Monday, June 27, 2011

ඓශ්චර්යාට නිවුන් දරුවන් ?

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙතිශවේදියෙකු විසින් කාගේත් අවධානය දිනාගත් බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායි 2011 වසරේදී ගැබ්ගනු ඇතැයි අනාවැනි පළකර තිබූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව, ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරන්නේ පවිත් ශන්ගි නම් මෙම ජ්‍යෙතිශවේදියා කී අනාවැකිය මේ වනවිට සත්‍ය වී තිබෙන බවත් ඓශ්චර්යාට නිවුන් දරුවන් හෝ ගැහැණු දරුවෙකු ලැබෙනු ඇතැයි එහිදී ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබෙන බවයි.

මේ අනුව, මේ වනවිට මෙම අනාවැකිය පිළිබඳව බොලිවුඩයේ බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන බව සඳහන්ය.
තමා කී දෙවැනි අනාවැකියද සත්‍ය වනු ඇති බවත් අංක විද්‍යාවට අනුව අභිෂේක් හා ඓශ්චර්යා යන දෙදෙනාම අංක 05 බැවින් බොහෝ දුරට මොවුන්ට නිවුන් දරුන් ලැබීමට වැඩි ඉඩ කඩක් තිබෙන බවත් අදාළ ජ්‍යෙතිශවේදියා විසින් අවධාරණය කරන බව අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියයි.
තම ලේලිය මව් පදවිය ලැබීමට යන බව සුපිරි නළු අමිතාබ් බච්චන් පසුගියදා මුල් වරට හෙළි කළේය.

No comments:

Post a Comment

Total Pageviews

Advertise