Thursday, December 23, 2010

විකිලීක්ස් මෙවර එංගලන්තයේ රෙදි ගලවයි


මිනිස් අයිතිවාසිකම් ගැන මර හඬ නගන බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් බංගලාදේශයේ පැරාමිලිටරි හමුදා ඛණ්ඩයකට පුහුණුව ලබා දී ඇති බව විකිලීක්ස් මගින් අනාවරණය කරන ලද ඇමෙරිකානු තානාපති පණිවුඩ වලට අනුව හෙළි වී ඇත. මේ බව වාර්තා කරන්නේ එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පතයි. 'ක්ෂණික කාර්ය බලකාය - Rapid Action Battalion (RAB)' නමින් හැඳින්වෙන මෙම හමුදා ඛණ්ඩය පිහිටුවා ගත වූ අවුරුදු 6 ඇතුලත නොපනත් මිනී මැරුම් 1000කට වඩා මොවුන් සම්බන්ධ බව තක්සේරු කොට ඇත.
එවන් එක් තානාපති පණිවිඩයකට අනුව බ්‍රිතාන්‍යය මොවුන්ට මාස 18ක් තිස්සේ පුහුණුව ලබා දුන් බව තහවුරු වෙයි. කෙසේ වුවද ඇමෙරිකාව මෙම කාර්ය බලකායේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සැළකිල්ලට ගෙන ඔවුන්ව පුහුණු කිරීම ප්‍රතික්ෂේප කොට ඇත.
අලුත්ම වාර්තා වලින් දැක්වෙන පරිදි ලඟදී මෙම ක්ෂණික කාර්ය බලකාය විසින් විනාඩි 90ක් ඇතුලත නගර දෙකකදී මිනිසුන් දෙදෙනෙක් මරා දමා ඇත්තේ අවස්ථා දෙකේදීම 'වෙඩි හුවමාරුවක්' ඇති වූ බව කියමිනි.(ගාර්ඩියන් පුවත්පතේ වාර්තාව මෙතනින් බලන්න)  

-ලංකා ටීවී-

No comments:

Post a Comment

Total Pageviews

Advertise