Monday, June 27, 2011

පන්කොළගොල්ලේ අමුතු සත්තු

 මීට ඉහතදී දැක නොමැති කුඩා සත්ත්ව කොට්ඨාසයක් ගලේවෙල, පන්කොළගොල්ල ගම්මානයේදී දැක ගත හැකි විය. කේ. ජී. සෝමසිරි මහතාගේ ගෙවත්තේ පිහිටි හිඹුටු ගසක මේ සත්තු රැඳී සිටිති. මෙම සතුන්ගේ මුලු සිරුරම සුදු පැහැතිය. කුඩා සතුන් අඟල් භාගයක් පමණ දිගය. ලොකු සතෙක් අඟලක් පමණ දිගය. ශරීරය ඉතා කුඩාය. කඳට සම්බන්ධ වූ අඬු රාශියක් දැකිය හැක. ගසේ කොළ මත මෙම සත්තු රැඳී සිටිති. ඈතට දිස්වන්නේ ගසක සුදු පැහැති මල් පිපී ඇති ආකාරයකි. හදිසියේ කොළයක් සෙලවූ විට මෙම සත්තු ඉවතට පනිති. උන්ගේ එක පිම්මක් අඩියක් තරම් දුරය. මෙබඳු සත්ත්ව කොට්ඨාසයක් මීට ඉහත දී දැක නොමැති බව වැඩිහිටි ගම්වැසියෝ පවසති.

lankainfo



No comments:

Post a Comment

Total Pageviews

Advertise