Monday, March 7, 2011

පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසු නෑ

පාසල් කාලය දීර්ඝ කිරීම සුදුසු නෑ පාසල් කාලය දීර්ඝ කිරීමට පියවර ගැනීම සුදුසු නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල් කාලය දීර්ඝ කිරීම අධ්‍යාපන මනෝ විද්‍යාවට පටහැනි බව එම සංගමයේ ‍ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙරට පාසල් පද්ධතිය තුළ පාසල් කාලය තීරණය කර තිබෙන්නේ අධ්‍යාපඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් ඇතුළු පිරිස් සාකච්ඡා කිරීමෙන් බවත්, එය කාලාන්තරයත් පුරා ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් බවත් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.

එම ක්‍රියාවලිය වෙනස්කිරීම පිළිබඳව කිසිවකු හෝ සමග සාකච්ඡා නොකර තමන්ගේ අදහසක් මත අධ්‍යාපන අමාත්‍යවරයා මෙවන් පියවරක් ගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.

අමාත්‍යවරයා සිය තනි මතයට අනුව මෙසේ පාසල් කාලය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බව හෙතෙහ වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පාසල් 1000 ක් හරහා සිදුවන සංවර්ධනයක් සිදුවන්නේ නම්, පවතින පාසල් 9662 න් සෙසු පාසල් පිළිබදව තත්ත්ව කෙසේදැයි ස්ටාලින් මහතා විමසයි.

එහෙත් සියලු සම්පත් සංවර්ධනය කොට මෙම පාසල්වල අධ්‍යාපනය ඉහළ නංවන බව බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට මෙම පාසල් 1000 හි ආරම්භ පියවර වශයෙන් ගුණාත්මක අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා පෙරවරු 7 .30 සිට පස්වරු 3 .00 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදෙයි.

එවැනි කාලයක් පාසල් තුළ අකමැත්තක් දක්වන රජයේ සේවකයින්ට සෙසු පාසල් වලට මාරුවීම් ලබාගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මෙම පාසල් 1000 තුළ දිසාපාමොක් පරපුරේ ගුරු ශිෂ්‍ය පිරිසක් ගොඩනගන බව ද බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

1 comment:

  1. kammali guruwaru,mun gen ithin ...............

    ReplyDelete

Total Pageviews

Advertise