Monday, August 15, 2011

තව දින 84 කින් ලෝක ජනගහණය බිලියන 7 යි

ලෝකයේ ජනගහණය
දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද
සතියකට මිලියන 1 .8 කින් ද
වසරකට මිලියන 93 කින් ද
මේ වන විට වර්ධනය වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

එක්‌සත් ජාතින්ගේ ජනගහණ අංශය පවසන පරිදි 2011 වසරේ ඔක්‌තෝම්බර් 31 වෙනිදාට ලෝක ජනගහණය බිලියන 7 ක්‌ ඉක්‌මවයි. ලෝකයේ ජනගහණය දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද සතියකට මිලියන 1.8 කින් ද වසරකට මිලියන 93 කින් ද මේ වන විට වර්ධනය වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

1800 දී මිලියන එකක්‌ව තිබූ ලෝක ජනගහණය 1963 වන විට දෙගුණයක්‌ වී තිබේ. 1987 දී එය 40% කින් වර්ධනය වී බිලියන 5 ක්‌ බවට පත් වී තිබේ. පළමු ලෝක ජනගහණ දිනය පැවැත්වීමට මුල් වූයේ එම කාරණයයි.

ආසියාව ලෝකයේ මුළු ජනගහණයෙන් 60% ක ප්‍රමාණයක්‌ ජීවත් වන ලෙස සලකන අතර එය 2050 දී බිලියන හතරේ සිට බිලියන පහ දක්‌වා වැඩිවන බවට අනාවරණය වී තිබේ.

දැනට සෑම වසරක ම දශලක්‌ෂ 78 ක්‌ පමණ ජනතාවක්‌ ලෝක ජනහගණයට එකතු වීමෙන් ස්‌වභාවික සම්පත් වලට ඇති ඉල්ලුම වැඩිවීමෙන් අප ජිවත් වන පෘථිවියට වැඩි පීඩනයක්‌ ඇති කරවයි. දරිද්‍රතාවය, අසාමනතාවය සහ සම්පත් කෙරෙහි ඇති පීඩනය වැඩිවීම ජනගහණය වැඩිවීමේදී ඇතිවන අභියෝගයන් වන අතර ලෝකය පෙර නොවු ආකාරයට එකට සම්බන්ධව වී ඇති නිසා මෙම ප්‍රශ්න සෑම රටකටම බලපායි. ලෝකයේ ජනගහණය වැඩිවීමත් සමග අද ජීවත් වන සහ අනාගත පරම්පරාව සඳහා අසාමානතා අඩුකිරීමටත් ජීවන මට්‌ටම නගා සිටුවීමටත් නව චින්තනයක්‌ සහ ගෝලීය සහයෝගීතාවයක්‌ අවශ්‍ය වේ. මෙහිදී තරුණ ජනයා බලගැන්වීමත් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීමත්, ස්‌ත්‍රින්ගේ අයිතිවාසිකම් සුරැකීමත් සියලු දෙනාගේ පැවැත්ම ර¹ සිටින ස්‌වභාවික සම්පත් ආරක්‌ෂා කිරීමත් කළ යුතු වේ.

වයස අවුරුදු 10 ත් 20 ත් අතර සිටින කෝටි 180 වන ලොව තරුණ ජනතාවට අපගේ ක්‌ෂණික ගැටළු විස¹ ගැනීම සඳහා නව අදහස්‌ සහ පිවිසුම් ලබා ගැනීමට දායක කර ගත යුතුය. ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීම තුළින් ගැහැනු දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම, නිසි වයසට පෙර විවාහවීම නැවැත්වීම, හදිසි ගැබ්ගැනීම්වලින් වැළකීම සහ HIV ආසාදනයෙන් ඉවත් වී සමාජ සුබසාධනය සඳහා දායක කර ගැනීම පහසුයි. මතු දවසක විවාහයෙන් පසු මවක්‌ වන ඇයට බිහිකරන ළමයින් සංඛ්‍යාව තීරණය කිරීම ස්‌ත්‍රී පුරුෂ භාවය මත පදනම් වන ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව නැගී සිටීම සමාජයේ තම භූමිකාව හොඳින් ඉටුකිරීම ඇයට කළ හැකිය. මේ නිසා ලෝක ජනගහණය වර්ධනය පාලනය කිරීමට මෙන්ම රටක ජනගහණය වර්ධනය පාලනය කිරීමට ද කාන්තාවන්ගේ දායකත්වය ඉහළ මට්‌ටමෙන් ලබාගත යුතුය.


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණයක්‌ ඇසුරෙන්.
හරින්දී ලියනගේ

No comments:

Post a Comment

Total Pageviews

Advertise