වටින් පිටින් ඇහෙන ඔක්කොම කථා ගැන වගේම වට පිටේ හැමෝටම ඇහෙන්න කියන්න ඕන දේවල් ගැන කාටවත් බයක් නැතුව කතා කරන්න.
Showing posts with label අර්ජුන රණතුංග. Show all posts
Showing posts with label අර්ජුන රණතුංග. Show all posts
Tuesday, July 12, 2011
ගෝඨාභය සංගාගේ දේශනය අගය කරයි
Labels:
cricket,
internatioal,
IPL,
politics,
Sri lanka,
අර්ජුන රණතුංග,
ක්‍රිකට්,
මුරලි
Monday, February 28, 2011
මුරලිගෙන් තවත් වාර්තාවක්

මෙයට පෙර මුරලි විසින් කඩුලු 55ක් දවාගෙන පාකිස්තානයේ වසීම් අක්‍රම් තබා තිබූ වාර්තාව සමකර සිටියේය.
දැනට ක්‍රිකට් ලෝක කුසලාන තරගවලදී වැඩිම කඩුලු ලාභියා ලෙස ඔස්ටේ‍්‍රලියාවේ ග්ලේන් මැග්‍රා (කඩුලු 71ක්) වාර්තාව පිහිටුවා ඇත.
මුරලි ලෝක කුසලාන තරග 33 කදී ලකුණු 1117 කට කඩුලු 56ක් ලබා සිටී. ඔහු එක්දින හා ටෙස්ට් තරගවල ලොව වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාද වේ.
මුරලි මේ තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටයෙන් සමුගැනීමට නියමිතය.
Labels:
Sri lanka,
අර්ජුන රණතුංග,
ක්‍රිකට්,
මුරලි,
ශ්‍රී ලංකා
Tuesday, February 8, 2011
අර්ජුන රණතුංග අධිකරණයට භාරවෙයි
ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ කළුතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඊයේ (7 වැනිදා) ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත භාර වූ අවස්‌ථාවේ ඒ මහතා වෙත නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.
2010 වසරේ අගෝස්‌තු මස 12 වැනි දින සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස හා බඩු මිල අඩු කරන ලෙස ඉල්ලා ගාල්ලේ පැවැති උද්ඝෝෂණයකදී පොදු දේපළ වලට අලාභ කිරීමේ චෝදනා මත ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය තුළ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය ජනවාරි 17 වැනි දින ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් අර්ජුන රණතුංග මහතා වෙත වරෙන්තු නිකුත් කර තිබිණි. මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, අජිත් කුමාර, අර්ජුන රණතුංග, දකුණ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ ඇතුළු සැකකරුවන් දහහතර දෙනෙකුට එරෙහිව ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පනවා තිබෙන්නකි.

අධිකරණයට,
අර්ජුන රණතුංග,
ක්‍රිකට්
Subscribe to:
Posts (Atom)