Wednesday, December 15, 2010

වසරකට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නවා


වසරක දී මෙරට බාලවයස්කාර දැරියන් 40, 000ක් පමණ ගැබ් ගන්නා බවට අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. 

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් ‍දැනුවත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බව එම අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ‍ ‍කළේය. 

මෙරට ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන බොහෝ රටවල වසර 18 ට අඩු විවාහ තහනම් බව ඒ පිළිබඳ අදහස් දැක් වූ නීතීඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය. 

එසේ බාලවයස්කාර විවාහයන් සිදුකිරීම තුළින් එම දරුවන් නොව විවාහය සිදුකිරීමට උපදෙස් ලබාදෙන්නන්, එම විවාහයන් සිදුකරගන්නා අය සහ මව්පියන් ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියෙහි වරකරුවන් ලෙස අධිකරණය ඉදිරියට පැමිණවිය හැකි බව ද එම මහත්මිය අවධාරණය කළාය.


- ලංකා ටීවී - 

No comments:

Post a Comment

Total Pageviews

Advertise