මේ දිනවල ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන බැවින් මෙය ගොනු කිරීම කාලෝචිත යෑයි හැඟුණි. ICC ක්‍රිකට් ලෝක කුසලානය යනු මුළු මහත් ක්‍රිකට් ලොව ම පාහේ නරඹන තරගාවලියකි. මේ ක්‍රිකට් ආනන්දය අප රටටත් නොඅඩු ව දැනේ. ක්‍රිකට් හෝ වේ වා වෙනත් මොනයම් ක්‍රීඩාවක් හෝ වේ වා ක්‍රීඩකයින් උද්යෝගිමත් කිරීම හස්‌තසාර කටයුත්තකි. ඒ සඳහා නොයෙකුත් සංකේත භාවිත කිරීම මානව සම්ප්‍රදායක් වී හමාර ය. මා මෙහි දී කතා කරනුයේ අප ජාතික කොඩියට දක්‌වන ගෞරවය පිළිබඳව ය.
තරග දිනුම හෝ වේ වා පැරදුම හෝ වේ වා රටක ජාතික කොඩියට දැක්‌විය යුතු බුහුමන නිදහස් දිනයට පමණක් සීමා විය යුතු නො වේ. සකල ශරීරය පුරා තම රටෙහි ජාතික කොඩි සිතුවම් කරගෙන ඔල්වරසන් දීම මට හැඟෙන පරිදි මුළු මහත් ජාතියට ම කරන පරිභවයකි. ඔබට එය එසේ නො වන බව කීමට හැකි ද? එසේ වුව ද මේ පවතින විවෘත ආර්ථිකය හමුවේ මේ උන්මාදය tattoo කරුවන්ට සහ කොඩි වෙළෙදාම්කරුවන්ට නම් විශාල හේතුසම්පත්තියකි.
කරුණු කොයි ආකාරයෙන් වුව ද තවමත් සිංහල බෞද්ධත්වයට අයෝග්‍ය ලෙස අසංවරව යන්තමින් විලි වැසෙන ලෙස ඉතා ම කොට ඇඳුමින් සැරසී ශ්‍රී ලංකා ජාතික කොඩිය උඩුබැල්ලෙන් අල්ලා ගෙන උඩ පැන පැන දුවන තරුණයන්, තරුණියන් අම්ම, තාත්තා ගැන වත් නො සිතා අසංවරව ක්‍රිකට් සිංදු විෂුවල්වලට පෙනී සිට ක්‍රීඩාංගණවල බහුරූ කෝලම් පාමින්, සිංහල බෞද්ධ සංස්‌කෘතිය බටහිර අච්චුවට දමා කරන විගඩම් නැවතිය යුතු කාලය පැමිණ තිබේ.
දේශපාලන බලධාරීන් විදුසර කියවන්නේ ද යන්න මම හරිහැටි නො දනිමි. මා ඉහත සඳහන් කළ බහුරූ කෝලම්වලට පිළියමක් යොදන ලෙස, ඒවා නවතන ලෙස (අවම කරන ලෙස නො වේ) මා ඔවුන්ට ආයාචනා නො කරන්නේ ඔවුන්ට ද ඇස්, කන් තිබෙන නිසාත්, අන්ධ බලධාරීන් මා දන්නා පරිදි නැති නිසාත් ය. මෙය සමස්‌තය ම දාගත යුතු තොප්පියක් නො වේ. දාගත යුතු අය දාගත යුතු තොප්පියකි. නැවත අපි මුලට යමු. මා එකහෙළා ම මගේ මේ ලිපිය ලිවීමේ අරමුණ පවසන්නම්. ඒ අන් කිසිවක් නො ව ජාතිකත්වයට ගරු කිරීමයි. නිරුවත වැසෙන්නට ජාතික කොඩිය ඇඳ, ජාතික ගීයට රැප් දමන සමාජයක් බිහි නො වේ වා යි පතමින් මා සමාප්ත කරන්නේ විදුසර කියවන ප්‍රඥාගෝචර පාඨකයින් ගෙන් එවැන්නක් කිසි දාක සිදුවීමට අපි මේ දැන් සිට ම ඉඩ නො දෙමු යෑයි ඉල්ලා සිටිමිනි.
කේ. සුපුන් අශාන් උදයංග
විදුසර

ගෝත්‍රික සංකල්ප කියන්නෙ ඕවට තමයි ..ජාතික කොඩිය ඇඟේ ඔතාගෙන පාරේ යන්නෙවත් නිදහස් උත්සවේට යන්නෙ වත් නැහැනෙ ..ක්‍රිකට් තරඟ එක්ක බැඳිච්ච උප සංස්කෘතීන් ඕව . ලොකේ ඉදිරියට යන්නෙ එහෙම ගොඩ නැඟෙන උප සංස්කෘතීන් හරහා . ජාතික කොඩිය මැච් එකක්දි ඔතා ගත්තාය කියල මහ ලොකු දෙයක් වෙන්නෙ නැහැ . ඊට වඩ රටට ජතියට හානි කරන උන් ඉන්නව සද්ද නැතුව අන්න උන්වයි නවත්තන්න ඕනි
ReplyDeletecricat ape deyak nemei. mach sellam kranakopta olu bakku natuwath mokada
ReplyDeleteජාතික කොඩිය ඇඟේ ඔතාගන්නේ නැතුව තියල ඉඳ ගන්නද කියන්නේ. පොලිස්පතිතුමාගේ විශිෂ්ඨ සංකල්පයකට අන්ව කොඩි වලට මිටක් ගෙනියන එක තහනම්නේ. අනිත් එක ජාතික කොඩිය කොහොමද තියා ගත්තේ කියන එක වැදගත් වෙන්නේ නැහැ, ජාතියට තියෙන ගෞවරවය පෙන්නන්න ඕනේ ජාතික කොඩිය වන්දනාමාන කරලා නෙවෙයි.
ReplyDeleteබුවා කිව්වා වගේ මේවා ගෝත්‍රික සංකල්ප. මොකද මේ ජාතික කොඩිය පාවිච්චි කරන විදිහ හරි නැත්නම් ජාතික ගීය ගායනා කරන විට ඉන්න විදිහ හරි රටින් රටට සාපේක්ෂයි.
බොහොම විවාදපන්න මාතෘකාවක්. දෙපැත්තටම වාසි වෙන්න කතා කරන්න පුලුවන්. නමුත්, අරමුණ යහපත් වුන පළියට, ඉන් මතුවන ප්‍රතිඵලත් "හැමතිස්සෙම" යහපත් කියල කවුරුහරි තර්ක කළොත්, අන්න ඒක නම් නිවැරදි නෑ.
ReplyDeleteසහෝ, ඔයාගෙ ලිපිය කාලීනව වැදගත්. හැබැයි, මේ ටිකත් හිතට ගන්න. හයක්, හතරක් ගැහුවම, "cheer leader" තාලෙට දේශීය නැට්ටුක්කරුවන් පවා නටවපු රටක්, මේවා ගැන කියන්න ගිහිල්ල ගුටි කන්නත් බැරි නෑ. :D