Sunday, April 10, 2011

ඉන්ට නැෂනල් රිපෝටර්

බුෂ් ස්‌වකීය එකම මිණිපිරියට සුදුසු මනාලයෙක්‌ සොයාගැනීම සඳහා සැකසූ මංගල දැන්වීම සභාවට ඉදිරිපත් කළේය.

අඩි 5  11 උසැති සිහින් රූමත් අයිශ්චර්යාවන් රූමත් ඇන්ජලීනා ජොලීවන් පැහැපත් ස්‌වකීය එකම මිණිපිරිය සඳහා ඇගේ සීයා වන ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ සභාපති ජෝර්ඡ් බුෂයන් විසින් සොයනුයේ සුරාවෙන් සූදුවෙන් හා ක්‍රිකට්‌වලින් තොර, ක්‍රිකට්‌ මැච් එකක්‌ පෙන්වන රූපවාහිනී තිරයක්‌ දිහාවත් හැරී නොබලන, ක්‍රිකට්‌ බැට්‌ එකක්‌ අතින්වත් නොඅල්ලන, ලෙදර් බෝලයක්‌ බිම වැටී තිබුණත් නොඅහුලන, චරිතවත් ගුණවත් යහපත් තරුණයෙකි. දායාද වශයෙන් වටිනා එල්ලේ පිත්තක්‌."

ඉන්පසුව පුටින් තමාට පුතෙකු සිටියා නම් ඉදිරිපත් කරන මංගල දැන්වීම සභාවට ඉදිරිපත් කළේය.

පරිගණක ඉංජිනේරුවකු වන අනාගතයේ රුසියාවේ ජනාධිපති වීමට නියමිත ස්‌වකීය එකම පුතුට රුසියානු හිටපු ජනාධිපති හා වර්තමාන අගමැති වන පුටින් සොයනුයේ කිකට්‌ ක්‍රීඩකයකුගේ බිරිඳක්‌වත් බුද්ධිමත්, ගුණවත්, යහපත් කාන්තා රත්නයකි.

පුටින්ගේ විවාහ දැන්වීම එතෙක්‌ මෙතෙක්‌ පළව ඇති හොඳම මංගල යෝජනාව සමිතිය විසින් එක හෙළා පිළිගන්නා ලදී. එම ජවනිකාව අවසානයේ උද්ගත වූයේ තවත් උද්වේගකර අවස්‌ථාවකි. බොහෝවිට මූලාසනයේ පුටුවේ වාඩිවීගෙනම සමිතිය අමතන බුෂ් එකවර නැගී සිට මහ හඬින් බෙරිහන් දුන්නේය.

රාවණා රඡ්ජුරුවෝ සීතාවත් දිනාගෙන ආවා. ඒ වුණාට මෙදා සැරේ කප් එකවත් අරගෙන එන්න බැරිවුණා

ඉන්පසු මේ නාට්‍යමය ජවනිකාවට එක්‌ වූයේ රුසියානු අගමැති පුටින්ය.



අහෝ මෙය විසිඑක්‌වන සියවසේ රාම රාවණා සටන බව අමතක කළේ ඇයි?

ඉන්පසුව බොලීවියානු ජනාධිපති මොරාලේස්‌ නැගී සිටියේය.

එදා රාවණාගේ සටන පාවාදුන්නේ විභීෂණ. අද රාවණාගේ සටන පාවාදුන්නේ කවුද?

ඉන්පසුව කියුබානු ජනාධිපති පිදෙල් රාමෝස්‌ නැගී සිටියේය.

අහෝ ලසිතයාණෙනි මාලිංගයාණෙනි ඔබේ වෙහෙස ගඟට කැපූ ඉනි බවට පත් කළේ කවුද?

ඉන්පසුව හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩොලීසා රයිස්‌ මෙසේ කීවාය.

සියල්ල අන්තිමට අන්ධභූත ජාතකයක්‌ බවට පත් කළේ ඇයි

ඉන්පසුව යළිත් පුටින් නැගී සිටියේය.

තෙල් මිල වැඩිවීමට හේතුව ලිබියාවට එල්ලවන ඇමරිකානු ප්‍රහාරයි. ඒ බව කියා තෙල් මිල වැඩිකරන්න තිබියදී වර්ල්ඩ් කප් අස්‌සේ හොරෙන් තෙල් මිල වැඩි කළේ ඇයි? ගඩාපිව පාවා දුන්නේ ඇයි?

ඉන්පසුව බුෂ් යළිත් කතා කළේය.

තවත් කවුදොa නැගිට මෙසේ කීවේය.

අර සමෘද්ධි නිලධාරියා සිය කැමැත්තෙන් ගස්‌ බැඳුණා වගේ අර මාළු වෙළෙඳ පොළේ මුදලාලි මහත්තුරුත් සිය කැමැත්තෙන්මයි මුදල් පරිත්‍යාග කරලා තියෙන්නේ.

එහෙම තියෙද්දී කප්පම් ගත්තා කියලා අත්අඩංගුවට ගත්ත එක විශාල අපරාධයක්‌.

ක්‍රිකට්‌ ගැන ජනතාව තුළ ඇත්තේ ආදරයක්‌ පමණි. භක්‌තියක්‌ නොවේ. ඒ නිසා අද සිටින ආදරයෙන් මත් වූ වැලන්ටයින් පරපුර ක්‍රිකට්‌ වෙනුවෙන් මුර ගෑම අරුමයක්‌ නොවේ.

එවිට පුටින් මෙසේ කීවේය.

ආදරය වගේම ක්‍රිකටුත් හිස්‌ දෙයක්‌

එවිට බුෂ් යළිත් මෙසේ කීවේය.

ඒ නිසානේ හැමෝම ක්‍රිකට්‌වලට වගේම ආදරයටත් කැමති

එවිට කොන්ඩෝලීසා රයිස්‌ මෙසේ කීවාය.

කප් එක අපි ආයෙත් ගේමු

ඉන්පසු නැවතත් බුෂ් කතා කළේය.

දැන් අන්තිමට ඉතිරිවෙලා තියෙන්නේ එක ප්‍රශ්නයයි

එවිට සමිතියම ඉතිරිව ඇති අන්තිම ප්‍රශ්නය දැනගැනීම සඳහා නිශ්ශබ්ද විය. බුෂ් අන්තිමට ඉතිරිව ඇති නොවිසඳුනු ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

ඉන්දියාව දිනුවද ලංකාව පැරදුණාද?

වර්තමානය උදෙසා රාවණා යුගයට ගිය ජාත්‍යන්තර ප්‍රජා සමිතිය එසේ අවසන් විය.

1 comment:

  1. සිරා........ නියමෙට ලියලා තියෙනවා.

    ReplyDelete

Total Pageviews

Advertise