Monday, June 27, 2011

මෙරට IT රැකියා, සියයට සියයකින් ඉහළට

ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිවන තොරතුරු මෙන්න
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන හා ඇගයීම් අංශය විසින් සිදුකර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය පිළිබඳ නවතම සමීක්ෂණයේ තොරතුරු අනාවරණය කර තිබේ. මේ අනුව,පසුගිය සිව් වසර තුළ මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ප්‍රමාණය සියයට සියයක වර්ධනයක් සිදුවී තිබෙන අතර 2006 දී එම අංශයේ රැකියා කළ ප්‍රමාණය වූ 30120 ක්වූ ශ්‍රමික සංඛ්‍යාව මේ වනවිට 62,000 ඉක්මවා වර්ධනය වී තිබෙන බව මෙම සමීක්ෂණයේදී හෙළිකර ඇත.
2010 වසරදී මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා කළ ප්‍රමාණය 50,000 ඉක්මවා තිබුණි.
රාජ්‍ය ආයතන 80 ක්, පෞද්ගලික ආයතන 325 ක්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණයේ යෙදී සිටින ආයතන 30 ක්, තොරතුරු තාක්ෂණය පුහුණු කරන ආයතන 75 ක්, මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරගෙන තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාර බාහිරකරණ අංශයේ රැකියා සඳහා කාන්තා නියෝජනය ඉහළ යමින් තිබෙන බව අනාවරණය වී තිබෙන අතර එය සියයට 43 ක පමණ වර්ධනයකි.
2010 වසරේදී මෙරට තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගණන 4473 ක් බවත් එයින් 3970 දෙනෙකු රැකියාවල යෙදී සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිළධාරී, රොෂාන් දේවපුර මෙම සමීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් කීය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට තොරතුරු තාක්ෂණ කර්මාන්ත මගින් ලංකාව වසරකදී ඩොලර් මිලියන 375 ක පමණ අපනයන ආදායමක් ලබන බවත් එය අපනයන අංශයේදී විදේශ විනිමය ඉපයීමේ පස්වන ස්ථානයේ තිබෙන බවයි.

“අපේ උත්සාහය 2016 වනවිට මෙම අංශයේ අපනයන ඉපයීම් වසරකදී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කරන්න. ඒ වගේම, 2020 පමණ වනවිට මෙරට වැඩිම අපනයන ආදායමක් ලබන අංශය බවට තොරතුරු තාක්ෂණ අංශය පත් කරන්න.“
යනුවෙන් දේවපුර මහතා වැඩිදුරටත් පැවසීය.
අදාළ සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබෙන්නේ මෙරට තොරතුරු තාක්ෂණ රැකියාවල නියුතු පිරිස අදාළ රැකියාවල වසර තුනක පමණ පළපුරුද්දක් සහිතව රැකියාවල යෙදෙන බවයි.
මෙරට ආර්ථිකයට තොරතුරු තාක්ෂණ අංශය ඉතාමත් වැදගත් යුගයක මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගත් තොරතුරු ඉදිරි කටයුතු සඳහා ඉතාමත් වැදගත් වන බවද දේවපුර මහතා පැවසීය.

1 comment:

  1. niyamaine.ohoma yan
    from nishanoutlook
    http://nishanoutlook.blogspot.com

    ReplyDelete

Total Pageviews

Advertise