Sunday, February 13, 2011

සතුට පිරීමට සරළ ඉඟි - "මනා සබඳතාවක්‌ අපි ගොඩනගා ගන්නේ කෙසේද?"

"මනා සබඳතාවක්‌ අපි ගොඩනගා ගන්නේ කෙසේද?" යන්න අපි අසා ඇති වඩාත් පොදු වූ ප්‍රශ්නවලින් එකක්‌ ලෙස හඳුන්වාදිය හැකිය. එයට ලැබෙන පිළිතුරු අපැහැදිලිය. විවිධය සහ අවුල් සහගතය.

මනා සබඳතාවයක්‌ සඳහා ඔබගේ ආචාර ධර්ම සිහියේ තබාගන්න.

"Please" (කරුණාකර)

"Thank You" (ඔබට ස්‌තුතියි)

"You're Welcome" (ආයුබෝවන් ඔබට) යන සරළ වචන එ සඳහා ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි. දිගු ගමනක්‌ යැම සඳහා ඔබ හැමවිටම ඔබේ සහකරුට සහයෝගය දක්‌වන්න. එවිට ඔහු හෝ ඇය ඔබ කෙතරම් ඔහුට හෝ ඇයට ගරු කරන්නේ ද සහ ආදරය කරන්නේ ද යන්න වටහා ගනීවි. එය එසේ වීමට ඉඩ හරින්න.

* ජීවිතයේ රසවත් භාවය සඳහා විවිධත්වය අවශ්‍ය වේ. අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ මන්දබුද්ධික භාවය සබඳතාවයක අතෘප්තිමත්භාවට ප්‍රධාන සාධකයක්‌ වන බවයි. සැමවිටම අලුත් යමක්‌ කිරීමට උත්සාහ කරන්න. එය ඇතැම් විට සරළ දෙයක්‌ විය හැකිය. ඔබට නුපුරුදු ආපනශාලාවකට ආහාර වේලක්‌ ලබාගැනීම සඳහා ඔබේ ආදරවන්තයා සමඟ හෝ ආදරවන්තිය සමඟ යා හැකිය. එමෙන්ම ලංකාවේ ගමන් නොකළ ප්‍රදේශයක සංචාරය කළ හැකිය. මෙවැනි දේ කිරීම තුළින් ඔබට ඔහු හෝ ඇය සමඟ ළඟින් හිඳිමින් හැඟීම් බෙදාගත හැකියි.
වැඩකරන්න, එකට කාලය ගත කරන්න. දෙදෙනාම කැමති සහ ආදරය කරනා ක්‍රීඩාවක්‌, එසේත් නොමැතිනම් විනෝදාංශයක්‌ කරමින් ඔබ අතර ඇති සබඳතාවයට ප්‍රමුඛත්වය ලබාදෙන්න. කඳවුරු බැඳීම, බයිසිකල් පැදීම වෙනත් ඕනෑම ක්‍රීඩාවක්‌, ඔබ කැමති ඕනෑම දෙයක්‌ දෙදෙනා එක්‌ව කරමින් සතුටුවන්න.

* පුංචි පුංචි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. යමක්‌ කිරීම පිණිස ඵලදායී වාද විවාදවල නිරතවන්න. ඒ සඳහා මෙවැනි නීති රීති මතකයේ තබාගන්න. කිසිවිටෙකත් ඔබේ සහකරුවාට නමින් කතා නොකරන්න. ඊට වඩා සුන්දර විදියට ආමන්ත්‍රණය කරන්න. ඔබ කරනා වාද විවාදවලට විරාමයක්‌ තැබීමටත් අමතක නොකරන්න. අනෙක්‌ තැනැත්තා හෝ තැනැත්තිය ඔහුගේ හෝ ඇයගේ පටන්ගත් වාක්‍ය අවසන් කරන තුරු බලා සිටින්න. ඔබ කෝප වී සිටිනා විට සංවාදයට මුල නොපුරන්න. 




* ඔබ මට උදව් කරනා හෙයින් මමත් ඔබට උදව් කළ යුතුයෑයි සිතන්න. කවුරුවත් අනවශ්‍ය ලෙස අගේ කරනවාට කැමති නැත. නමුත් සෑම කෙනෙකුම සමගියෙන් කටයුතු කිරීමට කැමතිය. එය වර්ණනා කරනු ඇත. ඔබට කැමති දෙයක්‌ කිරීමට අවශ්‍ය නමුත් ඔබේ සහකරු හෝ සහකාරිය එයට කැමතිවේදැයි චකිතයක්‌ ඔබ තුළ පැවතිය හැකියි. එවිට ක්‍ෂණිකවම එයින් ඉවත් වී ගනුදෙනුව සුන්දර කරගත හැකි ක්‍රමයකට යොමුවන්න.
උදාහරණයක්‌ ලෙස ඔබට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත පරිදි සඳුදා රාත්‍රියේ පාපන්දු තරඟයක්‌ නැරඹිය හැකියි. ඉන්පසු ඔබගේ කැමැත්ත පරිදි චිත්‍රපටයක්‌ නැරඹීමට යාමට ඔහුට හෝ ඇයට යෝජනා කළ හැකිය.

* සැමවිටම එක්‌ ඔළුවකට වඩා ඔළු දෙකක්‌ හොඳ යෑයි සිතන්න. සබඳතාවක ආරම්භයේ පදනම තේරුම් ගන්න. වෙනත් ගැටලු රැසක්‌ උරුමවන නමුත් ඔබ වාසිය සඳහා සබඳතාවක්‌ ගොඩනගා ගත යුතුයෑයි නොසිතන්න. තවද ඔහුගේ හෝ ඇයගේ ගැටලු හුදෙක්‌ම ඔවුන්ගේ පැත්තේ සිට සිතා තීරණවලට එළඹෙන්න. එසේ නොවුනහොත් එවැනි සබඳතාවයක්‌ බිඳ වැටෙනු ඇත. ඇතැම් විට ඔබට ඉතිරිවන්නේ යාළුවෙකු පමණක්‌ විය හැකියි.

* සැමවිටම කතා කරමින් ගැටලු නිරාකරණය කරගැනීමට වෙහෙසෙන්න. මිල මුදල්, ආගම, විශ්වාසය, ඉතා ප්‍රබෝධමත් දේ, ඉතා වටිනා දේ වැනි මාතෘකා ගැන එක්‌ව සාකච්ඡා කරන්න. එය හොඳ සබඳතාවයක්‌ ගොඩනගා ගැනීම වෙනුවෙන් ඉතා වටිනා පුරුද්දකි.


හරින්දී ලියනගේ

1 comment:

Total Pageviews

Advertise