Saturday, May 21, 2011

අල්ලස් ගනිද්දී පොලිස් පරීක්ෂක කොටු වෙයි

රථවාහන බලපත්‍රවලට සම්බන්ධ වරදක් සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10000ක අල්ලසක් ඉල්ලා ලබා ගත් කොළඹ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ පොලිස් පරීක්ෂක වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරු මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සිදු කළ රථවාහන බලපත්‍ර වරදට මෙසේ අල්ලසක් ඉල්ලා සිටින බව ඔහු විසින් පසුගිය (16) දා අල්ලස් කොමිෂමට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පෙරේදා (19) පස්වරුවේ මෙම මුදලින් අඩක් එනම් රුපියල් 5000 ක් ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට පත්විය. ඔහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ‘සභාපති’ ඩී.ජේ.ද එස් බාලපටබැඳි මහතාගේ අනුමැතිය යටතේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මී ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා මෙම වැටලීම සිදු කළේ ය.

විජයානි එදිරිසිංහ

උපවාස කරන රැඳවියන් තිදෙනකුට අසාධ්‍යයි

මරණීය දණ්ඩනයට සහ ජීවිතාන්තය දක්වා සිරඳඩුවම් නියමූ රැඳවියන්ට සහන සලසන ලෙස ඉල්ලා, වැලිකඩ බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින රැඳවියන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටින තිදෙනකුට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබාදුන් බව එම උපවාසකරුවෝ පවසති. මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණීය දණ්ඩනයට නියමවූ රැඳවියන් 20 දෙනකු ද, කාන්තා අංශයේ රැඳවියන් 04 දෙනකු ද මහර බන්ධනාගාරයේ සිටින ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියමවු රැඳවියන් 04 දෙනකුද මේ උපවාසයට එක්ව සිටිති.
මරණීය දණ්ඩනයට නියම වූ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ, මෙන්ම දඬුවම් විඳීන හා රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් 5000ක් පමණ මේ උපවාසයට ඊයේ (20) වන විට සහය පළකර තිබිණි. මේ රැඳවියන් පෙරේදා (19) සිට ආහාර වර්ජනයකට එක්වෙමින් වහල මත නැගී සිටින රැඳවියන්ට සහය පළ කරන අතර බන්ධනාගාර බලධාරීන් වරින්වර රැඳවියන් කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත් වුවද ඒවා අසාර්ථක වූ බව රැඳවියෝ පැවැසූහ.

ඔසප්වීම සහ රුධිර වහනය

මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21 ත් 35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක්‌ පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක්‌ පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක්‌ රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කල හැකි වේ. මෙවැනි තත්ත්වයක්‌ ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක්‌ තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැකත මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය, ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

සරසවි සිසුන්ට හමුදා කඳවුරුවල පුහුණුවක්‌ දීමේ වැඩසටහන සතියකින්වත් කල් දැමිය හැකිද? -ශේ්‍රෂ්ඨාධිකරණය-


රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටින සිසුන් දස දහසකට පමණ හමුදා කඳවුරු කීපයකදී සති 03 ක පුහුණුවක්‌ ලබාදීමට සැලසුම් කර ඇති වැඩසටහන ආරම්භ කිරීම අඩුම වශයෙන් සතියකින්වත් කල් දැමීමට හැකිද යන්න සලකා බලා ඒ පිළිබඳව මේ අවස්‌ථාවේදී ගතහැකි සුදුසු ක්‍රියාමාර්ගය පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස්‌ දෙන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (20 වැනිදා) නීතිපතිට නියෝග කළේය.



උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කර ඇති එම වැඩසටහන අවලංගු කරන්නැයි ඉල්ලා ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් වෙනුවන් පෙනී සිටින සංවිධානයක්‌ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.


ආර්තවහරණය

ආර්තවහරණය එක වරම එක්‌ දිනකදී සිදුවන දෙයක්‌ නොවේ. මෙය කාලයක්‌ තිස්‌සේ ක්‍රමයෙන් සිදුවන්නකි. ආර්තවහරණයට සම්බන්ධ රෝග ලක්‌ෂණ මෙම කාලය තුළදී ක්‍රමයෙන් දැනෙන්න පටන් ගනී. රාත්‍රි කාලයට අධිකව දහඩිය දැමීම, මුහුණේ හා පපුවේ ඇතිවන දැවිල්ල, ලිංගික ආශාව අඩුවීම, තද මහන්සි ගතිය, ඇගපත වේදනාව, නින්ද යාමේ ඇතිවන වෙනස්‌කම්, මානසික දුර්වල හැගීම්, කම්මැලි ගතිය, පියයුරු වේදනාව, සිරුර තරබාරු වීම වැනි ලක්‌ෂණ මෙම තත්ත්වය සමග ඇති වේ. මේවා පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගැනීමෙන් ඒවායින් ඇතිවන අපහසුතා මග හරවා ගත හැක. 

සිද්ධාර්ථ බුද්ධ නමින් චිත්‍රපටයක්‌

සිද්ධාර්ථ බුද්ධනමින් සියලු ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් දැවැන්ත සිනමා කෘතියක්‌ නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇත. සිදුහත් කුමාරයාගේ උපතේ සිට බුද්ධත්වය දක්‌වා දිග හැරෙන මේ සිනමා පටයේ කැමරා අධ්‍යක්‌ෂණය ඕස්‌ටේ්‍රලියානු ජාතික ඡේන් බර්ට්‌න් හා ඩොනල්ඩ් කරුණාරත්න ඇතුළු කණ්‌ඩායමක්‌ මෙහෙයවීමට නියමිතයි. සිද්ධාර්ථද බුද්ධ චිත්‍රපටයේ තිර පිටපත ඩෙන්මාර්ක්‌ ජාතික මෙත්ත විහාරි හිමියන් චන්ද්‍ර රත්නම්, නවීන් ගුණරත්න සමන් වීරමන්, මහාචාර්ය බෙල්ලන්විල විමල රතන කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත හිමි ආනන්ද ගුරුගේ, මහාචාර්ය නිමල් සිල්වා ඇතුළු සහ ගිහි පැවිදි විද්වත් මඩුල්ලකගෙනි.


එළැඹෙන 2600 සම්බුද්ධත්ව ජයන්ති ඇරැඹීමත් සමග පළමු රූපගත කිරීම ආරම්භ වන අතර ඒ සඳහා පසුතල නිර්මාණ කටයුතු කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාර පරිශ්‍රයේදී ඉදිවෙන කපිල වස්‌තුපුර සුද්දෝධන රජමාලිගාව හා සීමා මාලකය ඇතුළු පසුතලයෙහි තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම හිමියන්ගේ මහත් පරිශ්‍රමයෙන්a හා පූර්ණ අනුග්‍රහයෙන් ඉදිවෙන මේ නිර්මාණ චිත්‍රපටයේ රූපගත කිරීම්වලින් පසුවත් මහජනතාවට බෞද්ධාගම අධ්‍යයන කිරීම සඳහා විවෘතව පවතියි.

Total Pageviews

Advertise