Friday, March 4, 2011

ගබ්සා වීමට පදිංචි තැනත් බලපානවා..

ස්‌ත්‍රීන් වැඩිවියට පත්වීමේ දී හටගන්නා විවිධ විපර්යාස, ගබ්සා, ආබාධ ඌනතා, තරබාරුකම්, නිදන්ගත රෝග, ජාන ක්‍රියාකාරකම් ආදී කරුණු කාරණා අළලා පෙරට වඩා මෑත යුගයේ විද්‍යාඥයන් හා පර්යේෂකයන් විසින් තියුණු හා දීර්ඝ අධ්‍යයනවන නියෑලීමේ ප්‍රවනතාවක්‌ තිබෙන බව ලොව වටා ලැබෙන පුවත්වලින් දැක්‌වේ.


ඇමරිකානු සරසවි මනෝවිද්‍යාඥයන් විසින් අඩුමාසයෙන් දරුවන් ඉපදීමට හා ගබ්සාවීමට ගැබිනියන් පදිංචි ස්‌ථාන බෙහෙවින් බලපාන බව සොයාගෙන ඇත. ඔවුන් නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්‌වෙන පරිදි මහාමාර්ග අයිනේ කල්ගෙවීම ගැබිනියනට හා ඔවුන්ගේ කුසේ පිළිසිඳ එළියට එන දරුවන්ටද අහිතකර වේ.

මහාමාර්ගවලට පෙනෙන තෙක්‌මානයේ වෙසෙන ගැබිනියන් අඩුවයස්‌ දරුවන් ප්‍රසූතකිරීමේ අවදානමට මුහුණපානබව අලුත් ම සොයාගැනීමෙන් අනාවරණය වේ. මෙම ගැටලුව බලපාන්නේ මහාමාර්ගයේ සිට අඩි 650 ක දුර සිමාවේ පදිංචි ගැබිනි මවුවරුන්ට ය.

මෙම පර්යේෂණයට උපත් 14000 කට වඩා විමර්ශනයට ලක්‌කරනු ලැබිණි. මෙම වර්ගයේ ගැබිනියෝ නියමිත දිනගණන සම්පූර්ණවීමට පෙරාතුව, එනම් සති 37 කට වඩා අඩු කාලයකින් ගර්භාෂයේ වැඩෙමින් පසුවන දරුවන් ප්‍රසූතකිරීමට අවදානමට මුහුණපාති. සති 32 ක්‌ ගතවීමට පෙර කල්මත්තෙන් සිදුවන උපත් සියයට 60 ක්‌ ද, සති 28 කට කලින් සිදුවන උපත් සියයට 80 ක්‌ ද වශයෙන් වාර්තාවිය. ගබ්සාවීමේ අවදානමක්‌ද තිබේ.


වායු දූෂණය මෙම අකල් උපත්වලට බෙහෙවින් තුඩුදෙන මූලික හේතු කාරකයක්‌ බව ජපාන මනෝවිද්‍යාඥයෝ දැඩි සේ විශ්වාස කරති. ශබ්ද දූෂණය හා මවුවරුන්ගේ බර අඩුගතිය ද සෙසු හේතුන් විය හැකි බව කැලිෆොaර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බීට්‌ රිට්‌ස්‌ පවසයි.

පූර්ණ ගැබ් සමය වශයෙන් සලකනු ලබන කාලය සති 40 කි. එහෙත් නියමිත දිනට කලින් යෙදෙන තුන්වැනි සතියේදී යම් කතක්‌ දරුවකු ප්‍රසූත කරන්නේ නම් එය අකල් මරණයක්‌ වශයෙන් ගණන් නොගැනේ. 


කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල අකාලයේ උපදින දරුවන් බොහෝමයක්‌ ජීවතුන් අතරට එක්‌වෙති.


නමුදු වෙලාසනින් උපදින තරමට මරණ අවදානම වැඩිය. සති 27 කින් උපදින දරුවන් ජීවත්වීමේ සියයට ගණන 55 සිට 88 දක්‌වාවෙයි. එය බර ප්‍රමාණය මත ර¹ පවතී. අකාලයේ ඉපිද ජීවත්වන දරුවන් මස්‌තිස්‌කයේ පක්‌ෂාඝාත, අඳ, බිහිරි ආබාධවලින් පෙළීමේ අවදානමට පාත්‍රවෙති.

තදබද මාර්ගවලට ආසන්නව ජිවත්වන ස්‌ත්‍රීන් ලේ පීඩනයට හා කලලය වටා පිහිටි පටලයේ පිළිකා වැනි පිපිරීම්වලට ගොදුරුවීමේ අවදානම් ද තිබේ. මේවා අකල් උපත්වලට හේතුවන කරුණුවෙත්.

No comments:

Post a Comment

Total Pageviews

Advertise