Thursday, March 24, 2011

ඉක්‌මනට සුදුවෙන්න හදන්න එපා

ෆෙයාර්නස්‌ 

ෆෙයාර්නස්‌ ගැන අද බොහෝ යුවතියන් කාන්තාවන් කතා බහ කරනවා. ඒ නිසාම නොයෙක්‌ වර්ගයේ ෆෙයාර්නස්‌ වර්ග වෙළඳ පොලට එක්‌වෙමින් තිබෙන බවක්‌ පෙනෙනවා.

විටමින් E අඩංගු ෆෙයාර්නස්‌, මල්ටි විටමින් සහිත ෆෙයාර්නස්‌, විටමින් අඩංගු ෆෙයාර්නස්‌ යනුවෙන් ෆෙයාර්නස්‌ හඳුන්වනු ලැබීමක්‌ද දක්‌නට ලැබෙනවා. ඇත්තටම එහෙම ෆෙයාර්නස්‌ වර්ග ලෝකයේ කොහේවත්ම නෑ.

ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්‌. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස්‌ වර්ගවලට නොරැවටීමටයි. 


බ්ලීචිං සමට සුදුසු නැහැ

ඇතැම් ෆෙයාර්නස්‌ වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික්‌ ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.


අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්නද හිතන්නේ

බොහෝ යුවතියන් කාන්තාවන් සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස්‌ වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා තත්ත්වයක්‌ අද දක්‌නට ලැබෙනවා.

අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක්‌ මතුවෙනවා.

ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි ෆෙයාර්නස්‌ එකක්‌ තෝරාගත යුතු වන්නේ.
හරි දේ තෝරාගන්න

නියම ෆෙයාර්නස්‌ එකකින් හරි ප්‍රතිඵල ලබාගන්නට කල් ගතවෙනවා. එයට හේතුව මෙලනින් පාලනය වන්නේ නියමිත ආකාරයට නිසා. සමේ ආරක්‍ෂාව රකින මෙලනින් ප්‍රමිතියෙන් තොර ආලේපන ගල්වා විනාශ කර ගන්න එපා.


නිවැරදිව ආලේපය

තෝරාගත් ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ගය නිවැරදිව ආලේප කළ යුතු ආකාරය බොහෝ දෙනෙක්‌ දන්නේ නැහැ. මුහුණෙහි පමණයි ක්‍රීම් ආලේප කරන්නේ. එය හරිම වැරදි ක්‍රියාවක්‌.

එහෙම කළාම මුහුණ සහ සිරුර වර්ණ දෙකකට වෙන්වෙනවා. ඒ නිසා ඔබ මිලදී ගත් හොඳ වර්ගයේ ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ගය පළමුව හිරු එළියට සම පිළිස්‌සී ඇති ස්‌ථානවල ආලේප කරන්න. ටික දවසකින් සම නැවත යථා තත්ත්වයට පත් වූ පසු මුහුණ, බෙල්ල, අත් පා යන සියලු ස්‌ථානවල ෆෙයාර්නස්‌ ආලේප කිරීම අරඹන්න. අන්න එහෙම තමයි ෆෙයාර්නස්‌ එකක්‌ ආලේප කළ යුතු වන්නේ.

ඉක්‌මනින් සුදුවෙන්න හදන්නේ නැතිව එය ක්‍රමානුකූලව කාලයක්‌ ඇතුළත කළ යුතු දෙයක්‌ බව සිහිතබා ගැනීම හරිම වැදගත්.


ෆෙයාර්නස්‌ සහ SPF

ඔබ තෝරාගන්නා ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF (සන් ප්‍රොටෙක්‌ෂන් ෆැක්‌ටර්) හිරු කිරණින් සම ආරක්‍ෂා කිරීම ඇතුළත් නම් ඔබට එය එළිමහනට යනවිට ආලේප කළ හැකියි. මෙහිදීත් ඔබට විශේෂ යමක්‌ මතකයේ තබාගත යුතු වෙනවා. ඒ තමයි ඔබ තෝරාගන්නා ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF තිබෙනාවාදැයි කියන කාරණය. ඔබේ ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF නැතිනම් එය කිසිවිටෙකත් අව්වේ යනවිට අලේප කරන්න එපා. එය ආලේප කළ යුත්තේ නිවසේ සිටින සවස්‌ කාලයට සහ රාත්‍රී කාලයටයි.

SPF නැති ෆෙයාර්නස්‌ එකක්‌ එළියට යන විට ආලේප කිරීමේදී හිරු කිරණ සමඟ ෆෙයාර්නස්‌වල අඩංගු දේ ක්‍රියාකර සමට වෙනම ආබාධ සිදුවිය හැකි බවත් මතකයේ තබා ගැනීම හොඳයි.


සුදු කරන්නේ ෆෙයාර්නස්‌ විතරමද?

ඔබ පැහැපත් වෙන්න කැමති යුවතියක්‌ කාන්තාවක්‌ වශයෙන් ෆෙයාර්නස්‌ ක්‍රීම් එකටම මුල්තැන දීම සුදුසු නැහැ. හේතුව ඒ අතරට ඔබ හොඳින් ජලය පානය කළ යුතු නිසා. ඒ වගේම ඔබේ සමට ගැලපෙන මොයිස්‌චරයිසර් එකක්‌ භාවිත කිරීම හරිම වැදගත්. ස්‌ක්‍රබ් කිරීමෙන් මැරුණු සම ඉවත් කර ගත යුතු බවත් අමතක කරන්න එපා.

නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට එක්‌කර ගැනීමත් අවශ්‍යම දෙයක්‌.

ඉහත කාරණා නිවැරදිව සිදුවන විට ෆෙයාර්නස්‌ එකකින් පැහැපත්වීමට හොඳ සහයෝගයක්‌ ලැබෙනවා. ඒ නිසා ඉහත කරුණු පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව මතකයේ තියා ගන්න

ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ශිල්පි
නොමිකෝ නිදර්ශන්

No comments:

Post a Comment

Total Pageviews

Advertise