Monday, February 28, 2011

ක්‍රිකට්‌ පොතෙත් නැති මෙතෙක්‌ නොදුටු සිද්ධියක්‌

ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මෙතෙක්‌ වාර්තා වී නැතැයි සිතිය හැකි සිද්ධියක්‌ පෙරේදා (26 දා) පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර තරගයේදී දැක ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා පිතිකරු ඇංජලෝ මැතිව්ස්‌ එක්‌ පන්දුවාරයක අවසන් පන්දුවට හතරේ පහරක්‌ එල්ල කොට ඊට පසු යවන ලද පන්දුවාරයේදීත් නැවතත් පන්දුවට පහරදීම අදාළ සිදුවීම වෙයි.

ක්‍රිකට්‌ නීතියට අනුව පන්දුවාරයක අවසන් පන්දුවට පහර දුන් ක්‍රීඩකයා එක්‌ ලකුණක්‌ හෝ ලකුණු 3 ක්‌ ලබාගත හොත් පමණක්‌ ඉන් පසු ක්‍රියාත්මක කරන පන්දු වාරයේ පළමු පන්දුවට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව එම පිතිකරුට හිමිවන නමුදු නැවතත් එම පන්දු වාරයට ඔහුට මුහුණදීමට අවස්‌ථාව සැලසෙන්නේ අනෙක්‌ පිතිකරු ලකුණක්‌ ලබා ගනිමින් පැති හුවමාරු කර ගත හොත් පමණි.

එහෙත් පාකිස්‌තාන කණ්‌ඩායමේ අබ්දූර් රෙහෙමාන් විසින් ක්‍රියාත්මක කරන ලද 43 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට(මෙම පන්දුවාරයට මැතිව්ස්‌ සහ චාමර සිල්වා ලකුණු 14 ක්‌ ලබා ගැනීමට සමත්වූහ) ඇංජලෝ මැතිව්ස්‌ විසින් හතරේ පහරක්‌ එල්ල කරන ලදී. හතරේ පහරක්‌ එල්ල කිරීමේදී කිසි විටෙකත් පිතිකරුවන් පැති හුවමාරු කර නොගන්නා බැවින් ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවට පහර දීමට නියමිතව තිබුණේ අනෙක්‌ අන්තයේ පිතිකරුවා වූ චාමර සිල්වාටය. එහෙත් පාකිස්‌තානු නායක ෂහිඩ් අෆ්රිඩි විසින් ක්‍රියාත්මක කරන ඊළඟ පන්දුවාරයේ(44 වැනි) පළමු පන්දුවටද ඇංජලෝ මැතිව්ස්‌ මුහුණදීම පුදුමය දනවන සිදුවීමක්‌ විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලකුණු සටහන්කරුවන් මෙන්ම තරගයේ පන්දුවෙන් පන්දුව විස්‌තර විචාරය ගෙන එන ක්‍රිකට්‌ වෙබ් අඩවිද මහත් අපහසුතාවට පත්ව තිබේ. එහිදී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිල වෙබ් අඩෙවියද මේ සිදුවීම පිළිබඳව අදාළ විස්‌තර විචාරයේ වාර්තා කොට තිබේ.

එහිදී ප්‍රශ්නය වන්නේ තරගය විනිසුරුවන් කොතෙක්‌ දුරට කල්පනාකාරීව තම රාජකාරිය සිදුකරන්නේද යන්න පිළිබඳවයි.

මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්ත ජාතික ඉයන් ගූල්ඩ්(එක්‌දින තරග 18 යි) සහ ඔස්‌ටේ්‍රලියානු ජාතික ඩැරල් හාපර්(එක්‌දින තරග 170 යි ටෙස්‌ට්‌ 94යි 20-20 තරග 10යි) කටයුතු කළ අතර තෙවැනි විනිසුරු ලෙස එංගලන්ත ජාතික නයිජල් ලෝන්ද අතිරේක විනිසුරු ලෙස නවසීලන්ත ජාතික ටෝනි හිල්ද කටයුතු කළහ. අදාළ තරගයේ තීරක ලෙස නවසීලන්ත ජාතික ක්‍රිස්‌ බ්‍රොඩ් කටයුතු කරන ලදී.

මුරලිගෙන් තවත් වාර්තාවක්

මුත්තයියා මුරලිදරන් ලෝක කුසලාන ක්‍රිකට් තරගවල වැඩිම දෙවැනි කඩුලු ලාභියා ලෙස වාර්තා පොතට එක්විය. පෙරේදා පාකිස්තානය සමග පැවැති තරගයේ දී මුරලිගේ පන්දුවකට උමාර් අක්මාල් දැවීයෑම ලෝක කුසලාන තරගවලදී ඔහු වාර්තා කළ 56වැනි කඩුල්ල විය.
මෙයට පෙර මුරලි විසින් කඩුලු 55ක් දවාගෙන පාකිස්තානයේ වසීම් අක්‍රම් තබා තිබූ වාර්තාව සමකර සිටියේය.
දැනට ක්‍රිකට් ලෝක කුසලාන තරගවලදී වැඩිම කඩුලු ලාභියා ලෙස ඔස්ටේ‍්‍රලියාවේ ග්ලේන් මැග්‍රා (කඩුලු 71ක්) වාර්තාව පිහිටුවා ඇත.
මුරලි ලෝක කුසලාන තරග 33 කදී ලකුණු 1117 කට කඩුලු 56ක් ලබා සිටී. ඔහු එක්දින හා ටෙස්ට් තරගවල ලොව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාද වේ.
මුරලි මේ තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටයෙන් සමුගැනීමට නියමිතය.

කොට්ටයක් බඩේ බැඳගෙන දරු ප්‍රසූතියට රෝහල් ගත වෙලා

ගැබිනි මාතාවක් වෙසින් උදරයේ කොට්ටයක් සඟවා ගෙන කළුබෝවිල රෝහලට ඇතුළු වූ කාන්තාවක් හා ඇයගේ මව යැයි කියන වයොවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
පෙරේදා (26) දහවල් සායන කාඩ්පත් ද රැගෙන 21 වැනි වාට්ටුවට ඇතුළු වූ මේ කාන්තාව ඇඳ මත හොවා පරීක්ෂා කිරීමේදී උදරයේ සඟවා තිබූ කොට්ටය හමු වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර කාන්තාව අලුත උපන් දරුවකු සොරා ගැනීම සඳහා පැමිණියේ යැයි සැක කරන බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සතුව තිබූ පූර්ව ප්‍රසව ක්ෂේත්‍ර සටහන් පත්‍රකාවද ව්‍යාජ ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සටහන් තබන ආකාරයෙන් සටහන් තබා ඇති බව කළුබෝවිල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ දොස්තර අනිල් ජයසිංහ මහතා පැවැසීය.
කාර්ය මණ්ඩලයේ කාර්්‍යක්ෂම බව හා විමසිලිමත් බව හේතුවෙන් සිදු වීමට ගිය දරු සොරකමක් වැළකී ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
විවාහ වී වසර දෙකකට ආසන්න වුවත් සැමියාගෙන් දරුවකු නොමැති හෙයින් ඥාතීන්ගෙන් හා ගම්මුන්ගෙන් එල්ලවන අවලාද හේතුවෙන් ගැබිනියක් ලෙස රඟ පෑ බව සැකකාර කාන්තාව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.
සැකකාරිය, බණ්ඩාරගම කිෙඳල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 කාන්තාවකි.
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්්‍යාංශයේ උප පොලිස් පරීක්ෂක ගයනි, උප පොලිස් පරීක්ෂක සුජීව මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.

Sunday, February 27, 2011

"බ්‍රා" එක තෝරන හැටි..

කාන්තාවන් බොහෝ දෙනෙක්‌ සැරසෙන්නේ තමන්ගේ ශරීර ප්‍රමාණයට නොගැලපෙන බ්‍රෙසියර් වලින් බව කීවොත් ඔබ එය පිළිගන්නවාද? නොපිළිගත්තද සත්‍යය එයයි. වෙළෙඳ පොළේ ඇති කුමන හෝ වර්ගයක උඩුකය ආවරණයක්‌ තෝරා ගනු මිසක එය තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන්නේ දැයි සොයා බලන පිරිස අඩුයි. එක්‌ වර්ගයක ප්‍රමාණය (size) තවත් වර්ගයකදි වෙනස්‌ වෙනවා. ඒ නිසා ම අද බොහෝ ඇඳුම් ප්‍රදර්ශනාගාරවල උඩුකය ආවරණ ඇඟලා බැලීමේ අවස්‌ථාවද සලසා දී තිබෙනවා.

එහෙමනම් කොහොමද නිවැරදි ප්‍රමාණය තෝරාගන්නේ?

මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්‍රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක්‌ ගෙන බ්‍රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්‌ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්‍රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි.

බොහෝ විට බ්‍රෙසියරයක්‌ මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි.

එහෙම නම් කරන්න ඕන මොකක්‌ද?

පවුලට සුදුසු පවුල් සැලසුම තෝරා ගන්න

දෙදෙනෙක්‌ විවාහ වූ පසු අප ඔවුන්ට "යුවලක්‌" යන නම භාවිතා කරනවා. එලෙස ම ඔවුන්ට දරුවෙක්‌ ලැබුණා ම "පවුලක්‌" ලෙස සලකනවා. මෙම පවුලට තවත් දරුවෙක්‌ එකතු වෙනවා. මෙම එකතුවීම සැලසුම් සහගතව සිදු නොවුණහොත් එය ඒ පවුලට දැරිය නොහැකි තත්ත්වයක්‌ බවට පත් වේ. පවුලක සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය අවශ්‍යතාවයන්ට අනුකූලව සැලසුමක්‌ ඇතිව දරුවන් සෑදීම කළ යුතුයි. පළමු දරු උපත සඳහා නිසි වයසක්‌ ඇත. වයස අවුරුදු 18 ට අඩු කාන්තාවන් ශාරීරික හා මානසික දෙඅංශයෙන් ම මේ සඳහා සූදානම් නැත. මෙවැනි ගැබ් ගැනීම් වලදී මවගේ හා දරුවාගේ සෞඛ්‍යට තර්ජනයක්‌ ඇතිවේ. තවද අඩු වයස්‌ මවකට දරුවකු බලා ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් නොමැති කමින් ඇය අසහනයට පත් වේ. මෙයින් පවුලේ වෙනත් ප්‍රශ්න ඇති වේ. තවද දරුවන් අතර පරතරය පවත්වා ගැනිම වැදගත් ය. අවම වශයෙන් අවුරුදු 3 ක පරතරයක්‌ දරුවන් අතර පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ මවගේ හා උපදින දරුවාගේ සෞඛ්‍ය පිණිස ය. මීට අමතරව

උපේක්‍ෂාගේ අපේක්‌ෂාව

සිය සැමියාගෙන් දික්‌කසාද වීමට අදහස්‌ කළේ යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‌ෂා ස්‌වර්ණමාලි (පබා) මහත්මිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසුවාය. තමාට පහරදුන් පලියට තම සැමියාට මානසිකව වදදීමට සූදානම් නැති බව කී ඇය සැමියාගේ හොඳ ගති පැවතුම් ගැනත් කිවයුතුව ඇති බවද සඳහන් කළාය.

ඇය මෙසේද කීවාය අවුරුදු කීපයක්‌ පමණ මම එයත් සමග ජීවත් වුණා. ඔහු කවුද කියලා මම දන්නවා. එයා හරිම හොඳ කෙනෙක්‌. මම තාමත් එයාට ආදරෙයි. ඒත් මේ විදිහට පවුල් කන එකට වඩා දික්‌කසාද වෙන එක හොඳයි. එය අපි දෙන්නාගේම ජීවිතවලට හොඳයි කියලා මම හිතනවා. දික්‌කසාද වුණත් මම එයාට වෛර කරන්නේ නැහැ. මගේ පාඩුවේ ජීවත් වෙනවා. මගේ කම්මුලට ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කර ගත්තා.

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි 
කොළඹ-හලාවත දුම්රිය මාර්ගයේ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී දුම්රිය ඇංජිමක හැපී අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද සවස 4.00 ට පමණ ගණේමුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණි අත් ට්‍රැක්ටරයක් දුම්රිය මාර්ගය වසා තිබියදී මුරකපොල්ල නොතකා ඉඩකඩ තිබූ තැනකින් අත් ට්‍රැක්ටරය ඇතුළු කරවූ බවත්,එහිදී ඒ වන විට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවති දුම්රිය ඇංජිමක ගැටුණු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අත් ට්‍රැක්ටරය පැදවූ තැනැත්තා ඒ මොහොතේම එතැනදීම මිය ගිය බව සඳහන් වේ.

ඊයේ රාත්‍රීයේද මෙම ස්ථානයේ දී තවත් අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත් වූ අතර මීට සති දෙකකට ඉහතදී තවත් කාන්තාවක්ද මෙම ස්ථානයේදීම අනතුරට ලක්වී මිය ගොස් ඇත.

Thursday, February 17, 2011

ඔසප්වීම සිදුවිය යුතුද?

ඔසප්වීම හෙවත් ආර්තවය ශරීරය අභ්‍යන්තරයේ සිදුවන පිරිසිදු වීමක්‌ ලෙස පැරැන්නෝ සැලකූ බැවින් ඔවුහු මෙයට "ඇඟ සුද්ද වීම" යන නම භාවිත කළහ. එසේ සිතන විට ඔසප් වීම පිළිවෙළට සිදු නොවීම ශරීරයට හානිකර භයානක තත්ත්වයක්‌ ලෙස සමහර කාන්තාවන් සලකතිs. මෙය සත්‍ය නොවේ. නමුත් ඔසප් වීම පිළිවෙළට සිදු නොවීම ගැබ් ගැනීමට උත්සහ කරන කාන්තාවකට නම් ප්‍රශ්නයකි. ඔසප් වීම පමාවීම හෝ අපිළිවෙළට වීම සමහර කාන්තාවන් තුළ දැකිය හැකි ගැටලුවකි. නිරෝගි තත්ත්වයන් යටතේද ඔසප් වීම පමාවන අවස්‌ථා ඇත. එනම් ගර්භනී අවධියේදී හා මව්කිරි දෙන අවධියේදී ඔසප් වීම පිළිවෙළට සිදු නොවේ. සමහර කාන්තාවන්ගේ ගර්භනී අවධියේදී මුල් සති 12 ඇතුළත වරින් වර ඉතා ස්‌වල්ප වශයෙන් රුධිර වහනය වනු දැකිය හැකිය. එම අවස්‌ථාවලදී වෛද්‍යවරයෙකු හමු වී ගර්භනී භාවය පරීක්‌ෂා කර ගැනීම වැදගත්ය. ඔසප් වීම ප්‍රමාද වී සති 2 ක්‌ ගිය විට මුත්‍රා පරීක්‌ෂා කිරීමෙන් ගර්භනීභාවය පරීක්‌ෂා කිරීමෙන් ගර්භනීභාවය තහවුරු කරගත හැකිය. දරු ප්‍රසූතියෙන් සති 10-12 ක්‌ පමණ යනතුරු ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය දෙයකි. මවු කිරි දෙන මවකගේ මෙම කාලය මීට වඩා වැඩි වේ.

වෙළඳසැලක තරුණියකට ලිංගික අතවර............

ගිරාඳුරු කෝට්ටේ වෙළඳසැලක සේවය කළ 20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරාදුරු කෝට්ටේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අදාළ තරුණිය මහියංගණය , ‍සොරබොර වැව පාරේ නිවසකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර හාළි - ඇල සානියාවත්ත ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම දුරකථනයක් උකස් කර ලබා ගත් යළි නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පවුලේ ඥාතීන් දෙදෙනෙක් කළුරිය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පවුලේ ඥාතීන් දෙදෙනෙක් කළුරිය කරයිශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන චාමර සිල්වාගේ සහෝදරිය අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

33 හැවිරිදි නෙළුම් සිල්වා වන ඇය චාමර සිල්වාගේ වැඩිමහල් සහෝදරියයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අනුර තෙන්නකෝන් මහතාගේ මෑණියන් ද අද අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි
.

කායික සම්බන්ධතාවලදී ඉතා වැදගත් යෝනි මාර්ගය

යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ "වැජයිනා" ලෙස හඳුන්වයි.

මෙම අවයවය පරිණත වන්නේ දියණිය මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.

යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ.

යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත. 


සිනමා හා ටෙලි නාට්‍ය නිළි විනූ වෙත්තමුණි ඝාතනය

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ රත්මලාන - එස්‌. පී. ආරියරත්න

සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකද වූ විනූ වෙත්තමුණි මහත්මිය රත්මලානේ පිහිටි නිවසේදී කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර ඝාතනය කර ඇත. රත්මලාන බොරුපන පාරේ කුලී නිවසක ඇය පදිංචිව සිටි අතර ඊයේ අලුයම කාමරය තුළදී සපත්තු ලේස්‌ පටියකින් ඇගේ ගෙල සිරකර මරා දැමූ ඝාතකයා පලාගොස්‌ ඇතැයි ගල්කිස්‌ස පොලිසිය ප්‍රකාශ කරයි.

තිස්‌ අටවැනි වියෙහි පසුවූ විනූ වෙත්තමුණි සිය මව සහ දහඅට හැවිරිදි පුතා සමග මෙම නිවසේ පදිංචිව සිට ඇත. ඇය මරාදමා ඇති බව පොලිසියට දැනුම් දුන්නේද ඇගේ මව සහ පුතා විසින් බව ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසියේ නිලධාරියකු පැවසුවේය.

පොලිස්‌ නිලධාරීන් ඝාතනය සිදුවූ නිවසට ඊයේ පෙරවරුවේ ගොස්‌ සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වූ තොරතුරු අනුව ඇගේ සැමියා දැනට විදේශ ගතව සිටී. 

Monday, February 14, 2011

කොටි සැලසුමක තොරතුරු අනාවරණය කර ගනී

මහින්ද අලුත්ගෙදර
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී ප්‍රභූන් ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ය ක්‍රියාත්මක කර ඇති සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව සමත්ව ඇත.
තමිල්නාඩුව කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් දැනටමත් පුහුණු වීම්වල නිරතව සිටින අතර අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
සරණාගතයන් ලෙස දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළු වී පුද්ගල කණ්ඩායම් ලෙස එක් රැස් වී කොටි මෙලෙස ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතව සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව සඳහන් කර ඇත. මීට ඉහත දී උත්සවයකට සහභාගි වීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහං සිං මහතා ඝාතනය කිරීමට ද එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් කළ සැලසුම් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.
මේ ආකාරයට මැතිවරණ කාල සමයේ දී ප්‍රභූන් ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් දරන උත්සාහය පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටින බවද ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව වාර්තා කර ඇත.

සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්ශී‍්‍ර පාද වන්දනා සමය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් කි‍්‍රයාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 16 වැනිදා සිට 19 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය කි‍්‍රයාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත්, බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වාත් මෙය කි‍්‍රයාත්මක වනු ඇත.

ලබන 16 සහ 18 යන දෙදින තුළ කොළඹ කොටුවෙන් පෙරවරු 8.35 ත්, 17 සහ 19 යන දින වල බණ්ඩාරවෙලින් පෙරවරු 6.40 ත් මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව සඳහන්ය.

මෙම විශේෂ දුම්රිය වල දුම්රිය ආරක්ෂක හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Sunday, February 13, 2011

මල්වර වූ දෝනී

දියණිය උපන්දා පටන් ඇගේ සිරුරේ සිදුවන සියලු වෙනස්‌වීම් යම් අවසාන අරමුණක්‌ පෙරදැරිව සිදුවන බව කිව හැක. එනම් බිsළිදකු ලෙස ජීවිතය පටන් ගන්නා ඇය ක්‍රමයෙන් වැඩිවියට පැමිණෙන විට මනා රූ සපුවකින් යුත් කාන්තාවක්‌ බවට පත්වෙනවා. මෙම සිදුවීම් වල එක්‌ කඩඉමක්‌ වන්නේ මල්වර වීමයි. මෙම වයස අවැරුදු 9 ත් 16 ත් අතර කාලයේදි සිදු වේ. මේ සමඟ ඇයගේ ඩිම්බ කෝෂ ක්‍රියාත්මක වී ඩිම්බ පිටවීම ඇරඹෙන බැවින් මෙතැන් පටන් ඇයට ගැබ් ගැනීමේ හැකියාව ඇත. නමුත් මෙම දැරියගේ ශරීරයේ වර්ධනය උපරිම වශයෙන් සිදුවන අවධියද මෙය වේ. එබැවින් කාන්තාවකට ගැබ් ගැනීම සඳහා වඩාත් සුදුසු වයස වන්නේ අවුරුදු 20 න් පසුවය. මේ වන විට ඇගේ සිරුර ගර්භයක්‌ පවත්වාගෙන යැමට සහ දරු ප්‍රසූතිය සඳහා සූදානම්ය. නමුත් මීට පෙර සිදුවන බාල වයස්‌ ගැබ් ගැනීම් මවට මෙන්ම දරුවාටද ඉතා අහිතකරය. බාල වයස්‌ ගැබ් ගැනීමකදී ශරීරයේ මේරීම අඩු බැවින් සහ ගබඩා වී ඇති විටමින් සහ පෝෂණය අඩු බැවින් නිතරම ගර්භනීභාවයේ ගැටලූ ඇති වේ.

තවද බාල වයසෙ යෞවනියන් තුළද වේගවත් වැඩීමක්‌ සිදුවන අවධිය බැවින් ඇයගේ වැඩීමද බාල වේ. තවද යෞවනියගේ පවත්නා සෞඛ්‍යමය ගැටලු මෙම අවධියේදී හඳුනාගෙන නොතිබිය හැක.එසේ නැතහොත් ඒaවා සඳහා නිසි ප්‍රතිකාර ලැබී නැති විය හැක. එනම් හෘද රෝග, වකුගඩු ආශ්‍රිත රෝග වැනි ගැටලූ සහගත තත්ත්වයන් ගැබ් ගැනීම මගින් ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැක. තවද මෙම යෞවනිය මානසිකව මාතෘත්වයට හෝ ගර්භණීයභාවය සඳහා සූදානම් නැත. තවම පාසල් යන අවධියක පසුවන දැරියකට මේ සඳහා අවශ්‍ය මානසික මේරීම ඇත්තේ ද නැත. ඇය ගර්භණි සමයේ නිසි අයුරින් වෛද්‍ය උපදෙස්‌ නොපිළිපැදීම නිසා අවසානයේ දරු ප්‍රසූතියේදී ගැටලූ ඇති වේ. ඒ සඳහා අවශ්‍ය මානසික සූදානම ඇයට නැත. මෙවැනි ගර්භ අඩු මාස ගණනකදී ප්‍රසූතිය සිදුවීමෙන් දරුවාගේ ජීවිතයටද තර්ජන ඇති වේ. තවද මෙවැනි ගර්භ නැති කිරීමට උත්සාහ කිරීමෙන් සහ නීත්‍යානුකූල නොවන ගබ්සා සිදු කිරීමෙන් දැරියගේ ජීවිතයට පවා තර්ජනයක්‌ ඇති වේ. ලංකාවේ නීතියට අනුව විවාහය සඳහා නිසි වයස අවුරුදු 18 වුවත් ඊට අඩු වයස්‌ දැරියන් විවාහ කර දීම සමහර දෙමාපියෝ සිදු කරති. මේ සඳහා විවිධ හේතු ඇත. දිළිඳුකම මින් මූලික හේතුවකි. දැරිය යන්තම් 8,9 වසර දක්‌වා පමණ ඉගෙන ගත් පසු පාසල්යාම නවතී. එවැනි දැරියන් නිවසේ ගැවසෙන විට විවිධ ආකාරයේ අනවශ්‍ය සම්බන්ධතාවයන්ට පැටලේ. මෙම තත්ත්වයට මවුවරුන් රට රැකියාවලට යැමද ඉවහල් වී ඇත. වැඩිමහල් දියණිය මවගේ වගකීම භාරගෙන ගෙදර නවතී.



සතුට පිරීමට සරළ ඉඟි - "මනා සබඳතාවක්‌ අපි ගොඩනගා ගන්නේ කෙසේද?"

"මනා සබඳතාවක්‌ අපි ගොඩනගා ගන්නේ කෙසේද?" යන්න අපි අසා ඇති වඩාත් පොදු වූ ප්‍රශ්නවලින් එකක්‌ ලෙස හඳුන්වාදිය හැකිය. එයට ලැබෙන පිළිතුරු අපැහැදිලිය. විවිධය සහ අවුල් සහගතය.

මනා සබඳතාවයක්‌ සඳහා ඔබගේ ආචාර ධර්ම සිහියේ තබාගන්න.

"Please" (කරුණාකර)

"Thank You" (ඔබට ස්‌තුතියි)

"You're Welcome" (ආයුබෝවන් ඔබට) යන සරළ වචන එ සඳහා ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි. දිගු ගමනක්‌ යැම සඳහා ඔබ හැමවිටම ඔබේ සහකරුට සහයෝගය දක්‌වන්න. එවිට ඔහු හෝ ඇය ඔබ කෙතරම් ඔහුට හෝ ඇයට ගරු කරන්නේ ද සහ ආදරය කරන්නේ ද යන්න වටහා ගනීවි. එය එසේ වීමට ඉඩ හරින්න.

* ජීවිතයේ රසවත් භාවය සඳහා විවිධත්වය අවශ්‍ය වේ. අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ මන්දබුද්ධික භාවය සබඳතාවයක අතෘප්තිමත්භාවට ප්‍රධාන සාධකයක්‌ වන බවයි. සැමවිටම අලුත් යමක්‌ කිරීමට උත්සාහ කරන්න. එය ඇතැම් විට සරළ දෙයක්‌ විය හැකිය. ඔබට නුපුරුදු ආපනශාලාවකට ආහාර වේලක්‌ ලබාගැනීම සඳහා ඔබේ ආදරවන්තයා සමඟ හෝ ආදරවන්තිය සමඟ යා හැකිය. එමෙන්ම ලංකාවේ ගමන් නොකළ ප්‍රදේශයක සංචාරය කළ හැකිය. මෙවැනි දේ කිරීම තුළින් ඔබට ඔහු හෝ ඇය සමඟ ළඟින් හිඳිමින් හැඟීම් බෙදාගත හැකියි.
වැඩකරන්න, එකට කාලය ගත කරන්න. දෙදෙනාම කැමති සහ ආදරය කරනා ක්‍රීඩාවක්‌, එසේත් නොමැතිනම් විනෝදාංශයක්‌ කරමින් ඔබ අතර ඇති සබඳතාවයට ප්‍රමුඛත්වය ලබාදෙන්න. කඳවුරු බැඳීම, බයිසිකල් පැදීම වෙනත් ඕනෑම ක්‍රීඩාවක්‌, ඔබ කැමති ඕනෑම දෙයක්‌ දෙදෙනා එක්‌ව කරමින් සතුටුවන්න.

* පුංචි පුංචි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. යමක්‌ කිරීම පිණිස ඵලදායී වාද විවාදවල නිරතවන්න. ඒ සඳහා මෙවැනි නීති රීති මතකයේ තබාගන්න. කිසිවිටෙකත් ඔබේ සහකරුවාට නමින් කතා නොකරන්න. ඊට වඩා සුන්දර විදියට ආමන්ත්‍රණය කරන්න. ඔබ කරනා වාද විවාදවලට විරාමයක්‌ තැබීමටත් අමතක නොකරන්න. අනෙක්‌ තැනැත්තා හෝ තැනැත්තිය ඔහුගේ හෝ ඇයගේ පටන්ගත් වාක්‍ය අවසන් කරන තුරු බලා සිටින්න. ඔබ කෝප වී සිටිනා විට සංවාදයට මුල නොපුරන්න. 

උපත් පාලන පෙති ගැනීමෙන් කුරුලෑ ඇති කරනවාද?

තරුණ යුවතියන් සහ තරුණයන් ගෙන් බොහෝදෙනෙක්‌ පීඩා විඳින කුරුලෑ තුළ පවතින සැරවා හෝ ලේ මුහුණේ වෙනත් තැනක තැවරීමෙන් එම තැන්වල කුරුලෑ ඇතිවේයෑයි ඇතැමුන් තුළ බියක්‌ පවතී. මෙම තත්ත්වය පහදා දෙන්න.

මෙය අනවශ්‍ය බියවීමකි. කවදාවත් එසේ නොවේ. මක්‌නිසාදයත් කුරුලෑ ඇතිකරනා ප්‍රොපියනො බැක්‌ටර් ඇක්‌නිස්‌ (Propiono bacactor acnes) ලෙස හඳුන්වන බැක්‌ටීරියාව ඕනෑම කෙනෙකුගේ සම තුළ ස්‌වභාවිකවම ජීවත්වේ. කුරුලෑ ආසාදනයකදී සිදුවන්නේ මෙම බැක්‌ටීරියාව තෙල් පිරුණු ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි හා රෝම කූප අඩංගු ඒකකය තුළට රිංගා ප්‍රදාහයක්‌ ඇති කිරීමයි.

මෙම බැක්‌ටීරියාව කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීමක්‌ හෝ කෙනෙකුගේ ශරීරයේ වෙනත් තැනකට ගමන් කිරීමක්‌ හෝ කිසිවිටෙකත් සිදුනොවේ. එම නිසා කුරුලෑවල ඇති සැරවා හෝ ලේ මුහුණේ වෙනත් තැනක ගෑවීමෙන් එම තැන්වල කුරුලෑ ඇතිවීමක්‌ සිදුනොවේ.

අමතක වෙන්නේ ඇයි?

සුජා පෙරමග බල බලා හිටියේ නිමල් එනතුරු නොඉවසිල්ලෙන්. දින ගණනාවක්‌ මුළුල්ලේ රෝගීව සිට සුජාට වෛද්‍යවරයා අළුතින් නියම කරන ලද ඖෂධය නගරයෙන් රැගෙන එන්නට ඇය මගින් මගට දැනුම් දුන්නා. ඒත්. නිමල් ගෙට ගොඩ වැදුනේ හිස්‌ අතින්.. සුජාට කේන්තියට වඩා දැනුනේ තමා පිළිබඳව අනුකම්පාවක්‌.

නිමල් තමන් පිළිබඳව දක්‌වන සැලකිල්ලේ තරම ගැන ඇයටම ඇය ගැන දුක හිතුනා.

"මම ඔයාට ඔය තරමට මතක්‌ කරලත් බේත් ටික අමතක වුනා. ඊටත් දොස්‌තර මේ බේත් ටික ඉක්‌මනටම ගන්න කිව්වත්,

එක වැඩක්‌ ද සුජා ඔළුවේ තියෙන්නේ...ඒත්.. නිමල් සැලකිල්ලක්‌ තියෙනවා නම් දෙයක්‌ අමතක කරන්න බෑ."

"අමතක කළා නෙවෙයි සුජා... අමතක වුනා. නිමල් නිදහසට කරුණු කිව්වා.

ඔය විදිහට ගියොත් ගෙදරට එන්න පාරත් අමතක වෙයි.." සුජා උපහාසයෙන් කිව්වා.

ඇත්තට ම අපට අමතක වෙන්නේ ඇයි යන්නට පිළිතුරු අපෙන්ම ප්‍රශ්න කළොත්.

දවස තුළ වූ පැය 24 නිසි පරිදි ගලපා නොගැනීම අමතක වීමට ප්‍රධාන හේතුවක්‌ විදිහට සලකන්න පුළුවන්. දවස තුළ අප කළ යුතු දේ පෙළ ගසා ගැනීම වැදගත්. මේ අතර පෝලිමට පිටස්‌තරව පැමිණෙන ප්‍රමුඛත්වය දිය යුතු සිදුවීම් තිබෙන බව අමතක කළ යුතු නෑ.

ඇත්තටම සුජාගේ ඖෂධ පිළිබඳව නිමල් තුළ පිළිවෙලක්‌ තිබුනා නම් ප්‍රමුඛත්වය දීමට අවශ්‍ය සිද්ධියක්‌. දවසේ අනෙකුත් රාජකාරි තුළ සිය බිරිඳගේ රෝගයට අවශ්‍ය ඖෂධ මිළට ගැනීම එතරම් අසීරු කටයුත්තක්‌ නොවෙයි. යන එන ගමනේදි ඒ සඳහා උවමනා තරම් ඉඩ තිබුනා. නමුත් නිමල්ගෙ සිත තුළ මේ ඉල්ලීමට එතරම් ප්‍රමුඛතාවක්‌ නොතිබුන නිසාවෙන් ම සුජාගේ ඉල්ලීම ඔහුට අමතක වුනා.

මේ අතර සුජාගෙ හිත තුළ තිබුන කලකිරිම නිසා ම වචන පිට වෙන්න ගත්තා. මම කියන දේ තමයි අමතක වෙන්නේ. වෙන කෙනෙක්‌ කිව්වා නම් ඉහ උඩ තියාගෙන ඉන්නේ.

කීපදෙනෙක්‌ම ආදරය ගැන අහලා තියෙනවා (ශේෂාද්‍රී ප්‍රියසාද්)

මගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද්

පියාගෙන් ලද ආභාසය ඔස්‌සේ යමින් කලා ක්‍ෂේත්‍රය වර්ණවත් කිරීමට එක්‌ වූ දියණියන් තිදෙනෙක්‌a අතරින් දෙවැනියා ඇයයි. නුදුරු දිනයකදීම චැලෙන්ජර් සිනමාපටය ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට දෑස්‌ දල්වා සිටින ඇය ශේෂාද්‍රී ප්‍රියසාද්.

ශේෂාද්‍රී කොහොමද?

ගොඩක්‌ හොඳින් ඉන්නවා. විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය කරන නිසා මේ දවස්‌වල අධ්‍යාපන කටයුතු එක්‌ක තමයි වැඩි කාලයක්‌ ගතවෙන්නේ.

මේ දවස්‌වල නොඉවසිල්ලෙන් ඉන්න කාරණාවකුත් තියෙනවා නේද?

ඇත්තටම ඔව්, මම රඟපාපු මුල්ම චිත්‍රපටය තිරගතවෙන්න ළඟයි. 2009 නොවැම්බර් මාසේ තමයි චැලෙන්ජර් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළේ. ඒ දවස්‌වල ඉඳලා හැමෝම ඇහුවා කවදද චිත්‍රපටය බලන්න ලැබෙන්නේ කියලා. ඒ නිසාම චැලෙන්ජර් බලන්න මගෙ හිතේ තිබුණු ආසාවත් වැඩිවුණා.

මීට කලින් කිසිදු නිර්මාණයකට සම්බන්ධ වෙලා නැද්ද?

තාත්තා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකට පුංචි පුංචි චරිතවලින් එකතුවෙලා තියෙනවා.

පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසාද ඔබ රංගනයට ආවේ?

තාත්තගෙ නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුණට මම කාගෙ කවුද කියලා නොදැන තමයි උදයකාන්ත වර්ණසූරිය මහත්මා මට චැලෙන්ජර් චිත්‍රපටයට කතා කළේ. පුංචි පැංචි වැඩසටහනෙයි, සී වයිඩ්ස්‌ වැඩසටහනෙයි මමයි අක්‌කයි නිවේදන කටයුතු කරන කාලේ ඉඳලම උදයකාන්ත මහත්මා නිර්මාණවලට කතා කළා. අධ්‍යාපන කටයුතුවලට බාදාවක්‌ වෙයි කියලා හිතපු නිසා ගියේ නැහැ. චැලෙන්ජර් චිත්‍රපටයට තමයි ප්‍රධාන චරිතයකින් මුලින්ම සම්බන්ධ වුණේ.

මුලින්ම සිනමා පටයකින් එන්න ලැබීම දැනෙන්නේ?

ගොඩක්‌ සතුටුයි. චැලෙන්ජර් වගේ චිත්‍රපටයක්‌ ලැබීම ගැන ඊටත් වඩා සතුටුයි. ටෙලිනාට්‍යවල රඟපාන්න කැමති නැති නිසා හිතාගෙන හිටියේ කවදාහරි දවසක චිත්‍රපටයකින්ම ඉදිරියට එනවා කියලා. ඒ හීනේ අද සැබෑ වෙලා තියෙනවා.

එයත් ප්‍රධාන චරිතයක්‌ වීම?

අහම්බෙන් කෙනෙකුට ලැබෙන දෙයක්‌. මීට කලින් ප්‍රධාන චරිත රඟපාලා තිබුණේ නැති වුණාට මට විශ්වාසයක්‌ තිබුණා අවස්‌ථාවක්‌ ලැබුණොත් කරන්න පුළුවන් කියලා. ඒකට තාත්තගේ ආභාසයත් හේතුවක්‌ වෙන්න ඇති.

නමුත් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියන සමහර අය පස්‌සේ ඒවායේ රඟපානවා නේද?

මට රඟපාන්න ආසාව ඇතිවුණු දවසේ ඉඳලා හිතුවේ චිත්‍රපටවල රඟපාන්න. නමුත් කිව්වා වගේ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියලා පස්‌සේ රඟපාන අයත් ඇති. මම නම් එහෙම වෙනස්‌ වෙන කෙනෙක්‌ නෙමෙයි.

ශේෂාද්‍රීගේ පෞද්ගලික තොරතුරු කිව්වොත්?

වයෝවෘද්ධ කතක් දූෂ්‍යකොට මරා දමලා

කැස්බෑව මගම ඩිපෝවට නුදුරින් හොන්නන්තර ප්‍රදේශයේ නිවසක ජීවත්වූ 72 හැවිරිදි සිරිමාවතී ඒකනායක නමැති අවිවාහක කාන්තාවක් පසුගිය 10 දා රාත්‍රියේ නිදි ඇඳ මතදීම මරා දමා ඇත. ඒ අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ මියගිය අය සමග ඇගේ ඥාති දියණියක් පමණකි.
11 දා නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ දානමය පුණ්‍ය කටයුත්තක් සඳහා ගෙවත්ත පිරිසුදු කිරීමට පැමිණි පුද්ගලයකු සෝදිසි කිරීමේදී මරා දමා තිබූ ගෙහිමි කාන්තාවගේ සිරුර හමුවී ඇත. මෙම කාන්තාව ගෙල මිරිකා දූෂණය කොට මරා දමා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. නිවසේ කිසිදු සොරකමක් වී නැතැයි පොලිසිය පවසයි. කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්‍ෂා කළ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසියට නියෝග කළේය.

රටේ තොටේ වෙන දේවල් ගැන මිනිස්සු කියන කතා

වටේ පිටේ යනකොට මේ දවස් වල රටේ තොටේ වෙන දේවල් ගැන මිනිස්සු කියන කතා වගයක් හම්බුනා. බලන්නකො ඒවගෙ හැටි,

දයාබර බුද්ධිමත් සහෘදයිනි,

මේ සමාජයේ සිදුවන කිසිවකට මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා වග කිව යුතු නැති බව මම පිළිගනිමි. නමුත්,

බඩු මිළ පාලනය කිරීමට නිසි පියවර නොගන්නේ නම්,
පොලිස් හෝ හමුදා බලතල යොදා ගනිමින් සිය රටේ ජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන්ට නිසි දඬුවම් නොදෙන්නේ නම්,
ස්වාභාවික විපතින් අනතුරට පත් වූවන්ට සාධරණ සහනයන් සලකනවා වෙනුවට මන්ත්‍රීන්ට ප්‍රාඩෝ සහ සැණකෙළිවලට කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරනවා නම්,
විදේශ සංචාරයන් සඳහා අත්‍යාවශ්‍යම පිරිස වෙනුවට දේශපාලන හෙංචයියන් සිය ගණනින් රට සවාරි රැගෙන යනවානම්,
රටේ වටිනා ඉඩකඩම් එහි නීත්‍යානුකූල අයිතිකරැවන්ගෙන් උදුරාගෙන සිය භුක්තියට සවි කර ගැනීමේ නොනවතින කූට ව්‍යාපාරයක යෙදෙන සිය දෙබෑයන් ඉන් වලක්වන්නේ නැතිනම්,
තම දේශපාලන ප්‍රතිවාදීන් සුන්නද්දූලි කිරීමේ අමානුෂික වැඩ පිළිවෙල නොනවත්වන්නේ නම්,
නිදහස් මාධ්‍යට වැට කඩුළු බඳිමින්, රාජ්‍ය ගැති, ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිය වාරණය කෙරෙන ජුගුප්සාජනක මාධ්‍ය භාවිතයෙන් සිය වන්දිභට්ටයන් වලකන්නේ නැත්නම්,

ප්‍රිය මිතුරනි, මේ රටේ නායකයා, සේනාධිනායකයා සහ අපිරිමිත බලතල සහිත ලොවේ බලවත්ම විධායකයා වශයෙන් නම් මේ කී නොකී සියල්ලට ඔහු ඒකාන්තයෙන්ම වගකිව යුතු බව (ඔහු ජනාධිපති කරවීමට මතවාදීව හා ඡන්දයෙන් දායකවූවකු හැටියට) කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුව ඇත.

සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටන්නේ, කරුණු නුවණින් සළකා හරි දේ අගය කරන්නත්, වැරදි දේ නොබියව විවේචනය නරන්නත් උත්සිහ කරමින්, බූද්ධිමත් සංවාදයක යෙදෙන ලෙසයි.

මේ රටේ ආසියාවේ ආශ්චර්යයක් වන අනාගතය උදාවනු ඇත්තේ එවිටයි. ඔබට සුභ අනාගතයක් !

Friday, February 11, 2011

අවසන් සටනේ යුද රහස්‌!

"එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද්ධයක්‌ අවශ්‍යව නොතිබූ බව මාගේ පෞද්ගලික අවබෝධයයි. ඔවුන් යුද්ධයක නිරතව නොසිටි අතර යුද්ධයක නිරතව සිටියේ රජයයි. එල්.ටී.ටී.ඊ. ය යුද්ධයකට ඈ¹ ගනු ලැබුවේ ද මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයයි. එමෙන්ම එල්.ටී.ටී.ඊ. ය දෙමළ ජනතාවගේ යහපත උදෙසා අදාළ පියවර ගැනීමට කැපවී සිටියා යෑයි මෙහිලා සඳහන් කළ යුතුමය."

ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අදහස්‌ ඇසුරෙන් "සාම විමර්ශි" සඟරාවේ 2009 ජනවාරි කලාපයෙහි පළවූ ලිපියක එසේ සඳහන් වී තිබිණි.

පාසල් දරුවන්ට "කුණුහරුප" විකුණද්දී දෙදරු පියා අල්ලයි

පාසල් දරු දැරියන් අතරේ අසභ්‍ය සඟරාවක්‌ බෙදා හරිමින් සිටි 57 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල පොලිස්‌ථානයේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් ගලේවෙල නගරයට නුදුරින් වූ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්‌ අසල තිබූ නිවසක්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම අසභ්‍ය සඟරා තොගය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සඟරාව පාසල් දරු දැරියන්ට රු. 200 බැගින්a විකුණන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර අත්අඩංගුවටගත් මෙම අසභ්‍ය සඟරා තොගය හා සැකකරු පෙරේදා (9 වැනිදා) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර, පො. සැ. (27325) අතාවුද (31057) වික්‍රමාරච්චි, පො. කො. (33165) රංජීව (18980) සම්පත් යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

ගලේවෙල - සාතික්‌ මොහොමඩ්

Wednesday, February 9, 2011

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී ශ්‍රී ලංකාවට යළි යුද අපරාධ චෝදනාවක්‌ ගෙන ඒමට සූදානම්

ජිනීවා නුවරදී ලබන මාර්තු මාසයේදී ඇරැඹෙන ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව යළි යුද අපරාධ චෝදනා පිළිබඳ යෝජනාවක්‌ ගෙන ඒමට සූදානම් බවට තොරතුරු ලැබී ඇතැයි අගමැති දි. මු. ජයරත්න මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් දැනගත් කරුණු අනුව යුරෝපයේ ක්‍රියාත්මක කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව මෙම යුද අපරාධ චෝදනා පිළිබඳ යෝජනාවේ මූලික සැලසුම් සකස්‌කර ඇතැයිද අගමැතිවරයා කීය.

මේ සඳහා යුරෝපයේ ප්‍රබල රටවල් කිහිපයක මැති ඇමැතිවරුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙන බව ද අනාවරණය වී ඇතැයි ද කී අගමැතිවරයා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත්කළ උපදේශක සභාව හරහා ශ්‍රී ලංකා රජයට එරෙහිව අහිතකර වාර්තාවක්‌ ලබාගැනීමේ සැලැස්‌මක්‌ද කොටි හිතවාදී ජාත්‍යන්තර කණ්‌ඩායම් සහ සංවිධාන විසින් අරඹා ඇතැයි කීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

කුෂාන් සුභසිංහ - අජිත් අලහකෝන්

කඩුවෙල - බියගම අතර අහසේ අභිරහස්‌ ආලෝකයක්‌!

කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී පෙරේදා (07 වැනිදා) රාත්‍රියේ අහසේ දිස්‌වූ අභිරහස්‌ ආලෝකයක්‌ පිළිබඳ නවගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම අභිරහස්‌ ආලෝකය මුලින්ම දැක ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ සිට ගුවන්ගතවූ ගුවන්යානා නියමුවෙකි.

මෙම ගුවන් නියමුවා පවසන ආකාරයට ඉතා තද ආලෝකයක්‌ තම ගුවන් යානය දෙසට හදිසියේම එල්ලවූ බවයි.

ඊට සුළු වේලාවකට පසු මෙම අභිරහස්‌ ආලෝකය මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු දැක ඇත.

මෙම ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනු දුටුවේ යෑයි එම පුද්ගලයින් දෙදෙනා පොලිසියට පවසා ඇත.

Tuesday, February 8, 2011

සේප්පුව විවෘත කරගත නොහැකිව බැංකුවට පැන්න හොරු පලායති

කිරිඇල්ල නගරයේ ඉඩංගොඩ පිsහිටි රාජ්‍ය බැංකුවකට ඊයේ (7 වැනිදා) අලුයම ඇතුළු වූ සොරු කණ්‌ඩායමක්‌ එහි ප්‍රධාන සේප්පුව විවෘත කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ හෙයින් පලාගොස්‌ ඇත.

බැංකු ගොඩනැගිල්ලේ ජනේලයකින් ඇතුල්වී ඇති මෙම සොරු කණ්‌ඩායම එහි සේප්පු කාමරයේ දොර ද විවෘත කර මෙසේ ප්‍රධාන සේප්පුව විවෘත කිරීමට උත්සාහ ගෙන තිබේ. මේ අවස්‌ථාවේ බැංකුවේ ස්‌වංක්‍රීය ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මකවී නැති අතර එහි අඩු පාඩු රාශියක්‌ තිබී ඇති බව කිරිඇල්ල පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. කිරිඇල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ඉන්දික උදයංග මහතාගේ උපදෙස්‌ පරිදි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

කිරිඇල්ල - ඩී. කේ. කුමාර

අර්ජුන රණතුංග අධිකරණයට භාරවෙයි

ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඊයේ (7 වැනිදා) ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත භාර වූ අවස්‌ථාවේ ඒ මහතා වෙත නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.

2010 වසරේ අගෝස්‌තු මස 12 වැනි දින සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන ලෙස හා බඩු මිල අඩු කරන ලෙස ඉල්ලා ගාල්ලේ පැවැති උද්ඝෝෂණයකදී පොදු දේපළ වලට අලාභ කිරීමේ චෝදනා මත ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය තුළ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය ජනවාරි 17 වැනි දින ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් අර්ජුන රණතුංග මහතා වෙත වරෙන්තු නිකුත් කර තිබිණි. මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, අජිත් කුමාර, අර්ජුන රණතුංග, දකුණ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ ඇතුළු සැකකරුවන් දහහතර දෙනෙකුට එරෙහිව ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පනවා තිබෙන්නකි.

රැකියාව කරද්දී කොස්‌තාපල් පෙම්සුව විඳින්න කාන්තාවක ගෙනේ

තමා මුර කරමින් සිටි කළුතර දොඩම්ගොඩ පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට තරුණ කාන්තාවක්‌ රැගෙනවිත් ඇය සමඟ පෙම් සුව විඳිමින් සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවගේ සැමියා කොල්ලකෑම් කීපයක්‌ පිළිබඳව ලැබුණු චෝදනා මත බන්ධනාගාරගත වූවකු වන අතර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාව සමඟ කාලයක්‌ තිස්‌සේ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

පොලිස්‌ ස්‌ථාන ගණනාවක පුපුරණ ද්‍රව්‍ය මෙම ගබඩාවේ තැන්පත් කර තිබූ අතර මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා ඉඳහිට මෙම කාන්තාව රැගෙන එන බව කියති.

මහකොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති දයා සමරවීර මහතාගේ විශේෂ උපදෙස්‌ පරිදි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පතිනායක මහතාගේ උපදෙස්‌ පරිදි මෙම වැටලීම කර ඇත.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

නෝමන් පලිහවඩන
 

මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?

මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන නවක ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
ඉදිරි සති කිහිපය තුළ දී මුරලිදරන් විසින් තමන්ගේ තීරණය පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම්කාරක නිලධාරී ජොර්ජ් චැපල් මහතා ඩේලි ටෙලිග්‍රාප් මාධ්‍යයට සඳහන් කර ඇත.

මුත්තයියා මුරලිදරන් ලෝකයේ සුපිරිතම දඟ පන්දු යවන්නෙකු බවද,ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීමට තරම් තමන් වාසනාවන්ත වී ඇති බවද ජොර්ජ් චැපල් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

එසේ වුවද මුරලිදරන් යනු පන්දුව දමා ගසන, නෝ බෝල් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස වරෙක ප්‍රකාශයට පත් කරන ලද්දේද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ ඩැරල් හෙයා විසින් බවද ඩේලි ටෙලිග්‍රාප් විසින් සිහිපත් කර තිබේ.

Monday, February 7, 2011

Asia faces climate-induced migration ‘crisis’

Asia must prepare for millions of people to flee their homes to safer havens within countries and across borders as weather patterns become more extreme, the Asian Development Bank warns.
A draft of an ADB report obtained by AFP over the weekend and confirmed by bank officials cautioned that failure to make preparations now for vast movements of people could lead to “humanitarian crises” in the coming decades.
Governments are currently focused on mitigating climate change blamed for the weather changes, but the report said they should start laying down policies and mechanisms to deal with the projected population shifts.
“What is clear is that Asia and the Pacific will be amongst the global regions most affected by the impacts of climate change,” said the report entitled “Climate Change and Migration in Asia and the Pacific”.
“Such impacts include significant temperature increases, changing rainfall patterns, greater monsoon variability, sea-level rise, floods and more intense tropical cyclones,” it said.
The report, expected to be released in the next few weeks, comes as flooding overwhelms parts of Asia-Pacific, most recently in Australia, where a powerful cyclone worsened the impact of weeks of record inundations.
“Asia and the Pacific is particularly vulnerable because of its high degree of exposure to environmental risks and high population density. As a result, it could experience population displacements of unprecedented scale in the next decades,” said the report, primarily targeted at regional policymakers.
Research carried out for the United Nations showed that 2010 was one of the worst years on record worldwide for natural disasters.
Asians accounted for 89 percent of the 207 million people affected by disasters globally last year, according to the Belgium-based Centre for Research on the Epidemiology of Disasters (CRED).
Summer floods and landslides in China caused an estimated $18 billion dollars in damage, while floods in Pakistan cost $9.5 billion dollars, CRED’s annual study showed. Not to mention the catastrophic human cost.
“Governments are not prepared and that is why ADB is conducting this project,” said Bart Edes, director of the Manila-based lending institution’s poverty reduction, gender and social development division.
“There is no international cooperation mechanism established to manage climate-induced migration. Protection and assistance schemes to help manage that flow is opaque, poorly coordinated and scattered,” he told AFP.

“Policymakers need to take action now,” he stressed, noting that negotiating treaties and efforts to raise funds takes time.

Last year’s natural disasters in the Asia-Pacific, including millions of people displaced in Sri Lanka and the Philippines, “give us a flavour of what to expect in the future”, said Edes.
“Migration in general is not being properly addressed and the situation is going be made worse,” added Edes, referring to the additional impact of climate change on migration patterns, fuelled by economic needs and armed conflicts.
“Now we have another driver of migration.”
The draft ADB report said the people forced to leave due to the extreme weather changes “have come to incarnate the human face of climate change” and while many of them will return home, many will be displaced permanently.
Those expected to suffer the most will be the poor as they lack the means to easily pack up and leave for safer havens, the report said.
“The issue of climate-induced migration will grow in magnitude and will take different forms,” the report added, urging national governments and the global community to “urgently address this issue in a proactive manner.”
“Failure to do so could result in humanitarian crises with great social and economic costs,” it warned, AFP reports.

Sunday, February 6, 2011

මන්ත්‍රීවරුන්ගේ උපවාසය මාරාන්තික වෙයි

ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසළ උපවාසයේ යෙදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අද(06) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ සිට ආරම්භ කරන ලද මෙම උපවාසයෙන් තමන්ට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම මන්ත්‍රීවරුන් පවසයි.

මෙම උපවාසයට හේතු වී ඇත්තේ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී මෙම මන්ත්‍රීවරුන්ගේ නම් ඉවත් කිරීමයි.

මෙම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

ගංවතුරින් බේරාගත් ගැබිනියකට ගුවන් යානයේදීම දරු උපතක්‌

හොරොව්පතාන ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි ගැබිනි මවක්‌ ඊයේ (04 වැනිදා) උදෑසන ගුවන් මගින් බේරාගෙන එන විට ගුවන් යානයේදී ඇය සිය දරු ප්‍රසූතිය සිදු කළාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානය මගින් මෙලෙස ගැබිනි මව රැගෙන එන අතරතුර දරු ප්‍රසූතිය සිදුව තිබේ.

දරුවාත් මවත් ආරක්‍ෂිතව අනුරාධපුර රෝහලට රැගෙන ඒමට ගුවන් නියමුවන් පියවර ගත් බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ජනක නානායක්‌කාර පැවසීය.

හදිසි අවස්‌ථාවකදී බේරාගනු ලැබූ ගැබිනි මවකට මෙවැනි දරු ප්‍රසූතියක්‌ ගුවන් යානයක්‌ තුළ සිදුව ඇත්තේ ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම සිද්ධියට අමතරව ජල ගැලීම්වලට ගොදුරුව සිටි පුද්ගලයන් විස්‌සකට අධික පිරිසක්‌ ඊයේ සවස්‌ වන විට ගුවන් මගින් බේරාගෙන ඇත.

ආපදාවන්ට ලක්‌ව ඇති පිරිස්‌ බේරාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීහු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු අධීක්‍ෂණය මත ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ සහ එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක්‌ යොදවා තිබේ.

පවතින හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ඕනෑම අවස්‌ථාවක සූදානමින් තබා ඇතැයිද ඒ සඳහා වූ නිරීක්‍ෂණ ගුවන් ගමන් පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇති බවද ගෲප් කපිතාන් ජනක නානායක්‌කාර සඳහන් කළේය.

එසේම ජල ගැලීම්වලට ගොදුරුවූ පිරිස්‌ බේරා ගැනීම සඳහා නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් 20 ක්‌ අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, ඊට යුද හමුදාවේ සහාය ද ලබාදී තිබේ.

Friday, February 4, 2011

රජයෙන් සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට laptop පරිඝනක ලබාදෙයි

2010/2011 විශ්වවිද්‍යාල වල ලියාපදිංචි වන සියලුම සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝනක ලබාදෙන බව රජය පවසා ඇත.

කාර් පාර්ක් කරන අලුත්ම විදිහ

Total Pageviews

Advertise