Saturday, May 21, 2011

අල්ලස් ගනිද්දී පොලිස් පරීක්ෂක කොටු වෙයි

රථවාහන බලපත්‍රවලට සම්බන්ධ වරදක් සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10000ක අල්ලසක් ඉල්ලා ලබා ගත් කොළඹ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ පොලිස් පරීක්ෂක වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරු මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සිදු කළ රථවාහන බලපත්‍ර වරදට මෙසේ අල්ලසක් ඉල්ලා සිටින බව ඔහු විසින් පසුගිය (16) දා අල්ලස් කොමිෂමට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව පෙරේදා (19) පස්වරුවේ මෙම මුදලින් අඩක් එනම් රුපියල් 5000 ක් ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට පත්විය. ඔහු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ‘සභාපති’ ඩී.ජේ.ද එස් බාලපටබැඳි මහතාගේ අනුමැතිය යටතේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මී ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා මෙම වැටලීම සිදු කළේ ය.

විජයානි එදිරිසිංහ

No comments:

Post a Comment

Total Pageviews

Advertise