Monday, March 14, 2011

ග්‍රෑන්ඩ්පාස්‌ බාබුල් නිෂ්පාදනාගාරය

කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ මහවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ගංජා මිශ්‍ර බාබුල් නිෂ්පාදන පැකට්‌ කර අලෙවි කරන ස්‌ථානයක්‌ (10 වැනිදා) දහවල් වැටලූ බ්ලූමැන්ඩල් පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ සැකකරුවකු සමග බාබුල් කිලෝ එකොළහමාරක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්න්පාස්‌ මහවත්ත ප්‍රදේශයේ බාබුල් පැකට්‌ කර නොයෙකුත් ප්‍රදේශවලට බෙදාහරින බවට පොලිසියට ලද තොරතුරක්‌ මත එම ස්‌ථානය වටලා සැකකරු සමග බාබුල් තොග අත්අඩංගුවට ගත් බව වැටලීම කළ නිලධාරියකු පැවසීය.

සැකකරුවන්ගෙන් ප්‍ර්‍රශ්න කිරීමේදී කාලයක්‌ තිස්‌සේ මෙම ස්‌ථානයේ මෙම ජාවාරම සිදුකර ගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය වටලන අවස්‌ථාවේ සැකකරු තවත් බාබුල් තොගයක්‌ අලෙවිකර ඇති බවත් හෙළිකරගෙන ඇත.

කොළඹ උතුර ෂෂ භාර සහකාර පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල මහතාගේ අධීක්‍ෂණයෙන් මෝදර පොලිස්‌ ස්‌ථානාධිපති නිලුපුල් සෝමසිංහ මහතාගේ උපදෙස්‌ මත බ්ලූමෙන්ඩල් පොලිස්‌ ස්‌ථානාධිපති අතුල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් (57880) ධර්මසේන, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සම්පත් (72973) කුලරත්න (69166), මධුසංක (83844) යන නිලධාරීන් බාබුල් තොගය පරීක්‍ෂා කරන අයුරු මෙහි දැක්‌වෙන අතර සැකකරු මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

චමින්ද සිල්වා
 

No comments:

Post a Comment

Total Pageviews

Advertise