Wednesday, March 9, 2011

නුගේගොඩ කාන්තා විදුහලක සිසුවියකට පෙම්වතා හා තවත් තුන්දෙනෙක් අතවර කරලා

නුගේගොඩ ප්‍රසිද්ධ කාන්තා විදුහලක සිසුවියක් රැගෙන ගොස් දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම සිසුවියගේ පෙම්වතා යැයි කියන තවත් පාසල් සිසුවකු ඇතුලු සිව්දෙනෙක් මිරිහාන පොලිසිය මගින් ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පෙම්වතා ජයවර්ධනපුර ප්‍රදේශයේ පාසලක 11 වසර සිසුවෙකි. අතවරයට ලක් වූ සිසුවියගේ පාසලේම තවත් සිසුවියක් සහ එම අපරාධයට සහය වූ බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට පත් වූ අය අතර වෙති. මෙම සිසුවිය පසුගිය 28 වෙනිදා අතුරුදන්ව ඇති බව ඇගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි. 
එදින ඇය පාසල් යන බව කියා නිවසින් පිටව ගොස් පෙම්වතා සමග ඔහුගේ නිවසට ගොස් තිබේ. එහිදී ඔහු ඇයව දුෂණය කර ඇත. ඇය නිවසට ආපසු යාමට අකමැති වූ නිසා සිසුවියගේ හිතවතකුගේ ගරාජයක නවත්වා ඇත. එහිදී එම ගරාජය පවත්වාගෙන ගිය පුද්ගලයාද එම සිසුවිය දුෂණය කර තිබේ. ඇයගේ යෙහෙළිය සහ පෙම්වතා ඊට උදව්කළ බව කටඋත්තරවලින් හෙළි වී ඇත. පසුව මෙම සිසුවිය ඊයේ (08) ඇගේ දෙමාපියන් සොයා ආපසු නිවසට පැමිණ තිබේ.
මෙම සිසුවියන් දෙදෙනා එම කාන්තා පාසලේ 10 වෙනි වසරේ ඉගනුම ලබන අය බව පොලිසිය කියයි. ඇයට සිදුව ඇති අතවරය සම්බන්ධයෙන් වෛද්‍යවාර්තාවක් ද ලබාගෙන ඇත. මොවුන් සියලු දෙනාම ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නුගේගොඩ ප්‍රදේශභාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ කාන්තා පොලිස් පරීක්‍ෂක කුසුම් මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Total Pageviews

Advertise