
මරණීය දණ්ඩනයට නියම වූ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ, මෙන්ම දඬුවම් විඳීන හා රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් 5000ක් පමණ මේ උපවාසයට ඊයේ (20) වන විට සහය පළකර තිබිණි. මේ රැඳවියන් පෙරේදා (19) සිට ආහාර වර්ජනයකට එක්වෙමින් වහල මත නැගී සිටින රැඳවියන්ට සහය පළ කරන අතර බන්ධනාගාර බලධාරීන් වරින්වර රැඳවියන් කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත් වුවද ඒවා අසාර්ථක වූ බව රැඳවියෝ පැවැසූහ.
පෙර පැවැති සිව් අවුරුදු සමාලෝචන ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කර රැඳවියන්ගේ දඬුවම් සඳහා සහසන සලන ලෙස කළ තම ඉල්ලීමට කිසිදු සතුටුදායක පිළිතුරක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ බලධාරීන් ලබා නොදුන් බවත්, අවම වශයෙන් ලබන සැප්තැම්බරයේ එළඹෙන සිරකරු දිනයට හෝ මේ පිළිබඳව සලකා බැලෙන පොරොන්දුවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට හෝ කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් නොදැක්වූ බවත් එම රැඳවියෝ කීහ.
තමන්ට සහනදායි පිළිතුරක් බලධාරින්ගෙන් ලැබෙන තෙක් මේ උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔවුහු පවසති.
බුද්ධිකා ඉඹුලාන
No comments:
Post a Comment