Monday, February 28, 2011

කොට්ටයක් බඩේ බැඳගෙන දරු ප්‍රසූතියට රෝහල් ගත වෙලා

ගැබිනි මාතාවක් වෙසින් උදරයේ කොට්ටයක් සඟවා ගෙන කළුබෝවිල රෝහලට ඇතුළු වූ කාන්තාවක් හා ඇයගේ මව යැයි කියන වයොවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
පෙරේදා (26) දහවල් සායන කාඩ්පත් ද රැගෙන 21 වැනි වාට්ටුවට ඇතුළු වූ මේ කාන්තාව ඇඳ මත හොවා පරීක්ෂා කිරීමේදී උදරයේ සඟවා තිබූ කොට්ටය හමු වී ඇතැයි පොලිසිය කියයි. සැකකාර කාන්තාව අලුත උපන් දරුවකු සොරා ගැනීම සඳහා පැමිණියේ යැයි සැක කරන බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සතුව තිබූ පූර්ව ප්‍රසව ක්ෂේත්‍ර සටහන් පත්‍රකාවද ව්‍යාජ ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් සටහන් තබන ආකාරයෙන් සටහන් තබා ඇති බව කළුබෝවිල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ දොස්තර අනිල් ජයසිංහ මහතා පැවැසීය.
කාර්ය මණ්ඩලයේ කාර්්‍යක්ෂම බව හා විමසිලිමත් බව හේතුවෙන් සිදු වීමට ගිය දරු සොරකමක් වැළකී ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
විවාහ වී වසර දෙකකට ආසන්න වුවත් සැමියාගෙන් දරුවකු නොමැති හෙයින් ඥාතීන්ගෙන් හා ගම්මුන්ගෙන් එල්ලවන අවලාද හේතුවෙන් ගැබිනියක් ලෙස රඟ පෑ බව සැකකාර කාන්තාව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.
සැකකාරිය, බණ්ඩාරගම කිෙඳල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 කාන්තාවකි.
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්්‍යාංශයේ උප පොලිස් පරීක්ෂක ගයනි, උප පොලිස් පරීක්ෂක සුජීව මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Total Pageviews

Advertise