Tuesday, February 8, 2011

අර්ජුන රණතුංග අධිකරණයට භාරවෙයි

ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඊයේ (7 වැනිදා) ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත භාර වූ අවස්‌ථාවේ ඒ මහතා වෙත නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.

2010 වසරේ අගෝස්‌තු මස 12 වැනි දින සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන ලෙස හා බඩු මිල අඩු කරන ලෙස ඉල්ලා ගාල්ලේ පැවැති උද්ඝෝෂණයකදී පොදු දේපළ වලට අලාභ කිරීමේ චෝදනා මත ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය තුළ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය ජනවාරි 17 වැනි දින ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් අර්ජුන රණතුංග මහතා වෙත වරෙන්තු නිකුත් කර තිබිණි. මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, අජිත් කුමාර, අර්ජුන රණතුංග, දකුණ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ ඇතුළු සැකකරුවන් දහහතර දෙනෙකුට එරෙහිව ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පනවා තිබෙන්නකි.

No comments:

Post a Comment

Total Pageviews

Advertise