ෆෙයාර්නස් ෆෙයාර්නස් ගැන අද බොහෝ යුවතියන් කාන්තාවන් කතා බහ කරනවා. ඒ නිසාම නොයෙක් වර්ගයේ ෆෙයාර්නස් වර්ග වෙළඳ පොලට එක්‌වෙමින් තිබෙන බවක් පෙනෙනවා.
විටමින් E අඩංගු ෆෙයාර්නස්, මල්ටි විටමින් සහිත ෆෙයාර්නස්, විටමින් අඩංගු ෆෙයාර්නස් යනුවෙන් ෆෙයාර්නස් හඳුන්වනු ලැබීමක්‌ද දක්‌නට ලැබෙනවා. ඇත්තටම එහෙම ෆෙයාර්නස් වර්ග ලෝකයේ කොහේවත්ම නෑ.
ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස් වර්ගවලට නොරැවටීමටයි.
බ්ලීචිං සමට සුදුසු නැහැ
ඇතැම් ෆෙයාර්නස් වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික් ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.
අද ෆෙයාර්නස් ආලේප කර හෙට සුදුවෙන්නද හිතන්නේ
බොහෝ යුවතියන් කාන්තාවන් සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස් වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා තත්ත්වයක් අද දක්‌නට ලැබෙනවා.
අද ෆෙයාර්නස් ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක් මතුවෙනවා.
ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි ෆෙයාර්නස් එකක් තෝරාගත යුතු වන්නේ.


Children under 18 years of age have been barred from Internet Cafés in the Kurunegala district and if they need access a letter must be submitted from the principal of their school, reports said today. 





