Saturday, December 25, 2010

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ගැටකපන්නන් දස දෙනා

කොළඹ නගරයේ ප්‍රධානම පෙළේ ගැටකපන්නන් දසදෙනකු ඇතුළු යාචකයන් 66 දෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර කාන්තාවන් නවදෙනකු ද සිටිති.

ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය මාසයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමේදී මෙම සැකකරුවන් නීතියේ රැහැනට නතුකර ගැනීමට හැකිවිය. මෙම සැකකරුවන් අතර කොළඹ නම් දැරූ ගැටකපන්නන් වන "බෙල්ලෙ කුරුල්ලා", ඉරටයා", හුඹුහුඩුවා" ඇතුළු කීපදෙනකුම සිටින බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම සැකකරුවන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් ගැටකපන්නන්ගෙන් වැඩි දෙනකු වසර විස්‌සකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගිය අය බව පොලිසිය පවසයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට මහතාගේ අධීක්‍ෂණයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

-ලංකා ටීවී-

No comments:

Post a Comment

Total Pageviews

Advertise