Saturday, March 19, 2011

යටි බඩෙහි වේදනාව

සෑම කාන්තාවක්‌ ම ජීවිතේ කිසියම් හෝ දවසක යටිබඩෙහි වේදනාව අත්විඳ ඇත. යටිබඩ නාභියෙන් පහල ඉන දක්‌වා පෙදෙසට සීමාවේ. මෙම වේදනාව කඩින්කඩ ඇතිවිය හැක. යුවතියක්‌ කාන්තාවක්‌ වනවිට මෙවැනි වේදනාවක්‌ ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් මාස 6 වඩා වැඩි කාලයක්‌ පවතිනවිට මේ ගැන සොයා බැලීම වැදගත්ය.

මෙම වේදනාව ඇතිවන ආකාරය වෙනස්‌විය හැක. එය කෙටිකාලීන හෝ දිගටම පවතින වේදනාවක්‌ විය හැක. කඩින් කඩ ඇතිවිය හැකි අතර දවසේ එකම වේලාවක වුවද ඇතිවිය හැක. කෑමට පෙර හෝ පසු ඇතිවිය හැක. මුත්‍රා කිරිම මලපහ කිරීම සමග වේදනාව ඇතිවිය හැක. ඔසප් වීම සමඟ ඇතිවිය හැක. 

වේදනාව යනු අප්‍රසන්න හැඟීමකි. කාලයක්‌ පවතින විට මෙය මානසික ප්‍රශ්නයක්‌ බවට පත්වේ. බොහෝවිට මෙම තත්ත්වයට රෝග කාරකයක්‌ සොයා ගැනීමට අපහසු වේ. මෙම වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කරදරකාරි වේ. බොහෝවිට රැකියාව කිරිම අපහසුවේ. ඵලදායිතාවයට අඩුවේ. පවුලේ මවක හෝ බිsරිඳක වශයෙන් කළයුතු රාජකාරි අපහසු වේ. මෙම වේදනාවේ හේතුව සොයා ගැනීමට නොහැකිවීම තවත් මානසික ප්‍රශ්නයකි.

මෙම කඩින්කඩ ඇතිවන යටිබඩෙහි වේදනාවට විවිධ හේතුන් තිබිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයොසිස්‌ රෝගය මෙයින්, වැදගත්ම එකකි. තවද යටි බඩෙහි ඇති අවයවයන් වන ඩිම්බකෝෂ ගර්භාෂයට ආශ්‍රිතව ඇතිවන ගෙඩි විෂබීජ ඇතුලුවීමෙන් ඇතිවන ආසාදන නිසාද මෙවැනි වේදනාවන් ඇතිවේ. ඉතා තදින් වේදනාව ඇතිවන විට එය හදිසි තත්ත්වයක්‌ විය හැක. මෙවැනි වේදනාවක්‌ බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ සිදුවන බරපතල තත්ත්වයක පෙර නිමිත්තක්‌ විය හැක. 

වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයකින් මෙම වේදනාව ඇතිවිය හැක. මෙය විෂබීජ ඇතුල්වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක්‌ විය හැක.

මෙවැනි තත්ත්වයකදී මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනාව, නිතරම මුත්‍රා පිට කිරිමට ඇති අවශ්‍යතාවය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැක. මේ සමඟම පිට කොන්දේ කැක්‌කුමද ඇතිවේ.

යෝනි මාර්ගයේ ඇතිවන විෂබීජ ආසාදනවලින් යටිබඩේ වේදනාවක්‌ ඇතිවන්නේ නැත. යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ගන්ධයක්‌ ඇතිවීම, සංසර්ගය වේදනාකාරිවීම මෙහිදී ඇතිවන රෝග ලක්‌ෂණයන් වේ. 
ඩිම්බකෝෂවල ඇතිවන දියර පිරුනු කෝෂ්ටිකාවන් නිසා මෙම වේදනාව ඇතිවිය හැක. මේවා බොහෝවිට ආර්ථව චක්‍රය සමග ඩිම්බ පිටවන විට ඇතිවී කාලයකදී නැති වී යයි. සමහර ඒවා මාස කීපයක්‌ පවතී. මේවා ක්‍රමයෙන් විශාල විය හැක. එවැනි අවස්‌ථාවලදී වේදනාව ඇතිවේ. බඩෙහි පිපුමක්‌ හෝ බර ගතියක්‌ දැනේ. සංසර්ගයේදී වේදනාව ඇතිවිය හැක. ඉතා කලාතුරකින් මේවා තදවීමෙන් ඉතා තද වේදනාවක්‌ ඇතිවිය හැක. මෙය හදිසි තත්ත්වයකි. ඩිම්බකෝෂයෙන් මසකට වරක්‌ ඩිම්බ පිටවන විට සමහර කාන්තාවන්ට යටිබඩෙහි වේදනාවක්‌ ඇතිවේ. මෙය සිදුවන්නේ ඔසප්වීම සිදු වී දින 14 කින් පසුවය. මීට අමතරව ගැබ් ගැනීම ගර්භාෂය තුළ නොව වෙනත් ස්‌ථානයක සිදුවීමෙන් මෙවැනි වේදනාකාරි තත්ත්වයක්‌ ඇතිවිය හැක. මෙය බොහෝ විට සිදුවන්නේ පැලෝපිය නාලය තුළය. එවිට ගර්භය වර්ධනය වීමත් සමග නාලය විශාල වී පුපුරා යා හැක. මෙවිට තද වේදනාවන් ඇතිවේ. ක්‌ලාන්ත වීමද සිදුවේ. මෙය සිදු වූ විට හදිසි ශල්‍යකර්මයක්‌ සිදුකිරීමට අවශ්‍ය වේ.

ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ගෙඩි අතුරින් බහුලවම දැකිය හැකි තත්ත්වය වන්නේ ෆයිබ්‍රොයිඩ් (Fibroid) නැමති තත්ත්වයකි. මෙය හානිකර නොවන තත්ත්වයක්‌ වන අතර වේදනාව ඇතිනොවේ. මෙම තත්ත්වය ඇතිවිට ඔසප්වීම සමඟ වැඩිපුර රුධිරය පිටවීම සහ වැඩිදින ගණනක්‌ රුධිරය පිටවීම දැකිය හැක. රුධිරය කැට වශයෙන් පිටවීමද මෙහිදි දැකිය හැක.

අවයව මත තෙරපීමක්‌ ඇතිකිරීමෙන් අපහසුකාරී තත්ත්වයන් ඇතිකළ හැක. ඉතා ම කලාතුරකින් මෙම (Fibroid) ගෙඩිය ඇතුලත ඇතිවන වෙනස්‌වීම් නිසා වේදනාකාරි තත්ත්වයන් උදාවිය හැකි නමුත් ඒවා නිතර දක්‌නට ලැබෙන්නේ නැත. මෙම ගර්භාෂගෙඩි(Fibroid) පිළිකාවක්‌ බවට පත්වීමේ ප්‍රවනතාවය ඉතාමත්ම අඩුය. 

මීට අමතරව බඩවැල් ආශ්‍රිත රෝග, මලබද්ධය හෝ බඩවැල්වල ඇතිවන පිළිකා වර්ග වැනි රෝග නිසා වේදනාව ඇතිවිය හැක. පිටකොන්ද සහ ඒ ආශ්‍රිත මාංශ පේශින් නිසා මෙවැනි වේදනාවන් ඇතිවිය හැක. කොඳු නාරටියෙන් පිටවන ස්‌නායු තෙරපිමෙන්ද මෙවැනි වේදනාවක්‌ ඇතිවිය හැක. 

මානසික පීඩනයෙන් පෙළෙන කාන්තාවන් අතර රෝගී තත්ත්වයක්‌ නොමැතිව වුවද මෙවැනි වේදනාවන් ඇතිවීම දැකිය හැක. එවැනි තත්ත්වයන් තෝරාබේරා ගැනීම වැදගත්ය.

ඔසප්වීම සමග සුළුවෙන් හෝ වේදනාවක්‌ ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් සමහර නිරෝගි කාන්තාවන්ට මෙය ඉතා තදින් ඇතිවේ. මෙම වේදනාව පවා මසකට වරක්‌ දින කීපයක්‌ තුළ පැවතීමෙන් කාන්තාවකට ඇතිවන්නේ මහත් පාඩුවකි. මෙවැනි අවස්‌ථාවල රෝගී තත්ත්වයක්‌ නැතත් වේදනා නාශක භාවිත කිරිමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැක. මීට අමතරව එන්ඩොමෙටි්‍රයොසිස්‌ රෝගය ආශ්‍රිතව ඇතිවන වේදනාකාරි තත්ත්වයට එම රෝගයට ප්‍රතිකාර කිරීමෙන් තාවකාලිකව හෝ යටපත් කරගත හැක.

ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලය තුළ මෙවැනි සුලූ වේදනාවක්‌ යටිබඩ ප්‍රදේශයේ ඇතිවිය හැක. විශේෂයෙන්ම ඉකිලි ප්‍රදේශයේ හා ඉන ප්‍රදේශයේ මේවා ඇතිවේ. එම ප්‍රදේශයේ ඇති අස්‌ථි හා සන්ධිවල සිදුවන වෙනස්‌කම් මෙයට හේතුවේ.
යටි බඩෙහි වේදනාවට රෝග මූලය සොයා ගැනීමට වෛද්‍යවරුන්ට වේදනාව පිළිබඳ සියලු විස්‌තර වැදගත්ය. එනම් වේදනාව ආර්ථව චක්‍රය හා සම්බන්ධතාවයක්‌ පවතීද නැද්ද යනබව, මලපහ පිටකිරීම හෝ මුත්‍රා පිටකිරීමට සම්බන්ධතාවයක්‌ පවතීද යන බව මීට පෙර යටිබඩෙහි ශල්‍යකර්ම සිදුකර ඇත්නම් ඒ බවද වැදගත්ය. තමා ගැබ්ගෙන ඇත්දැයි සැක ඇත්නම් මුත්‍රා පරික්‌ෂාවක්‌ කරගත යුතුය. 

රෝග ලක්‌ෂණවලට අනුව අවශ්‍ය රුධිර පරික්‌ෂණ ඇතුළු වෙනත් පරික්‌ෂණ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලැබේ. අල්ට්‍රාසවුන්ඩ් ස්‌කෑන්, ලැපරස්‌කොපි වැනි විශේෂ පරීක්‌ෂණ වුවද අවශ්‍ය විය හැක. මෙම පරික්‌ෂණවල ප්‍රතිඵල අනුව ප්‍රතිකර්ම ක්‍රම තීරණය කෙරේ. ඒ අනුව ඩිම්බ පිටවීම වළක්‌වා ආර්ථව චක්‍රය තාවකාලිකව නවත්වන හෝමෝන වර්ග, වේදනා නාශක ඖෂධ වර්ග, විෂබීජ නාශක, ඖෂධ වර්ග වෛද්‍යවරයා විසින් නියම කරනු ඇත. විශේෂ ව්‍යායාම ක්‍රමද යෝජනා විය හැක. ශල්‍යකර්ම අවශ්‍ය වන්නේ ඉතාම කලාතුරකිනි.

1 comment:

Total Pageviews

Advertise