Showing posts with label උපත් පාලන පෙති. Show all posts
Showing posts with label උපත් පාලන පෙති. Show all posts

Monday, August 15, 2011

තව දින 84 කින් ලෝක ජනගහණය බිලියන 7 යි

ලෝකයේ ජනගහණය
දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද
සතියකට මිලියන 1 .8 කින් ද
වසරකට මිලියන 93 කින් ද
මේ වන විට වර්ධනය වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

එක්‌සත් ජාතින්ගේ ජනගහණ අංශය පවසන පරිදි 2011 වසරේ ඔක්‌තෝම්බර් 31 වෙනිදාට ලෝක ජනගහණය බිලියන 7 ක්‌ ඉක්‌මවයි. ලෝකයේ ජනගහණය දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද සතියකට මිලියන 1.8 කින් ද වසරකට මිලියන 93 කින් ද මේ වන විට වර්ධනය වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

1800 දී මිලියන එකක්‌ව තිබූ ලෝක ජනගහණය 1963 වන විට දෙගුණයක්‌ වී තිබේ. 1987 දී එය 40% කින් වර්ධනය වී බිලියන 5 ක්‌ බවට පත් වී තිබේ. පළමු ලෝක ජනගහණ දිනය පැවැත්වීමට මුල් වූයේ එම කාරණයයි.

ආසියාව ලෝකයේ මුළු ජනගහණයෙන් 60% ක ප්‍රමාණයක්‌ ජීවත් වන ලෙස සලකන අතර එය 2050 දී බිලියන හතරේ සිට බිලියන පහ දක්‌වා වැඩිවන බවට අනාවරණය වී තිබේ.

දැනට සෑම වසරක ම දශලක්‌ෂ 78 ක්‌ පමණ ජනතාවක්‌ ලෝක ජනහගණයට එකතු වීමෙන් ස්‌වභාවික සම්පත් වලට ඇති ඉල්ලුම වැඩිවීමෙන් අප ජිවත් වන පෘථිවියට වැඩි පීඩනයක්‌ ඇති කරවයි. දරිද්‍රතාවය, අසාමනතාවය සහ සම්පත් කෙරෙහි ඇති පීඩනය වැඩිවීම ජනගහණය වැඩිවීමේදී ඇතිවන අභියෝගයන් වන අතර ලෝකය පෙර නොවු ආකාරයට එකට සම්බන්ධව වී ඇති නිසා මෙම ප්‍රශ්න සෑම රටකටම බලපායි. ලෝකයේ ජනගහණය වැඩිවීමත් සමග අද ජීවත් වන සහ අනාගත පරම්පරාව සඳහා අසාමානතා අඩුකිරීමටත් ජීවන මට්‌ටම නගා සිටුවීමටත් නව චින්තනයක්‌ සහ ගෝලීය සහයෝගීතාවයක්‌ අවශ්‍ය වේ. මෙහිදී තරුණ ජනයා බලගැන්වීමත් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීමත්, ස්‌ත්‍රින්ගේ අයිතිවාසිකම් සුරැකීමත් සියලු දෙනාගේ පැවැත්ම ර¹ සිටින ස්‌වභාවික සම්පත් ආරක්‌ෂා කිරීමත් කළ යුතු වේ.

වයස අවුරුදු 10 ත් 20 ත් අතර සිටින කෝටි 180 වන ලොව තරුණ ජනතාවට අපගේ ක්‌ෂණික ගැටළු විස¹ ගැනීම සඳහා නව අදහස්‌ සහ පිවිසුම් ලබා ගැනීමට දායක කර ගත යුතුය. ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීම තුළින් ගැහැනු දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම, නිසි වයසට පෙර විවාහවීම නැවැත්වීම, හදිසි ගැබ්ගැනීම්වලින් වැළකීම සහ HIV ආසාදනයෙන් ඉවත් වී සමාජ සුබසාධනය සඳහා දායක කර ගැනීම පහසුයි. මතු දවසක විවාහයෙන් පසු මවක්‌ වන ඇයට බිහිකරන ළමයින් සංඛ්‍යාව තීරණය කිරීම ස්‌ත්‍රී පුරුෂ භාවය මත පදනම් වන ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව නැගී සිටීම සමාජයේ තම භූමිකාව හොඳින් ඉටුකිරීම ඇයට කළ හැකිය. මේ නිසා ලෝක ජනගහණය වර්ධනය පාලනය කිරීමට මෙන්ම රටක ජනගහණය වර්ධනය පාලනය කිරීමට ද කාන්තාවන්ගේ දායකත්වය ඉහළ මට්‌ටමෙන් ලබාගත යුතුය.


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණයක්‌ ඇසුරෙන්.
හරින්දී ලියනගේ

Saturday, May 21, 2011

ඔසප්වීම සහ රුධිර වහනය

මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21 ත් 35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක්‌ පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක්‌ පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක්‌ රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කල හැකි වේ. මෙවැනි තත්ත්වයක්‌ ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක්‌ තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැකත මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය, ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

ආර්තවහරණය

ආර්තවහරණය එක වරම එක්‌ දිනකදී සිදුවන දෙයක්‌ නොවේ. මෙය කාලයක්‌ තිස්‌සේ ක්‍රමයෙන් සිදුවන්නකි. ආර්තවහරණයට සම්බන්ධ රෝග ලක්‌ෂණ මෙම කාලය තුළදී ක්‍රමයෙන් දැනෙන්න පටන් ගනී. රාත්‍රි කාලයට අධිකව දහඩිය දැමීම, මුහුණේ හා පපුවේ ඇතිවන දැවිල්ල, ලිංගික ආශාව අඩුවීම, තද මහන්සි ගතිය, ඇගපත වේදනාව, නින්ද යාමේ ඇතිවන වෙනස්‌කම්, මානසික දුර්වල හැගීම්, කම්මැලි ගතිය, පියයුරු වේදනාව, සිරුර තරබාරු වීම වැනි ලක්‌ෂණ මෙම තත්ත්වය සමග ඇති වේ. මේවා පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගැනීමෙන් ඒවායින් ඇතිවන අපහසුතා මග හරවා ගත හැක. 

Saturday, April 9, 2011

මඳසරුභාවය

සෑම විවාහපත් යුවළකගෙන් 7 න් 1 ක්‌ (1/7) දරුවන් ලැබීමේ අපහසුතාවයට පත්වන අතර මෙය මඳසරුභාවය ලෙස හැඳින්වේ. සාමාන්‍ය පවුලකට විවාහ වීමෙන් පසු දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්‌ථාව ඔවුන් විවාහ වී කොපමණ කල්ද යන්න සමඟ කෙළින්ම සම්බන්ධතාවයක්‌ ඇත. එනම් මාස 3 ක්‌ ඇතුළත ගැබ් ගැනීමේ අවස්‌ථාව ඇත්තේ 50% ට පමණි. නමුත් මාස 12 ක්‌ පමණ වන විට 90% ක්‌ පමණ ගැබ් ගැනීමේ අවස්‌ථාව ඔවුන්ට ඇත. මේ අනුව උපත් පාලන ක්‍රම භාවිත නොකොට සතියකට 2-3 වරක්‌ එක්‌වන යුවළක්‌ මාස 12 ක්‌ ගිය පසුත් ගැබ් නොගනී නම් සඳසරු තත්ත්වය ඇති බව අනුමාන කල හැක. මෙලෙස වෛද්‍ය උපදෙස්‌ සඳහා යැමට මාස 12 ක්‌ යනතුරු පමා කල යුතු නැති කොට්‌ඨාසයකුත් ඇත. එනම් අවු 35ට වැඩි කාන්තාවන්, ඔසප් වීම පිළිවෙලට සිදු නොවන අවස්‌ථා, ප්‍රජනන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙනත් රෝග තත්ත්වයන් ඇති විට, පුරුෂයාගේ වෘෂණ කෝෂවල ආබාධ ඇතිවිට ආදී අවස්‌ථාවලදී පමා නොවී වෛද්‍ය උපදෙස්‌ පැතීම යෝග්‍යයි. මදසරුභාවයේ දෙවර්ගයක්‌ ඇත. පිළිසිඳ ගැනීමක්‌ කෙදිනක හෝ සිදු වී ඇත්නම් එම ගැබ් ගැනීම සම්පූර්ණ තත්ත්වයට පත්වූයේ නැති වුවද එම තත්ත්වය දෙවනුව ඇති වූ මඳසරු තත්ත්වය හෙවත් මඳසරුභාවය ලෙස සැලකේ. මඳසරුභාවයට හේතුව පුරුෂයා හෝ කාන්තාව හෝ විය හැක. සමහර විට දෙදෙනාගේ ම ගැටලු තිබිය හැක. නැතහොත් දෙදෙනාගේ ම කිසිම සොයා ගත හැකි ගැටලුවක්‌ නැති මුත්, ගැබ් ගැනීම පමාවෙනවා විය හැක. මෙම තත්ත්වයද හඳුනා ගැනීම වැදගත් වන්නේ ඒ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සාර්ථක විය හැකි බැවිනි.

ගැබ් ගැනීමක්‌ සඳහා අවශ්‍ය මූලික සාධක නම් 

ගුණාත්මකභාවයෙන් යුත් ශුක්‍රාණු 
නිවැරදි ප්‍රමාණය පිළිවෙලට මේරූ ඩිම්බ පිටවීම 
මෙම බීජ දෙවර්ගය මුණ ගැසීමට සුදුසු මාර්ගයක්‌ අවශ්‍ය බව 

Thursday, February 17, 2011

ඔසප්වීම සිදුවිය යුතුද?

ඔසප්වීම හෙවත් ආර්තවය ශරීරය අභ්‍යන්තරයේ සිදුවන පිරිසිදු වීමක්‌ ලෙස පැරැන්නෝ සැලකූ බැවින් ඔවුහු මෙයට "ඇඟ සුද්ද වීම" යන නම භාවිත කළහ. එසේ සිතන විට ඔසප් වීම පිළිවෙළට සිදු නොවීම ශරීරයට හානිකර භයානක තත්ත්වයක්‌ ලෙස සමහර කාන්තාවන් සලකතිs. මෙය සත්‍ය නොවේ. නමුත් ඔසප් වීම පිළිවෙළට සිදු නොවීම ගැබ් ගැනීමට උත්සහ කරන කාන්තාවකට නම් ප්‍රශ්නයකි. ඔසප් වීම පමාවීම හෝ අපිළිවෙළට වීම සමහර කාන්තාවන් තුළ දැකිය හැකි ගැටලුවකි. නිරෝගි තත්ත්වයන් යටතේද ඔසප් වීම පමාවන අවස්‌ථා ඇත. එනම් ගර්භනී අවධියේදී හා මව්කිරි දෙන අවධියේදී ඔසප් වීම පිළිවෙළට සිදු නොවේ. සමහර කාන්තාවන්ගේ ගර්භනී අවධියේදී මුල් සති 12 ඇතුළත වරින් වර ඉතා ස්‌වල්ප වශයෙන් රුධිර වහනය වනු දැකිය හැකිය. එම අවස්‌ථාවලදී වෛද්‍යවරයෙකු හමු වී ගර්භනී භාවය පරීක්‌ෂා කර ගැනීම වැදගත්ය. ඔසප් වීම ප්‍රමාද වී සති 2 ක්‌ ගිය විට මුත්‍රා පරීක්‌ෂා කිරීමෙන් ගර්භනීභාවය පරීක්‌ෂා කිරීමෙන් ගර්භනීභාවය තහවුරු කරගත හැකිය. දරු ප්‍රසූතියෙන් සති 10-12 ක්‌ පමණ යනතුරු ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය දෙයකි. මවු කිරි දෙන මවකගේ මෙම කාලය මීට වඩා වැඩි වේ.

Sunday, February 13, 2011

උපත් පාලන පෙති ගැනීමෙන් කුරුලෑ ඇති කරනවාද?

තරුණ යුවතියන් සහ තරුණයන් ගෙන් බොහෝදෙනෙක්‌ පීඩා විඳින කුරුලෑ තුළ පවතින සැරවා හෝ ලේ මුහුණේ වෙනත් තැනක තැවරීමෙන් එම තැන්වල කුරුලෑ ඇතිවේයෑයි ඇතැමුන් තුළ බියක්‌ පවතී. මෙම තත්ත්වය පහදා දෙන්න.

මෙය අනවශ්‍ය බියවීමකි. කවදාවත් එසේ නොවේ. මක්‌නිසාදයත් කුරුලෑ ඇතිකරනා ප්‍රොපියනො බැක්‌ටර් ඇක්‌නිස්‌ (Propiono bacactor acnes) ලෙස හඳුන්වන බැක්‌ටීරියාව ඕනෑම කෙනෙකුගේ සම තුළ ස්‌වභාවිකවම ජීවත්වේ. කුරුලෑ ආසාදනයකදී සිදුවන්නේ මෙම බැක්‌ටීරියාව තෙල් පිරුණු ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි හා රෝම කූප අඩංගු ඒකකය තුළට රිංගා ප්‍රදාහයක්‌ ඇති කිරීමයි.

මෙම බැක්‌ටීරියාව කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීමක්‌ හෝ කෙනෙකුගේ ශරීරයේ වෙනත් තැනකට ගමන් කිරීමක්‌ හෝ කිසිවිටෙකත් සිදුනොවේ. එම නිසා කුරුලෑවල ඇති සැරවා හෝ ලේ මුහුණේ වෙනත් තැනක ගෑවීමෙන් එම තැන්වල කුරුලෑ ඇතිවීමක්‌ සිදුනොවේ.

Total Pageviews

Advertise