Wednesday, March 9, 2011

විනාශ වූ කෆීර් යානා යළි සකසා අනතුරට හේතුව සොයයි

කෆීර් ප්‍රහාරක යානා අනතුර ගැන විමර්ශන පවත්වන ගුවන් හමුදා විමර්ශන කණ්‌ඩායම එම යානාවල සුන්බුන් කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙනැවිත් ඒවා යළි නැවත සකස්‌කර අනතුරට මුල්වූ හේතුව ගැන පරීක්‍ෂණ අරඹා ඇත.

මෙම විමර්ශන කණ්‌ඩායමේ ප්‍රධානී එයාර් වයිස්‌ මාෂල් කපිල ජයම්පති මහතා එම අනතුර සිදුවූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ පවත්වා ඇත.

මෙම කෆීර් යානා දෙකේ වීඩියෝ පටිගත යන්ත්‍ර සහ පාලන මැදිරිය අතර හුවමාරුවූ සංවාද ගැනද පරීක්‍ෂණ කෙරේ. 

මෙම අනතුරට මූල්වූ හේතූන් සම්බන්ධ සම්පූර්ණ වාර්තාව තව සති දෙකකින් ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත යොමුකෙරේ.

මේ අතර විනාශ වූ කෆීර් යානා වෙනුවට අලුතින් කෆීර් යානා මිලයට ගැනීමේ අදහසක්‌ නැතැයි ගුවන් හමුදා ආරංචිමාර්ග පැවසීය.

ගුවන් හමුදාව සතුව ප්‍රමාණවත් යානා ඇතැයි ද එම ආරංචි මාර්ග කීය.

No comments:

Post a Comment

Total Pageviews

Advertise