. එහි හිස කොටස තැඹිලි පැහැයෙන් දිදුලමින් පැවති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

Wednesday, March 2, 2011

පැරෂුටයෙන් පාත්වූ කෙනා මගෙන් වතුර ඉල්ලාගෙන බීවා - පවිත්‍රා

පවිත්‍රා චාන්දනී
"විශාල පිපිරුම් ශබ්දයක්‌ ඇසී මම කඩයෙන් එළියට ඇවිත් බලන විට කඩයට පිටුපස මීටර් 100 ක්‌ පමණ දුරින් කළු පාටින් දුම් ගොඩක්‌ දුටුවා. ඒ සමඟ කඩය පිටුපස ඉඩමට පැරෂුටයකින් කෙනෙක්‌ පාත්වුණා. එයා අපේ කඩය පිටුපස පිහිටි නිවසට පැමිණ මගෙන් වතුර ඉල්ලාගෙන බීලා ජංගම දුරකථනයෙන් කතා කර ගුවන් අනතුර පිළිබඳව කාටද දැනුම් දුන්නා. එහිදී ඔහු අනතුරට පත් යානයේ නියමුවා බව මම දැනගත්තා" යයි කොස්‌හේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන පවිත්‍රා චාන්දනී මෙනෙවිය පැවැසුවාය.

"ඔහුට පිටින් පෙනෙන කිසිම තුවාලයක්‌ තිබුණේ නැහැ. ඔහු හොඳ සිහි කල්පනාවෙන් යුතුවයි හිටියේ. මගෙන් වතුර බීලා අපේ නිවස පිටුපස වාඩිවී පැය භාගයක්‌ පමණ සිටියා. අනෙක්‌ යානයේ නියමුවාට මොකද වුණේ කියා බලන්න ඕනෑ කියලත් කිව්වා" යෑයි චාන්දනී මෙනෙවිය වැඩිදුරටත් පැවැසුවාය.

Total Pageviews

Advertise