ගෝඨාභය සංගාගේ දේශනය අගය කරයි
හිටපු ටෙස්‌ට් ක්‍රිකට් නායක කුමාර සංගක්‌කාර එංගලන්තයේදී සිදු කළ දේශනය තමන් අගය කරන බව ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම මෙම දේශනයේදී කුමාර සංගක්‌කර ත්‍රස්‌තවාදයට එරෙහිව ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදා සිදු කළ මෙහෙයුම් අගය කිරීම ආරක්‌ෂක ලේකම්වරයාගේ නොමඳ පැසසුමට හේතු වී තිබේ.
මීට පෙර කිසිම ක්‍රීඩකයකු ජාත්‍යන්තර තලයේ දේශනයකදී මෙලෙස ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවන්ගේ මෙහෙයුම් අගය කරමින් කතාකර නැතැයිද ආරක්‌ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.2011 කොලින් කවුඩ්රි දේශනය පවත්වමින් කුමාර සංගක්‌කාර පැවැත්වූ කතාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානය යොමුවී තිබිණි.
ඒ වුනාට බූරු සෙල්ලං ඇමතියා අපේ සංගට එරෙහිව පරීක්ෂණ පවත්වන්න යනවා
ReplyDelete